Main Logo

Showing posts with label Non Sinhala Vote. Show all posts
Showing posts with label Non Sinhala Vote. Show all posts

Monday, 14 October 2019

පොහොට්ටුවට අවශ්‍ය ගෝඨාභය පැරදවීම ද?

                    සිංහල ලිත් ඉලක්කම්



පොහොට්ටුවට  අවශ්‍ය ගෝඨාභය පැරදවීම ද?



පොදුජන පෙරමුණ සූදානම් වන්නේ ගෝඨාභය ජනාධිපතිවරණයෙන් පරාජය කරන්න ද? ඇල්පිටියේ ජයග්‍රහණයෙන් පසු එවැනි ප්‍රශ්නයක් ඇසීමට සිදු වීම පවා කණගාටුවට කරුණක්. එහෙත් පොදුජන පෙරමුණේ ඇතැමුන්ගේ උද්ධච්ඡ මානසිකත්වය, ජාතික හා වාම කේන්ද්‍රීය කඳවුරේ අනෙක් පක්‍ෂවලට කුඩම්මාගේ නොව ඊටත් පහළ සැලකිල්ලක් ලබා දීම ආදිය හේතු කොටගෙන ගෝඨාභයට පරාජය අත් කර දීමට ඔවුන් උත්සාහ කරන්නේ දැයි ඇසීමට සිදුව තියෙනවා.

Saturday, 28 September 2019

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම

       සිංහල ලිත් ඉලක්කම් 


විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම  

ජාතික ව්‍යාපාරය විජාතික කිරීමට ඇතැමකු කටයුතු කරනවා. අද වන විට ජාතික ව්‍යාපාරය ශක්තිමත් නැහැ. ඒත් ජාතික ව්‍යාපාරය ගෝඨාභය සමග ඉන්න එක මේ අවස්ථාවේ දී විශේෂයෙන් ම සජිත් විජාතික බලවේගවල අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වී සිටින විට වැදගත් වෙනවා. සජිත් එක්තරා ආකාරයකට ජනතාවත් සමග ඉන්න පුද්ගලයකු ලෙස ඉස්මතු වෙනවා. රනිල් මෙන් නොව සජිත් ජනතාවට සමීපයි