කටු
ලෙවකන්නන් බිහි කරන අධ්‍යාපනය
මෙරට අධ්‍යාපනය ලෝකයේ බොහෝ රටවල අධ්‍යාපනයෙන් වෙනස් වෙන්නෙ නැහැ. අපට ලැබෙන්නේ කටු ලෙවකන අධ්‍යාපනයක් කිවුවොත් වැරුද්දක් නැහැ. මේ අධ්‍යාපනය වෘත්තියාභිමුඛ අධ්‍යාපනයක් කියා හිතන් හිටියට එහෙම එකකුත් නො වෙයි. එය කිසිසේත් ම ප්‍රාඥයන් බිහි කරන අධ්‍යාපනයකුත් නො වෙයි. ඉන් බිහි වෙන්නෙ කටු ලෙවකන උගතුන් ටිකක් පමණයි. මේ කටු අන් කිසිවක් නොව බටහිර පඬියන් විසි කරන කටු. අවශ්‍ය ම නම් ඥානකටු කියන්න.
ලෝකයේ
අද වන විට හැම තැනක ම ඇත්තේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව අධ්‍යාපනයක්. ඒ ඒ යටත්විජිත රටවල වැඩි වෙනසක් නැහැ. ඒත් ඉන්දියාව චීනය ජපානය වගේ රටවල් කිහිපයකට යම් පැරණි සම්ප්‍රදායක් රැක ගැනීමට පුළුවන් වෙලා තියෙනවා. ඉන්දියාව චීනය හිතා මතා සම්ප්‍රදායක් රැක ගත්තා කියන්න බැහැ. ඔවුන්ගේ සම්ප්‍රදාය දැනුම අභිසංස්කරණයට යොමු වූ සම්ප්‍රදාය කියන්න පුළුවන්. ජපානය නම් සැලැස්මක් ඇතුව බටහිර අධ්‍යාපනය ලබා ගත්ත රටක්. ඒත් මේ හැම රටක ම අද අධ්‍යාපනය තරගයක් බවට පත් වෙලා.
මා
දන්නා කාලයේ ඉඳන් අප අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරනවා. ලංකාවේ හැම දෙයක් ම වගේ එයත් කතාවට සීමා වෙලා. ප්‍රතිසංස්කරණය කරන්න යන්නෙ මේ අධ්‍යාපනයෙන් ම බිහි වුණු උගත්තු. ඔවුන්ට කරන්න පුළුවන් බටහිර රටකට ගිහින් එහෙ තියෙන දෙයක් අපට හැකි පමණින් මෙහෙ කරන එක පමණයි. බොහෝ යටත්විජිත රටවල එහෙමයි. අප හැමදාමත් කියන්නෙ එක්කො රැකියාවලට සුදුසු අධ්‍යාපනයක් ලැබෙන්නෙ නැහැ එහෙම නැත්තන් ලැබූ අධ්‍යාපනයට සුදුසු රැකියා නැහැ කියලා. අපේ අධ්‍යාපනයත් අපේ රැකියාත් අපට බටහිරින් විශේෂයෙන් ම එංගලන්තෙන් පැටවූ දේ. අප අවසානයේ දී එක් දෙයක් නම් කරල තියෙනවා. පිරිවෙන් අධ්‍යාපනයත් බටහිරට අවශ්‍ය පරිදි සකස් කර තියෙනවා.
අපි
පොඩ්ඩකට ඉතිහාසයට යමු. දැන් උගත් පඬි නැට්ටන් අහාවි ඉතිහාසයට යන්න මට තියෙන සුදුසුකම මොකක් ද කියල. ඒකත් බටහිර දැනුම වෙන් කිරීමෙන් වැරදියට අල්ල ගත්ත කතාවක්. මා ලබා ගත් එහෙත් මගේ පූරුවෙ පිනකට කැඩෙන්න පුළුවන් වුණු අධ්‍යාපනයෙ ඉතිහාසය ගැන හොයල බලන්න, අපේ රටේ ඉතිහාසය, මගේ සංස්කෘතියෙ ඉතිහාසය ගැන හදාරන්න මට තහංචි පනවන්න පුළුවන් කාට ද? කටු
ලෙවකන්නන්ට ද?
