අපට රෙසිඩන්ට්ලා එපා
ඇමරිකාව නමින් හැඳින්වෙන ඇමරිකාවේ එක්සත් රාජ්‍ය (United States of America) ලෝකයේ අනෙක් රටවල දූෂණ ගැන උනන්දුවක්
දක්වනවා. ඇමරිකාව කියන්නේ මහාද්වීපයක නමක්. එය දකුණු ඇමරිකාව හා උතුරු අමෙරිකාව
යනුවෙන් කොටස් දෙකකටත් බෙදෙනවා. මිනිසුන් කැපූ පැනමා ඇලෙන් අද වෙන් වෙලා තිබුණත්
මේ එකම භූමියක්. කැනඩාව හා මෙක්සිකොව පමණක් නොව චිලී බ්‍රසීලය ආජන්ටිනාව වෙනිස්‍යුලාව
වගේ රටවලුත් ඇමරිකාවේ. එහෙත් ඒ එක රටක්වත් ඇමරිකාවේ ආජන්ටිනාව වගේ නම් දාගෙන නැහැ.