Main Logo

Wednesday 21 June 2023

අයින්ස්ටයින්ගෙ වැරැද්ද අපේ පිහිටට

 

අයින්ස්ටයින්ගෙ වැරැද්ද අපේ පිහිටට

 

ඊයේ පටන් ගත් කතාව තව දුරටත් කියන්න ඕන. අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්‍ෂතාවාදය තමයි සම්භාව්‍ය එහෙමත් නැත්නම් පැරණි භෞතික විද්‍යාවෙ ගොතන ලද අග්‍ර ඵලය. එහෙමත් නැත්නම් හොඳ කතාව. මා හිතන හැටි වෙන්න පුළුවන්. කතාව වෙන කිසිවකුටවත් ගොතන්න පුළුවන් එකක් නොවන්න පුළුවන්. භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගලාභී රිචඩ් ෆයින්මාන් වරක් කිවුවේ අයින්ස්ටයින් කතාව ගොතපු හැටි තමාට හිතා ගන්නවත් බැහැ කියල. ෆයින්මාන් කතාව ගොතපු බවක් කිවුවෙ නැහැ. ඔහු කිවුවෙ අයින්ස්ටයින් ගැන හිතුවෙ කොහොමද කියන එක තමාට හිතා ගන්න බැරි බව. ෆයින්මාන්ගෙ පුරුද්දක් තිබිල තියෙනවා යම් පත්‍රිකාවක සාරාංශය කියවල එහි අඩංගු වෙන කරුණු තනියම හිතාගන්න පුළුවන් කියල බලන්න.

 

ක්වොන්ටම් භෞතිකය වෙන කතාවක්. ඒක වෙන චින්තනයක ගොතපු කතාවක්. එය බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙන් පිට ගෙතුන එකක්. එයට මුල දි අයින්ස්ටයින් දායක වුනත් පස්සෙ කැමති වුනෙ නැහැ. එය බෝර් ෂ්රොඩිංගර් හයිසන්බර්ග් වැනි චීන හා භාරතීය අදහස් ගැන දැන සිටි භෞතික විද්‍යාඥයන් අතින් ගෙතුන එකක්. බෝර් තම ලාංචනයට යොදා ගත්තෙත් චීන යින් යැන් සංකේතය. ෆයින්මාන් තවත් වරක කියල තියෙනවා කිසිවකුටවත් ක්වොන්ටම් භෞතිකය තේරෙන්නෙ නැහැ කියා. මගේ කල්පනාව එය වෙන සත්භාවයක (ontology) ගෙතුන එකක් කියල.

 

ඇපල් වැටෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙට නිවුටන් දුන්න උත්තරේ එහෙමත් නැත්තන් හිතළුව වුනෙ ගුරුත්වාකර්ෂණ බලය කියන එක. හිතළුවට එකලත් විරුද්ධතා පැන නැගුණා. එහි යම් වස්තුවක් කොපමණ ඈතින් තිබුණත් වෙනත් වස්තුවක් මත ගුරුත්වාකර්ෂණ බලයක් ක්‍ෂණික යෙදෙවුව. නිවුටන්ටත් ඒක එහෙම වෙන්නෙ කොහොමද කියල කියන්න බැරි වුනා. ඒත් හිතළුව පොළොවෙ වැඩ කළ නිසා ග්‍රහවස්තු සම්බන්ධයෙන් වැඩ නොකළත්  පිළිගැනීමට ලක් වුනා. මට ඔය මහා පොළොවෙ යථාර්ථය ගැන කියන අය සිහි වෙනවා. මොන කෙහෙල්මල් යථාර්ථයක් ? වැඩ කරන හිතළු පමණයි. අවිද්‍යාව ඇති විට ඇති වෙන සංස්කරණ පමණයි. අවිජ්ජා පච්චයා සංඛාරා.

 

අයින්ස්ටයින් ඇපල් වැටෙන්නෙ කොහොමද කියන එකට වෙන උත්තරයක් දුන්නා. එය ඉතාමත් වියුක්තයි. අයින්ස්ටයින් යුදෙවුවෙක් බව අමතක කරන්න එපා. ඔහු කිවුවෙ ද්‍රව්‍ය හා විකිරණ මගින් අවකාශ කාලය තීරණය වෙනවා එහෙමත් නැත්තන් නීර්ණය වෙනවා කියලා. පස්සෙ කාලෙක දි ජෝන් වීලර් කිවුවෙ ද්‍රව්‍ය විසින් අවකාශ කාලය නීර්ණය කෙරෙන අතර ද්‍රව්‍ය අවකාශ කාලයෙ චලනය වෙනව කියල. කොහොම හරි අයින්ස්ටයින් ඉදිරිපත් කරපු හිතළුවට අර ක්‍ෂණික සිදුවන ක්‍රියාව අවශ්‍ය වුනෙ නැහැ. දැන් ඉතින් ඇපල් වැටෙන්නෙ ගුරුත්වාකර්ෂණ බලය හින්දා නොවෙයි අවකාශ කාලයෙ වක්‍රතාව හින්ද. අපේ ඉන්න ප්‍රබුද්ධ විද්‍යාඥයකුට බැරි පොල් වැටෙන්නෙ කොහොම කියන එකට අලුත් කතාවක් ගොතන්න.

