Main Logo

Showing posts with label Conversions. Show all posts
Showing posts with label Conversions. Show all posts

Sunday, 14 January 2018

අදහස් වෙනස් වීම

අදහස් වෙනස් වීම


මිනිසුන් දේශපාලනයේ දී ආගමේ දී පමණක් නොව ගණිතය භෞතික විද්‍යාව වැනි ක්‍ෂෙත්‍රවලත් කටයුතු කරන්නේ හැඟීම් මත පදනම් වෙලා. මේ සෑම ක්‍ෂෙත්‍රයක ම සත්‍යය, ඇත්ත ගැන යම්කිසි නිර්වචනයක් තියෙනවා. ගණිතයේත් එනම් සුද්දන් කියූ විධියට ශුද්ධ ගණිතයේත් යම් ප්‍රමාණයකට වුවත් ඇත්තක් ගැන කියැවෙනවා. ව්‍යවහාරික ගණිතයෙහි ඇත්ත ගැන රඳා පැවැත්ම ශුද්ධ ගණිතයට වැඩියි. අප සියළු දෙනා ම මෙන් අප ඇත්ත දන්නා බව හිතනවා. අනෙක් අය ඇත්ත නොදන්න බව හිතනවා. මාත් එහෙමයි. එහෙත් බොහෝ දෙනා තම තමන් ගැන ඒ බව පිළිගන්නේ නැහැ.