රටේ පරිහාණියට හේතුවක් වන පඬි අතිරික්තය
අද මියන්මාහි වෙසක් දිනය. මියන්මා බසින් නම් අද කසොන්. අපේ වෙසක් දිනය හෙට. එසේ වන්නේ පෝය ගණනය කිරීමේ දී කෙරෙන වෙනසක් නිසා වෙන්න ඕන. හොයල බලන්න තවත් පශ්නයක්. පිළිතුර දන්න කෙනෙකු ඉන්නවා නම් ලියා එවන්න. එහෙත් පඬි කතා ඉවත දැමෙනු ඇත.
අද බල පුළුවන් කාරයන් සංචරණ නීති කඩා බිඳ
සංචාරය කරනු ඇති. රට සති දෙකක් වහන්න කියන බටහිර වෙද මහතුනුත් ඒ අතර ඉන්න පුළුවන්.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ පාරෙ දොස්තරලා දකිනවා කිවුවෙ ව්‍යාජ බලපත්‍ර සහිත ව
රියවලින් ගමන් කරන අය ගැන පමණක් ම වෙන්න බැහැ. තම බලපත්‍ර අවභාවිතා කරන්නන් ඉන්න
පුළුවන්. ජනමාධ්‍යවේදීන් පොලීසියෙන් හමුදාවෙන් අහනව සංචරණ සීමා නිසා ඇති වන ප්‍රායෝගික
ගැටළු ගැන. ඔය හැම ගැටළුවකට ම උත්තර නැහැ. එහෙත් නරක ද ඔය ප්‍රශ්න රට වහන්න කියන
බටහිර වෙද මහතුන්ගෙනුත් නිකමට වගේ ඇහුව නම්. ඔවුන් කියන්න පුළුවන් ඔවුන් සෞඛ්‍ය ප්‍රශ්න
ගැන පමණයි කතා කරන්නෙ කියා. ප්‍රායෝගික ගැටළු අනෙක් අය විසඳන්න ඕන කියල. ඔවුන් කතා
කරන ඊනියා සෞඛ්‍ය ප්‍රශ්නයකුත් නැහැ. ඔවුන් කතා කරන්නෙ ප්‍රායෝගික ප්‍රශ්න පමණයි.
ඔවුන් දන්න ප්‍රතිකාරයක් තියෙනවා ද? ඔවුන් දන්නෙ ප්‍රතිකාර ඇති අයට වැට
බඳින්න විතරයි. ප්‍රායෝගික ගැටළු ගැන
ඔවුන්ගෙන් අහන්නෙ නැතිව කාගෙන් අහන්න ද?
බල පුළුවන් කාරකම් නැති අය ලංකාව හා බංග්ලා
දේශය අතර දෙවැනි එක් දින තරගය ගෙදරට වෙලා නරඹාවි. අපි දිනයි ද? ඒත්
අපි ආර්ථිකයෙන් නම් බංග්ලා දේශයට පැරදිලා. එක් වාර්තාවකට අනුව අපි ඔවුන්ගෙන් ඩොලර්
මිලියන දෙසීයක් ණයට ගන්න යනවා. අපේ මාර්තු මාසයේ ඩොලර් සංචිතය බිලියන හතරක්
කියනවා. රජයට ඩොලර් ඕන. අද වන විට බංග්ලා දේශයට බිලියන හතළිස්පහක ඩොලර් සංචිතයක්
තියෙනවලු. කාට ද ආඩම්බරේ. විජය රජු හිතනවා ඇති තමා අපරාදෙ වංගයෙන් (බංග්ලා
දේශයෙන්) ලංකාවට ගියේ කියල.
