සිංහල බුද්ධාගම
සිංහල බුද්ධාගම අද වේගයෙන් ක්‍රිස්තියානිකරණය වෙනවා. ඒ අද ඊයේ
පටන්ගත් දෙයක් නො වෙයි. දහනවවැනි සියවසේ අග අප බටහිර නූතනත්වයට යටවීමේ ප්‍රතිඵලයක්.
ඕල්කට් බුද්ධාගම ද එහි එක් අංගයක්. මාක්ස්වාදය බටහිර විද්‍යාව ආදී දැනුම් හා ඒ ආශ්‍රිත
තාක්‍ෂණය ලංකාවේ දී සිංහල බුද්ධාගම ක්‍රිස්තියානි කිරීමට දැඩි බලපෑමක් කර තිබෙනවා.
බටහිර නූතනත්වය මුළුමනින් ම ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත බිහිවූවක්.
එහි අධිපතිවාදී සංස්කෘතිය යුදෙව් ක්‍රිස්තියානියේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි
සංස්කෘතිය. අද වන විට සිංහල බුද්ධාගම ක්‍රිස්තියානිකරණය වීම ඉතා වේගවත් වෙලා.