Main Logo

Showing posts with label Girihandu. Show all posts
Showing posts with label Girihandu. Show all posts

Thursday, 11 June 2020

තපස්සු භල්ලුක, ගිරිහඬු සෑය සහ බුරුමය

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4  5  6  7  8  9





තපස්සු භල්ලුක,  ගිරිහඬු සෑය සහ බුරුමය




අද ලිපියෙන් මුලින් ම කෙරෙන්නේ ගිරිහඬසෑය හා තපස්සු භල්ලුක ගැන පූජ්‍ය සුගුණසිරි හිමියන්ගෙන් ලැබුණු තොරතුරු කිහිපයක් කාටත් දැනගැනීමට සැලැස්වීම ය. එකක් හැර මේ සියල්ල පැරණි පොත්වලිනි. මෙහි මුලින් ම දැක්වෙන්නේ පියදාස සිරිසේන මහතාගේ කතාවකින් උපුටාගත් කොටසක්. මෙහි ධර්මදාස නමැත්තාට තපස්සු භල්ලුක ගැන කෙරෙන හැඳින්වීමක් වෙයි. මෙය සිරිසේන මහතාගේ හිතළුවක් විය නො හැකි ය. තපස්සු භල්ලුක බුරුම ජාතිකයන් බවට මෙරට ඈත අතීතයේ සිට මතයක් තිබී ඇත. සිරිසේන මහතා මෙහි තම චරිතයක් ලවා කියවන්නේ ඒ දැනුමයි. නවකතාවලත් (මෙය නවකතාවක් ද නැත් ද යන්න වෙන ම ප්‍රශ්නයක්) ඉතිහාසය තියෙනවා.