Main Logo

Showing posts with label Pararajasekaram. Show all posts
Showing posts with label Pararajasekaram. Show all posts

Wednesday, 11 September 2019

සංකිලි සිංහල බෞද්ධ ද?

      සිංහල ලිත් ඉලක්කම්


සංකිලි සිංහල බෞද්ධ ද?





අපේ රටේ ඉතිහාසය පිළිබඳ පූර්ව විජය සමයේ සිට අද දක්වා මට බොහෝ දේ කීමට තියෙනවා. ඉඩ ලැබෙන හැටියට ඒ කියන්නම්. මෙය ඒ ලිපි පෙළෙහි එක් ලිපියක් පමණයි.



යාපනයේ ස්වාධීන රාජ්‍ය මිථ්‍යාව යන මැයෙන් පියසිරි අමරකෝන් මහතා පොතක් පළ කරලා. එයට පෙර චන්න ජයසුමන හා සුමේධ වීරවර්ධන යාපනයේ රාජ්‍යය පිළිබඳ ව පොත පත ලියා තිබෙනවා. වෙනත් අයගේ ලිපි ලේඛන ඇසුරෙන් මා ද යාපනයේ ඊනියා දෙමළ ස්වාධීන රාජ්‍යය සම්බන්ධ ලිපි ලියා තියෙනවා. එහෙත් අමරකෝන් මහතා ඒ ලිපි කියවූ බවක් පෙනෙන්නට නැහැ. යාපනයේ ස්වාධීන රාජ්‍යයක් නොතිබූ බවට, ඒ රාජ්‍යය ගම්පොළ හරි කෝට්ටේ හරි සීතාවක හරි යම් ආකාරයක යටත් රාජ්‍යයක් ව තිබූ බවට සාක්‍ෂි තියෙනවා.