Main Logo

Showing posts with label බටහිර ආධිපත්‍යය. Show all posts
Showing posts with label බටහිර ආධිපත්‍යය. Show all posts

Monday, 18 December 2017

දොස්තර ඒකාධිකාරය 3

දොස්තර ඒකාධිකාරය 3


දොස්තර ඒකාධිකාරය ගැන තව ලිපි කිහිපයක් ම එක දිගට නැති වුවත් ලියන්න ඕන. මේ ලිපි පෙළේ මාතෘකාව වෛද්‍ය ඒකාධිකාරයෙ නොව  දොස්තර ඒකාධිකාරය ලෙස වෙනස් කරනවා. මෙරට බටහිර දැනුම් ආධිපත්‍යය හා සංස්කෘතික ආධිපත්‍යය වඩාත් ම ක්‍රියාත්මක වන්නේ දොස්තර ඒකාධිකාරය මගිනුයි. අපට මෙය අදවත් හෙටවත් බිඳින්න බැහැ. බටහිර ආධිපත්‍යය එතරම් ම බලවත්. එහෙත් කලක් ගත වූ විට මේ ආධිපත්‍යය බිඳ වැටෙවි. එහි දී දොස්තර ඒකාධිකාරයත් බිඳ වැටේවි. එහෙත් ඒ සඳහා තව කල් තියෙනවා.

Friday, 15 December 2017

වෛද්‍ය ඒකාධිකාරය 2

වෛද්‍ය ඒකාධිකාරය 2


වෛද්‍ය ඒකාධිකාරය මැයෙන් මා ලියූ ලිපිය කෙසේ නමුත් දැක ඇති බටහිර වෛද්‍යවරුන් කිහිප දෙනකුට ම කේන්ති ගිහිල්ලා. ඒ අයට තරමක දීර්ඝ පිළිතුරක් දිය යුතුයි. ඒ ඔවුන්ට පමණක් නොව වෙනත් අයටත් දැන ගැනීම සඳහායි. අපි ඔවුන්ට දොස්තරලා කියමු. වෛද්‍යවරයා යනු ගෞරවනීය පුද්ගලයෙක්. ඔවුන් මුදල් හඹා ගියේ නැහැ. එහෙත් දොස්තරලා පොදුවේ ගත්තොත් මුදල් හඹා යනවා. නිදහස් වෛද්‍ය අධ්‍යාපනයක් ගැන කතා කරන දොස්තරලාත් පෞද්ගලික රෝහල්වල රෝගින්ගෙන් දහසින් මුදල් අය කරනවා. අද නිදහස් වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රධාන ආරක්‍ෂකයා ලෙස පෙනී සිටින්නාත් කුඩා ළමුන්ට බෙහෙත් නියම කර මුදල් ගන්නවා. ඒ අතර තම දරුවන්ට දෙවියන්ගෙන් ප්‍රතිකාර ලබා ගන්නවා.