විල්පත්තු සංහාරයට සිංහල බෞද්ධයන් වග කිව
යුතුයි
විල්පත්තු සංහාරය ගැන නැවතත් කතා කරනවා. ඒ සංහාරය ගැන කතා කරන්නන් ඉතා වැඩි පිරිස සිංහල බෞද්ධයන්. සිංහල කතොාලික/ක්‍රිස්තියානි අය ද කිහිප දෙනෙක් ඉන්නවා. එහෙත් දෙමළ මුස්ලිම් අය ඒ ගැන සාමාන්‍යයෙන් කතා කරනු දකින්නට නැහැ. ඒ බවක් ජනමාධ්‍යයෙහි වාර්තා වන්නේ නැති නිසයි මා එහෙම කියන්නේ. විල්පත්තු සංහාරය ගැන පරිසරය පැත්තෙන් මෙන් ම දේශපාලනය පැත්තෙන් ද කතා කරන්න පුළුවන්.