Main Logo

Showing posts with label Hambantota. Show all posts
Showing posts with label Hambantota. Show all posts

Sunday, 30 July 2017

හම්බන්තොට වරාය ගිවිසුම

හම්බන්තොට වරාය ගිවිසුම

කවුරු මොනවා කිවුවත් රනිල් තමාට අවශ්‍ය දේ කරන බව ඊයේ හම්බන්තොට වරාය සම්බන්ධ ගිවිසුම අත්සන් කිරීමෙන් පැහැදිලි වෙනවා. ඊයේ ගිවිසුමට බොරු වගන්තියක් එකතු කරලා එකඟතාවකින් ගිවිසුම ඕනෑම අවස්ථාවක සංශෝධනය කරන්න පුළුවන් කියලා. ගිවිසුම අත්සන් කරලා තියෙන්නෙ වරාය අධිකාරිය හා චීන සමාගමක්. ඒ අය එකඟ වීම අදාළ සමාගම් දෙකේ වරාය අධිකාරිය සතු කොටස් සංඛ්‍යාව වැඩි කිරීම සම්බන්ධයෙන් හරි ගිවිසුම අනූනව අවුරුදු බද්දෙන් තිස් අවුරුදු බද්දකට අඩු කිරීම සම්බන්ධයෙන් විය හැකි ද?

Sunday, 26 March 2017

ව්‍යවස්ථාව සඳහා නීතිය නැවීම හා කැඩීම  


ව්‍යවස්ථාව සඳහා නීතිය නැවීම හා කැඩීම



නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර දෙමළ ජාතිවාදයට කප්පන් දීම සඳහා බටහිරයන් හා ඉන්දියාව, විශේෂයෙන් ම ඔවුන්ගේ ඔත්තු සේවා විසින් පිහිටුවනු ලැබූ ආණ්ඩුව රට විකිණීම හා රට බෙදීම තම ප්‍රධාන කාර්යය බවට පත් කරගෙන තිබෙනවා. ආණ්ඩුව විකිණීමට යන්නේ, දැනටමත් විකිණීමට ගිවිසුම් අත්සන් කර ඇත්තේ, උතුරු හා නැගෙනහිර පළාත්වලින් පිට ඇති ඉඩම් හා දේපොළ. උතුරු හා නැගෙනහිර පළාත්වල ඉඩම් හා දේපොළ දෙමළ ජාතිවාදී ඊළමකට ලබා දීමට ආණ්ඩුව අදහස් කරනවා ද? ඒසේ වන්නේ දෙමළ ජාතිවාදයේ අවශ්‍යතාවට ද? හම්බන්තොට ඉඩම් විකිණීම පිළිබඳ දෙමළ ජාතික සංධානයේ ස්ථාවරය කුමක් ද? සුපුරුදු පරිදි ඔවුන්ට ඒ පිළිබඳ ස්ථාවරයක් නැද්ද? සම්බන්ධන්ගේ විරුද්ධ පක්‍ෂ නායකකම උතුරු හා නැගෙනහිර පළාත්වලට පමණක් බව පැහැදිලියි.

Saturday, 25 March 2017

රට විකිණීම


රට විකිණීම



බටහිරයන් මේ ආණ්ඩුව බලයට පත් කළාට ආණ්ඩුව පවත්වාගෙන යන්න ආධාර දෙන්නේ නැහැ. බටහිරයන් ආණ්ඩු පෙරළිමට හා පත් කිරීමට වැඩ කළාට ආධාර දෙන්නේ නැහැ. අද එක්සත් රාජ්‍ය ඒ බව ප්‍රසිද්ධියේ ම කියනවා. බටහිරයන් ඇතැම් විටක සොච්චම් ආධාරයක් දේවි. ඒකටත් කොන්දේසි ගණනාවක් පටවනවා. ආණ්ඩුව හැමදාමත් ජී එස් පී සහනය යුරෝපා සංගමයෙන් බලාපොරොත්තු වෙනවා. ඒත් ඒක බාලගිරි දෝෂය වගේ. අද නෙවෙයි හෙට. එයටත් කොන්දේසි. ඒ කොන්දේසි බොහෝ වෙලාවට දෙමළ ජාතිවාදයට කප්පන් දීම්.



රනිල්ට මේ කාරණා ජේ ආර් මාමාගෙන් දැන ගන්න තිබුණා. ජේ ආර්ට මහවැලියට ඉංගිරිසින්ගෙන් ආධාර ලැබුණත් පස්සෙ ලැබුණු දෙයක් නැහැ. ජේ ආර් ඉන්දියාවට විපක්‍ෂ වෙලා බටහිරට පක්‍ෂ වුණත් බටහිරයන් ජේ ආර් හිතූ විධියට ඉන්දියාවට විරුද්ධව හමුදා එවුවෙ නැහැ. අන්තිමේ අප ඉන්දියාවට යට වුණා. ඉන්දු ලංකා ගිවිසුම අප මත බලෙන් පැටවූවා. නැති ප්‍රශ්නයකට පළාත් සභා ඊනියා විසඳුමක් ලෙස දුන්නා. ජේ ආර් මොනව බලාපොරොත්තු වුණත් බටහිරයන් ඉන්දියාව පිටුපස අපට විරුද්ධව සිටියා. මේ කරුණු සියල්ල ජාතිකවාදී ප්‍රවාදවලින් තේරුම් ගන්න පුළුවන්.