ලංකාව හැම අතින් ම වගේ පිරිහෙමින් පවතිනවා. ඒකට
වරද කරුවන් දේශපාලනඥයන් පමණක් නො වෙයි. මෙරට පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් ආදීන්
ද වග කියන්න ඕන. ඒ අය රාජ්‍ය තන්ත්‍රයෙ ඕන තරම් දැක ගන්න පුළුවන්. දේශපාලනඥයන්
තිරණයක් ගත්ත ම ඒක ක්‍රියාත්මක කරන්න ඔවුන්ට බැහැ. අර සාමාන්‍ය ව්‍යවහාරය අනුව නම්
අනා ගන්නවා. බටහිර කළමනාකරණය විශ්වවිද්‍යාල පීඨවල උගන්වනවා. ඒත් කිසිවකු ඒ දන්නේ
නැහැ. බටහිර වෙද කමේ වගේ ම විශේෂඥයන් නම් ඇති. ප්‍රශ්නයක් ඇති වුණා ම අපි
දේශපාලනඥයන්ට බැණලා කටේ හිරි ඇර ගන්නවා. නිලධාරීන් හිනහ වෙවී ඉන්නවා.
බුදුන් වහන්සේ සැරියුත් හිමියන් අමතා කළ
අනාගතවංස දේශනාවේ දී සසුනේ
පරිහාණියට හේතුවෙන කරුණු 04 ක් පෙන්වා වදාළ. ඒවා හදුන්වන්නේ
ආසවට්ඨානීය ධර්ම නමින්.
එම ආසවට්ඨානීය ධර්ම 04 නම්
01.
සසුන ඇතිවී දීර්ඝ කාලයක් පැවතීම (රත්තඤ්ඤු මහත්තතා)
02.
සංඝයාගේ ප්‍රමාණය විශාල වීම (වේපුල්ල
මහත්තතා)
03.
සසුනට
ලැබෙන ලාභ සත්කාර බහුල වීම (ලාභග්ග මහත්තතා)
(ලාභ ප්‍රයෝජන බහුලවීමෙන් ඒවා බලාගෙන පැවිදි වන්නන් නිසා පිරිහේ)
04.
සසුනේ
බහුශ්‍රැතයන් වැඩිවීම (බාහුසච්ච
මහත්තතා)
මා සසුන ගැන වැඩිය කතා කරන්නේ නැහැ. හාමුදුරුවරුන් එතරම් දකින්න නැති වුවත් අනෙක්
ධර්ම තුන නම් වත්මන් සසුනට ගැලපෙනවා කියල හිතනවා. අද සසුනේ විවිධ මත තියෙනවා. එ
බාහුසච්ච මහත්තතා කියන්න පුළුවන්. රට ගැනත් ඔය කරුණු කියන්න පුළුවන්. සිංහල
ජාතිය ලෝකයේ පැරණි ම ජාතීන් දෙකෙන් එකක්.
නිලධාරීන්ගේ ප්‍රමාණය (රජයේ සේවයේ විශේෂයෙන්) ඉතා විශාල වෙලා. ඔරොත්තු නොදෙන තරමට
විශාල වෙලා. රාජ්‍ය සේවයට විවිධ ලාභ සත්කාර ලැබෙනවා (තානාපතින්ටත් ලැබෙනවා). ඒ
සියල්ලට ම වඩා රටේ ජාතියේ පඬියන් වැඩි වෙලා. නහයට උඩින් වතුර ගියා වගේ වැඩි වෙලා.
දේශපාලනඥයන් හා පඬියන් එකතු වී පසුගිය දා වරාය
නගර පනත බාල්දු කළා. ඒ පනත ගෙනාවේ අප කැමති වුණත් නැතත් බටහිර ක්‍රමයේ දියුණුවක්
අපේක්‍ෂාවෙන් රට සිංගප්පූරුවක් කිරීමට ආයෝජකයන් ඇද ගැනීමට. ඒ සඳහා සමහර නීති
ලිහිල් කරන්න සිදු වුණා. ඒවා ව්‍යවස්ථාවට පටහැණි නම් ලිහිල් බව ටිකක් නැති කරන්න
තිබුණා. ඒත් විපක්‍ෂය හා පඬියන් මූලික වශයෙන් බෙරිහන් දුන්නේ වරාය නගරය චීන කොලනියක්
වෙන්න යනවා කියා. පනත දෙස බැලුවේ ඒ කෝණයෙන්. ඒ නැති කිරීමට විවිධ සංශෝධන යෝජනා
වුණා. එහි ප්‍රතිඵලයක් හැටියට චීනයෙන් හැර වෙනත් රටවලින් ආයෝජකයන් එයි ද කියන ප්‍රශ්නය
අද තියෙනවා. අවසානයේ දී චීන කොලනියක් වීම කෙසේ වෙතත් චීන ආයෝජකයන් පමණක් දැක ගන්න
ඉඩ තියෙනචා. පඬියන්ට එවිට නින්ද යාවි.
