ශ්‍රි පාද අඩවිය මොන සුදු ඒජන්තයට ද?
මේ ලිපි ලිවීමෙන් එතරම් වැඩක් නොවන බව දැන දැනත් ලිපි ලියන්නේ
පුරුද්දට වෙන්න පුළුවන්. මේ ලිපි කියවන්නේ වැඩිපුර ම මහින්දවාදීන්. අද රටේ
ජාතිකවාදීන් ඉන්නේ ඉතා ස්වල්පයයි. ජාතිකවාදීන් ලෙස පෙනී සිටින්නන් බොහෝ දෙනා
දේශපාලන ඉලක්ක ඇති ව වැඩ කරන අය. ඔවුන්ගේ පසුබිම අවසානයේ දී ව්‍යාජ සමාජවාදය.
විශේෂයෙන් ම පැරණි ජ වි පෙරමුණේ ව්‍යාජ සමාජවාදය. මේ අය මහින්දගේ හොඳක් කියන විට මෛත්‍රිපාලගේ
වැරුද්දක් කියන විට රනිල්ට දොස් කියන විට ගම්මන්පිලගේ හෝ විමල්ගේ හෝ ප්‍රකාශයක්
අගය කරන විට සතුටු වනවා. සයිටම් ගැන මොවුන්ට ඇත්තේ නිදහස් අධ්‍යාපනය ඉවරයි වැනි
අඳෝනාවක් පමණයි. එහෙත් නිදහස් අධ්‍යාපනය යනු කුමක් දැයි ඔවුන් දන්නේ නැහැ. ඔවුන්ගේ
ස්ථාවරවල ඇති පරස්පර ඔවුන්ට පෙනෙන්නේ නැහැ. සයිටම් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන්
වැඩ කළේ යැයි කියන එහෙත් තවමත් ජීවත්වන දොස්තරවරුන් ගැන ඔවුන් හිතන්නේ වීරත්වයෙන්.
අද ඇරඹීමට නියමිත දෙමව්පිය මාරාන්තික උපවාසයෙන් අවසානයේ දී වාසි ලබන්නේ රනිල් හා
දෙමළ ජාතිවාදීන්. ඔවුන් පිටුපස බටහිරයන් හා ඉන්දියාව ඉන්නවා.