ලන්දේසි කාලෙත් පාසල් පිහිටෙවුව. ඔවුන්ගෙ මූලික අරමුණ වුණෙ රෙපරමාදු ආගමට සිසුන් හරවා ගන්න එක. ඒ පාසල් කුල පාසල් වුණා. ඒ කියන්නෙ ඒ ඒ කුලවලට වෙන වෙන ම පාසල් තිබුණා. මේ ගැන විස්තරයක් ආනන්ද ජයසිංහ මහතා රිච්මන්ඩ් විදුහලේ ඉතිහාසය ගැන ලියූ පොතේ තියෙනවා. ඉංගිරිසින් එයට වඩා වෙනස් වුණා. ඔවුන්ට අවශ්‍ය වුණේ මැකෝලිගෙ අවජාතක දරුවන් බිහි කරන්න. ඒ කියන්නෙ හමෙන් දුඹුරු සිතුම් පැතුම්වලින් සුදු අවජාතකයන් බිහි කරන්න. ඔවුන් කුල පාසල් ඇති කෙළේ නැහැ. එහෙත් පාසල් කුල ඇති කළා.
ආනන්ද
ජයසිංහ මහතාගෙ පොතේ තියෙනවා රාජකීය විදුහල කොළඹ ඇකඩමිය ලෙස පටන් ගත්ත දවස්වල විවිධ කුලවල අය තම දරුවන් වෙනත් කුලවල දරුවන් සමග එකට ඉගෙන ගැනීමට විරුද්ධ වුණු බව. එහෙත් ඉංගිරිසින් ඒ ගණන් අරන් නැහැ. රිච්මන්ඩ් විදුහල පිහිටුවල තියෙන්නෙ 1814 දි මෙතෝදිස්ත මිෂනාරිවරුන්. ඒ පිහිටුවල තියෙන්නෙ 1814 දි කියල ජයසිංහ මහතාගෙ පොතේ තියෙනවා. ඒ සඳහා සාධකත් ඉදිරිපත් කරල තියෙනවා. අද මෙතෝදිස්ත සභාවත් ඒ බව පිළිගන්නවා.
මෙහි
දී මට කියන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. මේ 1814 කතාව සනාථ කෙළෙ අදෘශ්‍යමාන බලවේග සමග සන්නිවේදනය කරන්න පුළුවන් අය. මෙහි වැදගත්කම තියෙන්නෙ අපේ ක්‍රමයකින් දැනුම ලබා ගැනීම පමණක් නො වෙයි. මෙතෝදිස්ත සභාවෙ පාසලක ඉතිහාසය ගැන අපේ ක්‍රමයකින් දැනුම ලබා ගැනීම. එසේ ලබා ගත් දැනුමට බලාපොරොත්තු විය යුතු පරිදි ම ඇතැමුන් විරුද්ධයි. ඔවුන් ඊනියා විද්‍යාඥයන් වෙන්න ඇති.
මේ
උදාහරණය අපේ අධ්‍යාපනය ගැන කතාවක් කියනවා. අපට පාසල්වලින් මොටාවෙන් ලැබෙන කටු ලෙවකන අධ්‍යාපනයෙන් කියන්නෙ අපේ දැනුම මිථ්‍යා බව හා බටහිර පඬියන්ගෙන් ලැබෙන දැනුම ඊනියා විද්‍යාත්මක බව. අද අප ලබා ගන්න අධ්‍යාපනයෙන් අපට ලබා දුන් රැකියා කරන්න ඕන. මේ කටු ලෙවකන අධ්‍යාපනයෙන් නිර්මාණශීලි පුද්ගලයන් බිහි කෙරෙන්නේ නැහැ. බිහි කෙරෙන්නේ කටු ලෙවකන්නන් පමණයි.
බටහිරයන් තම අධ්‍යාපනයෙන් නිර්මාණශීලි පුද්ගලයන් බිහි කර ගන්නවා. ඒ අධ්‍යාපනය සකස් වී ඇත්තේ ඔවුන්ගේ චින්තනයෙහි ඔවුන්ගේ සංස්කෘතියෙහි. අපේ චින්තනය වෙන ම එකක්. අපේ චින්තනයෙහි බටහිර චින්තනයේ දැනුම නිර්මාණය කරන්න බැහැ. අපට කරන්න පුළුවන් බටහිර පඬියන් විසි කරන ඥානකටු වලිගය වනමින් ලෙවකන්න පමණයි. පඬි නැට්ටන් කරන්නේ එයයි. කිහිප
දෙනකුට පමණක් ඔවුන්ගේ රැකියා කිරීමට පුහුණූවක් ලැබෙනවා. අනෙක් අයට රැකියාත් නැහැ. රැකියාවක් ලැබුණත් කරන්න පුහුණුවක් ලැබෙන්නෙ නැහැ.
පඬි නැට්ටන්ටත් තම සිංහල බෞද්ධ සංස්කෘතියෙන් චින්තනයෙන් මිදෙන්න බැහැ. එහෙත් විවිධ හීනමාන අධිමාන නිසා ඔවුන්ගෙ අභිමානය නැති වෙලා. ඔවුන් තම හීනමාන වහා ගන්න සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දෙනවා. වමත් නැති ඔවුන්ට විකල්පයක් ඇත්තෙත් නැහැ.