චින්තනය
චින්තනය පිළිබඳ බොහෝ දෙනාට ගැටළු ඇති බැවින් මගේ ලෝකයේ අදාළ උපග්‍රන්ථය මෙසේ පළ කරනවා. මෙහි ඇති සමහර අදහස් දැන් වන විට වර්ධනය වී තියෙනවා. පරිසර විිද්‍යාවත් ද්විතීයික විද්‍යාවක් ම වුණා. ක්වොන්ටම් භෞතිකය අද වර්ධනය වන්නේත් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ තවත් සුසමාදර්ශයක.
තවමත්
බොහෝ දෙනා ඉන්නේ අසූ ගණන්වල මුල් අවධියේ. ඔවුන් හිතන්නේ අප බටහිර කිසි දැනුමක් යොදා නොගෙන අනුරාධපුරයට බරකරත්තයෙන් ආපසු යා යුතු ය කියා. අප බටහිර දැනුම යොදා ගන්නේ ඇයි ද කියා අසන අයත් ඉන්නවා.
අප
දැනුත් කරන්නේ බටහිර දැනුම යොදා ගැනීමක්. මේ ලිපිය ලියන්නේත් පරිගණයකින්. මා මෙටාව යොදා ගන්නවා. අපට හැකි ආකාරයකට හා අවශ්‍ය ප්‍රමාණයට අප බටහිර දැනුම අවශෝෂණය කර ගන්නවා. එහෙත් බටහිර දැනුම් ආධිපත්‍යය ප්‍රතික්‍ෂෙප කරනවා. අපට ජාතිය (nation)
යනුවෙන් සංකල්පයක් නොතිබූ බව ආදිය ප්‍රතික්‍ෂෙප කරනවා. මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන තම The People of the Lion කෘතියේ කියනවා යුරෝපීය භාෂාවල පවා race යන්න යොදා ගෙන ඇත්තේ දහසයවැනි සියවසෙන් පමණ පසුව කියා. “Since many writers assume that the Sinhala ideology
in its current form has a very old history, it may be relevant to point out
that even in the European languages the word race (Fr. race, Ital, razza) dates
only from about the sixteenth century and that the biological definition of the
term as denoting a group distinct from other members of the species by specific
physiological characteristics is of even more recent origin.” මෙහි වැදගත් වන්නේ (even) කියන යෙදුමයි. අපට හිතන්න පුරුදු කරල තියෙන්නෙ අප සංකල්පීය ව බටහිරයන්ට පසු පසින් ඉන්නවා කියා, අප යමක් ලබා ගන්න ඕනෙ බටහිරයන්ගෙන්. මා ඒ අදහස් ප්‍රතික්‍ෂෙප කරනවා. අප ජාතිය හදාගන්නත් ඕන යුරෝපීයන්ට පසුව. මෙරට සිංහල දේශය ලෙස හතරවැනි සියවසේ පමණ ලියැවුණු බව කියන දීපවංසයේත් සඳහන් වෙනවා. අපට රැහැ කියන වචනය පුරූදුයි. අපේ රැහේ කියා අප කියනවා. අප
යම් යම් දේ අවශ්‍ය පරිදි බටහිරින් අවශෝෂණය කරනවා. එහෙත් හැම දෙයක් ම නොවෙයි. එ කරන්නෙත් අවශෝෂණයක්.
අපට
තිබුණේවෙන ම දැනුම් පද්ධතියක්. අපට පමණක් නොව විවිධ සංස්කෘතීන්ට විවිධ දැනුම් පද්ධති තිබුණා. එහෙත් අද අප සියල්ලන් ම එක ම දැනුම් පද්ධතියකට පමණක් යටවෙලා.
මේ
සියලු දැනුම් පද්ධති බොරු . අපේ දැනුම් පද්ධතියත් බොරු. අප වැඩ කරන දැනුම එහෙමත් නැත්නම් වැඩ කරන හිතළු යොදා ගන්නවා. අප කරන්නේ අනිච්ච දුක්ඛ (හිස් බව) අනත්ත පිළිබඳ අවිද්‍යාව නිසා බොරු (මායාවන්) සංස්කරණය එහෙමත් නැත්නම් අභිසංස්කරණය කිරීම පමණයි.
එයට
අමතර ව මේ උපග්‍රන්ථයෙහි අනුකරණය ආරෝපණය හා අවශෝෂණය ගැන කියැවෙනවා. දැනුම නිර්මාණය කිරීමක් ගැනත් කියනවා. ඒ සඳහා මා දැන් යොදා ගන්නා වචනය අභිසංස්කරණය යන්නයි. එවිට දැනුම සම්බන්ධයෙන් අපට අනුකරණය ආරෝපණය අවශෝෂණය හා අභිසංස්කරණය ගැන කියන්න පුළුවන්.
මා
සියලු දැනුම් බොරු කියන අතර වියුක්ත (අමුර්ත) දැනුම් පට්ටපල් බොරු කියනවා. බොරු හා මුසාව අතර මා වෙනසක් දකිනවා. බොරුවක් වූ පුටුවකට බොරුවක් වූ මේසයක් යැයි කීම මුසාවක්.