දෙවියන් යැදීම
රණවිරු නාවික හමුදා නිලධාරී දසනායකගේ දියණියට එක්සත් ජාතීන්ගේ
සංවිධානයේ බලයෙන් රඳවා ගෙන සිටින අය ගැන සොයා බලන පිරිසක් හමු වී ලිපියක් භාරදීමට
අවස්ථාව දීලා නැහැ. ඒ දැරිය තම පියා වෙනුවෙන් ලිපියක් ඉදිරිපත් කිරීමට යෑම ගැන මා
ඇයට දොස් කියන්නේ නැහැ. දියණියක් ලෙස ඈ බලාපොරොත්තු වන්නේ තම පියා කෙසේ නමුත්
නිදහස් කර ගැනීමටයි. එහෙත් මේ සිද්ධියෙන් අපට බොහෝ දේ නැවත මතක් කර ගැනීමට
පුළුවන්. නැවත මතක් කරන්නේ මේ කරුණු බොහොමයක් අප කලින් කියා ඇති නමුත් බොහෝ
සිංහලයන් ඒ සත පහකට ගණන් ගත්තේ නැති නිසයි. සිංහලයන් අතර මතවාද ආධිපත්‍යය දරන්නේ
ඊනියා ලිබරල් හා මාක්ස්වාදී මත බැවින් මේ අදහස් තවත් බොහෝ කාලයක් නැවත මතක් කරන්න
වේවි.