෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල
ලිත් ඉලක්කම්
0 1
2 3 4 5 6 7 8 9
බාලගිරි දෝෂය වැළඳුණු මැතිවරණ කොමිසම හා ඇරිස්ටෝටල්
මැතිවරණ කොමිසමට බාලගිරි දෝෂය හැදිලා. අද නෙවෙයි හෙට. ඒත් මේ හෙට කවද වෙනකම් කල් දාන්න පුළුවන් ද? ඔය හැම එකට ම සීමාවක් තියෙනවා. පරණ පාර්ලිමේන්තුව 2020 සැප්තැම්බරයෙන් පස්සෙ සක්කරයටවත් කැඳවන්න බැහැ. ඒකෙ අවුරුදු පහ පිරෙනවා. එතකොට මැතිවරණ කොමිසම. ඒකත් සදාකාලික නැහැ. සදාකාලික නොවූ ලෝකයක (සම්මුති) සදාකාලික මැතිවරණ කොමිසමුත් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 103 වැනි වගන්තිය යටතෙ කොමිසමේ සාමාජිකයන්ගෙ කාලය අවුරුදු පහකට සීමා කරලා. ඒවා දහනවවැනි සංශෝධනයෙ වැඩ. අපට කරන්න දෙයක් නැහැ.