 

අයින්ස්ටයින්ගෙ හිතළුවෙ එක් ප්‍රතිඵලයක් හැටියට ආලෝකය විශාල ස්කන්ධයක් ඇති වස්තුවක් ළඟින් යන කොට නැවෙන්න ඕන. සරල රේඛාවක යන්න බැහැ. අපි දන්න කාචවලින් කෙරෙන්නෙත් ආලෝකය නවන එක. ගමන් මාර්ගය වෙනස් කරන එක. අප පළඳින ඇස් කණ්නාඩිවලින් කෙරෙන්නෙත් ආලෝකය නවන එක. ඒක නීතිය නවනවට වඩා ලෙහෙසි කියල මා දන්නෙ නැහැ. කොහොමත් විශාල ස්කන්ධ ඇති වස්තු ආලෝකය නවන නිසා ඒවට ගුරුත්වජ කාච (gravitational lenses) කියල කියනවා. ගුරුත්වජ කාච මගින් ඈත තියෙන තාරකාවල දීප්තිය වැඩි කරනවා. 

 

මා පශ්චාත් උපාධිය සඳහා මේ ගුරුත්වජ කාච ගැන හැදෑරුවා. එකල ගැන එතරම් උනන්දුවක් තිබුණේ නැහැ. ක්වේසාර (Quasars) කියන්නේ ගුරුත්වජ කාච මගින් දීප්තිමත් වූ තාරකා වර්ගයක් යන අදහසක් එකල තිබුණා. මගේ හැදෑරීමෙන් මූලික කෙරුණේ අදහස වැරදි බව පෙන්වීම. හැදෑරීමේ දී මා ගුරුත්වජ කාච මගින් තාරකාවක ප්‍රතිබිම්බ කීයක්  හැදෙන්න පුළුවන් කියා හොයා බැලුව. ආලෝකය කාචයට පිටින් ගමන් කරන විට සාමාන්‍ය තත්වයන් යටතේ ප්‍රතිබිම්බ දෙකක් හැදෙන්න පුළුවන් බව දැන හිටියා. එහෙත් මට අවශ්‍ය වුනා කොයි එකටත් කාචය තුළින් ආලෝකය ගමන් කළොත් මොකද වෙන්නෙ කියා දැන ගැනීමට. මට ලැබුණු පිළිතුර වුනෙ ප්‍රතිබිම්බ පහක් හරි තුනක් හරි කියන එක. ඒක අමාරු ගණනයක් නො වෙයි. අමාරු නම් මෝඩ මැන්ටලයකට  පුළුවන් වෙන්න බැහැ. එකල නම් මැන්ටලයක් නොවෙයි. අවුරුදු විසිපහක භද්‍ර කොහොම වෙතත් යෞවන වියේ.

 

ඒක නිබන්ධයේ පමණයි සඳහන් කෙළේ. සම්බන්ධයෙන් ලියූ පත්‍රිකාවල ප්‍රතිබිම්බ සංඛ්‍යාව ලිවුවෙ නැහැ. ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ලිවුවයි කියල නොබෙල් තෑග්ග ලැබෙන්නෙ නැහැ.  මෙහි සාමාන්‍ය තත්වය කියන්නෙ මොකක් කියල කියන්න ඕන. පොළොවත් ගුරුත්වජ කාචයත් යා කරන අක්‍ෂයේ තාරකාව නොපිහිටි අවස්ථාව තමයි සාමාන්‍ය තත්වය කියා මා කියන්නෙ. එවිට තමයි පොළොව කාචය හා තාරකාව පිහිටි තලයේ  කාචයට පිටින් ආලෝකය ගමන් කරනවා නම් ප්‍රතිබිම්බ දෙකකුත් කාචය තුළින් ගමන් කරනවා නම් ප්‍රතිබිම්බ පහක් හරි තුනක් හරි හැදෙන්නෙත්. අසාමාන්‍ය තත්වය වෙන්නෙ තාරකාව පොළොව හා කාචය පිහිටි අක්‍ෂයේ පිහිටි අවස්ථාව. එවිට අර ප්‍රතිබිම්බ හැදෙන්න නිශ්චිත තලයක් නැහැ. කියන්නෙ හැම තලයෙ ප්‍රතිබිම්බ. අක්‍ෂය වටේ ප්‍රතිබිම්බ. එවිට ප්‍රතිබිම්බ වළල්ලක් හැදෙනවා. එයට අද අයින්ස්ටයින් මුදුව (Einstein Ring) කියා කියනවා.  මේ සමග අයින්ස්ටයින් මුදුවක ඡායාරූපයක් පළ කරනවා.