චීනය අපට වඩා පැරණි එක ම රට. අප එයින් යමක්
ඉගෙන ගත්තාට කමක් නැහැ. නමින් කොමියුනිස්ට් වුණත් චීන කොමියුනිස්ට් පක්‍ෂය චීන
ජාතිකත්වය හඳුනනවා. කොන්ෆියුෂියස් ධර්මය අනුව ධුරාවලියේ පඬියන් සිටිය යුතු තැනක්
තියෙනවා. මෙරට පඬියන්ගෙන් රටට ජාතියට
අවැඩක් මිසක් වැඩක් සිිදු වී නැහැ. ඉතා ටික දෙනකු හැරුණු විට දහනවවැනි සියවසේ සිටි පඬියන්ගේ සිට පසුගිය දා
මියගිය ඊනියා පශ්චාත්නූතනවාදීන් දක්වා කර ඇත්තේ බටහිර මතවාද හුදී ජනයාට කියා දීම
පමණයි. කිසිම නිර්මාණාත්මක කාර්යයක් ඔවුන් අතින් සිදු වී නැහැ.
අද බොහෝ දෙනා රාජ්‍ය සේවයට බැඳෙන්නේ විශ්‍රාම
වැටුප ආදී ලාභ සත්කාර බලාගෙන. මා ලාභ ගැන අමුතුවෙන් කියන්නේ නැහැ. රාජ්‍ය ආයතන හා සංස්ථා ඊනියා උගතුන්ට රැකියා
සපයන මධ්‍යස්ථාන බවට පත් වෙලා. සාමාන්‍ය පෙළෙන් එහාට ඉගෙන ගන්නවුන්ගෙන් අති විශාල
බහුතරය බටහිරයන් අතේ නැටවෙන රූකඩ පමණයි. අද මෙරට පඬියන් අතිරික්තයක් ඉන්නවා.
ඔවුන්ට ඇති ජාතිකත්වයක් නැහැ. ඒ වගේ ම අද බල පුළුවන් කාරකම ප්‍රශ්නයක් වෙලා. අපට
ඕන ඊනියා වැදගතෙක් වෙන්න. පඬිකමත් එයට අදාළයි. අප බලන්නේ රටෙන් මොනව හරි ගන්න. ඒක
වරප්‍රසාදයක් වෙන්න පුළුවන්. රටට මොකක් ද දෙන්නෙ කියන එක අපි කල්පනා කරන්නෙ නැහැ.
රටේ ප්‍රශ්න දේශපාලනඥයන්ගෙ කරේ ගහන්න තමයි අපි කටයුතු කරන්නෙ. පඬියන් කියන්නෙ
ශාස්ත්‍රීය දැනුමක් ඇති අය පමණක් නො වෙයි. ශිල්පීය දැනුමක් ඇති අය තමයි අද පඬි
බහුතරය. ඒ කිසිවකුටවත් නිර්මාණාත්මක හැකියාවක් නැහැ.
සිංහල ජාතිය නැති වේය කියා මා කියන්නේ නැහැ.
එහෙත් නැති වීමේ ලක්‍ෂණ පහළ වෙලා. අපට මේ ලක්‍ෂණ හදා ගන්න පුළුවන්. මහාවංසය අනුව
විජය රජු ලංකාවට ඇවිල්ල හෙටට අවුරුදු 2565ක් වෙනවා. ඊට කලිනුත් මෙහේ යක්‍ෂ ආදීන්
හිටියා. ඔවුන් අමනුෂ්‍යයන් නො වෙයි. මොකෝ විජය දරුවන් දෙන්නකු ලබා දුන්නෙ අමනුෂ්‍ය
ප්‍රාණියකුට ද? අපේ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන අපි ආසවට්ඨානීය
ධර්ම ගැන හිත යොමු කරමු.