අවුරුදු හතළිහක ශේෂ පත්‍රයෙන් බිඳක්
විවෘත ආර්ථිකයට අවුරුදු හතළිහයි. රනිල්ගෙ දේශපාලන ජීවිතයටත් අවුරුදු
හතළිහයි. මේ කතාකරන්නෙ 1977 ගැනයි. හැත්තෑහතේ මැතිවරණයෙන් එ ජා
පක්‍ෂයට හයෙන් පහක් ලැබුණා. ජේ ආර් අගමැති වුණා. රනිල් මන්ත්‍රීවරයෙක් වුණා. රොනී
ද මැල් මුදල් ඇමති වුණා. විවෘත ආර්ථිකය රටට හඳුන්වා දුන්නා. ඊට පස්සෙ රට දියුණු
වුණා ද? දියුණුව කියන්නෙ මොකක් ද? මහින්දගෙ කාලෙ අධිවේගී මාර්ග ඇතිවුණා. ඒක
දියුණුව ද? අප දැන් මධ්‍යම පර්මාණයේ ආර්ථිකයක්
කියලා කියනවා. මෙරට වාර්ෂික ඒක පුද්ගල ආදායම ඩොලර් කීයක් ද කියලා කියනවා. මා සංඛ්‍යා
ගැන උනන්දුවක් දක්වන්නෙ නැහැ. චම්පකගෙන් අහගන්න පුළුවන් හරියට ම ඩොලර් ගණන කීය ද
කියලා. ඒ කොහොම වුණත් අවුරුදු හතළිකට පස්සෙත් මෙරට මිනිසුන්ගෙන් සෑහෙන පිරිසකට
වේල් තුන ම කන්න ලැබෙන්නෙ නැහැ. එක වේලක්වත් හරියට කන්න නැති පවුල් කීයක් ඉන්නව ද
කියලා දැන ගන්න පඬියකුට සමීක්‍ෂණයක් කරන්න පුළුවන් ද? ඒත් ඒක කරන්න වෙන්නෙ නියැදි තෝරගෙන සංඛ්‍යානය යොදා ගෙන. මේ සංඛ්‍යානය ගැන යම් ප්‍රශ්න තියෙනවා. ඒ
පිළිබඳ ලිපියක් පසුගිය ජූලි 25 වැනි දා සයන්ටිෆික් කමියුනිටි සඟරාවෙ
පළ කරලා තිබුණා. ඒ ලිපිය බටහිර වෛද්‍යවරුන්ට වඩාත් උචිතයි. ඒත් ඔවුන්ට ලිපි
කියවන්න වෙලාවක් නැහැ. පෞද්ගලික වෙදකම (චැනල්) කකරන්න තියෙනවා.