මියන්මාරය හා ලංකාව
කලකට පෙර සැමුවෙල් හන්ටින්ටන් සභ්‍යත්ව ගැටුම නමින් පොතක් ලිව්වා. එය
ෆ්‍රැන්සිස් ෆුකුයාමාගේ ඉතිහාසයේ අවසානය නමින් ලියූ පොතට ප්‍රතිචාරයක්. ෆුකුයාමාත්
එක්සත් රාජ්‍යවල රටවැසියෙක්. ඉතිහාසයේ අවසානය සෝවියට් දේශයේ කඩාවැටීමත් සමග
ලියැවුණු එකක්. එතෙක් පැවති ඊනියා ධනවාදී සමාජවාදී ගැටුමේ අවසානයත් සමග ඉතිහාසය
අවසන් වී ය යන අරුතින් ලියූවක්. එහෙත් හන්ටින්ටන් කියා සිටියේ සභ්‍යත්ව අතර
ගැටුමක් ඇති වන බවයි. හන්ටින්ටන් තම පොතේ ජාතික චින්තනය ගැනත් සඳහන් කර තිබුණ.
ගුණදාස අමරසේකර සිතුවේ හන්ටින්ටන් ජාතික චින්තනය ගැන හොඳක් කියා තිබූ බවයි. එහෙත්
හන්ටින්ටන් කීවේ ඊනියා ධනවාදී සමාජවාදී ගැටුම නැති වී ඇතිවන සභ්‍යත්ව අතර ඇති
ගැටුමක් ගැනයි.