එකුන් විස්ස හෙවත් දහනවය
සිංහල භාෂාව හරි ම ක්‍රමානුකූලයි. දැන් සිංහලයන්ට ක්‍රමයක් නැති එක වෙන ම ප්‍රශ්නයක්. එකුන් විස්ස කියන්නෙ එකක් අඩු විස්ස. එකක් වැඩි වුණා ම ඒක විසි එක වෙනවා. අද කතාව එකුන් විස්ස ගැන. මෛත්‍රිපාල දහනවයට විරුද්ධ ව කතා කරලා. දහඅටටත් විරුද්ධ කියල කියනවා. හැබැයි එයත් දහඅටට ඡන්දෙ දුන්න. දහනවය සම්මත කර ගන්න එයා සමග තකතීරු යහපාලනේට ගිය ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුනුත් ඡන්දය දුන්න. ඔය දෙකට ම මහින්දත් පක්‍ෂ වුණා. දහඅට සම්මත කර ගත්තෙ මහින්ද ජනාධිපති වෙලා ඉන්න කොට. ඒක සම්මත කර ගත්තෙ මූලික වශයෙන් ම මහින්දට තුන්වැනි වතාවකටත් ජනාධිපති ධුරයට ඉදිරිපත් වෙන්න පුළුවන් වෙන විධියට.