දියගොඩ සැමතැන පෙර ද පසු ද
ක්වොන්ටම් භෞතිකයේ ද්විත්ව සිදුරු පරීක්‍ෂණය ගැන ඇතැමුන්
දන්නවා. භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගලාභී
රිචඩ් ෆයින්මාන් එය තේරුම් ගැනීමට නොහැකි බව ප්‍රකාශ කළා. එහි ඉතිහාසය තරංගවාදය
කරා දිව යනවා. තහඩුවක සිදුරු දෙකක් තුළින් ආලෝක ධාරාවක් යවා එය තිරයක් මත පතිත
කරවීම මෙහි මූලික කටයුත්ත. එසේ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තිරයේ රටා නිර්මාණය වෙනවා.
මේ රටා තේරුම් කර දුන්නේ, මතක තබා ගන්න තේරුම් කර දුන්නේ,
තරංගවාදය මගින්. පසුව ප්ලෑන්ක් ක්වොන්ටම් අදහස
ඉදිරිපත් කළා. අයින්ස්ටයින් ෆෝටෝනය යන සංකල්පයට පසුබිම සකස් කළා. ඉන් පසු ආලෝකය
ෆෝටෝන ලෙසත් තේරුම් කෙරුණා.