 

ඔය බටහිර විද්‍යාව කියන එක සර්වතෝභද්‍ර දැනුම් පද්ධතියක් කියා හිතන් ඉන්න අයට පොඩි කතාවක් කියන්න තියෙනවා. අයින්ස්ටයින් තම සාධාරණ සාපේක්‍ෂතාවාදයේ කතාව විශ්වයට යෙදුව ඔහුට ලැබුණෙ ප්‍රසාරණය වෙන විශ්වයක්. වුනත් එකල දැන ගෙන හිටිය විධියට විශ්වය ස්ථිතිකයි. ප්‍රසාරණය වෙන්නෙ නැහැ. බටහිරයන් අග්ගඤ්ඤ සූත්‍රය දැනගෙන හිටියෙ නැහැ. දැනුත් දන්නෙ නැහැ. අයින්ස්ටයින් තම සමිකරණවලින් ස්ථිතික විශ්වයක් ලබා ගැනීමට සාක්කුවෙන් අරන් නියතයක් එකතු කළා. ඒකට දැන් විශ්වවේදී නියතය (cosmological constant) කියල කියනවා. ඒත් පස්සෙ ජෝර්ජ් ලෙමෙයිටර් (Georges Lemaître) නම් බෙල්ජියන් කතෝලික පූජකවරයකු අර ස්ථිතික විශ්වය යොදා ගෙන මන්දාකිණි පොළොවෙන් (සෞර්ය ග්‍රහ මණ්ඩලයෙන්) ඉවතට යන බව පෙන්නුව. අයින්ස්ටයින් සමග එකඟ වුනෙ නැහැ.  ඒත් පස්සෙ එඩ්වින් හබල් දුරේක්‍ෂයෙන්  බලල පෙන්නුව විශ්වය ප්‍රසාරණය වෙනවා කියලා. අයින්ස්ටයින් පස්සෙ කිවුව විශ්වවේදී නියතය එකතු කිරීම තම ජීවිතයෙ කළ ලොකුම වරද කියල. බටහිර විද්‍යාව ඔහොම තමයි. පාසලේ හා මොටාවෙ ඒව කියන්නෙ නැහැ.

 

මොනව වුනත් අද විශ්වවේදී නියතය පිළිගැනෙනවා. දැන් කලකට පෙර විශ්වය මේ දිනවල හැටට හැටේ නැත්නම් ත්වරණයකින් ප්‍රසාරණය වෙනවා කියල දැන ගත්ත දේ තේරුම් කරන්නෙ නියතය ආධාරයෙන්. බව දැනගත්ත අයට නොබෙල් තෑග්ගත් ලැබුණ. ඉන් එක් අයකු කැලිෆෝනියාවෙ ඉන්නෙ පර්ල්මටර් කියල. ඔහුත් යුදෙවුවෙක්.

 

ඔය නියතය මට වැදගත්. කැලණිය විශ්වවිද්‍යාලෙ මා සමග පශ්චාත් උපාධි හදාරපු අයගෙන් වසන්ත කටුගම්පොළත් කුමුදුමලී ජයකොඩිත් මේ නියතය ගැන තවදුරටත් හැදෑරුවා. වසන්ත ඊනියා විශ්වවේදී නියතය විචල්‍යයක් ලෙස අරගෙන සංවට්ට කප්ප විවට්ට කප්ප විශ්ව ආකෘතියක් තැනුවා. කතා බටහිරයන් පිළිගනීවි කියා හිතන්න එපා. කුමුදුමලී නියතයක් ලෙස ගෙන කාචයට පිටින් ආලෝකය ගමන් කරන විට කිනම් කෝණයකින් නැවෙනවා යන්න ගණනය කළා. දෙදෙනා දක්‍ෂයන්. තරුණයි. ඒත් අර වරද්දා ගත් අය වගේ නොවෙයි.

 

කුමුදුමලීගෙ ගණනය කිරීම් මා ඊයෙ ඉල්ල ගත්තා. අනුව විශ්වවේදී නියතය සමග වූ විශ්වයක ආලෝකය කාචයට පිටින් යන අවස්ථාවෙ ප්‍රතිබිම්බ කීයක් හැදෙනවා කියා ගණනය කළා. එය ඉතා සරල වැඩක්. මැන්ටලයකට වුනත් කරන්න පුළුවන්. අර සාමාන්‍ය අවස්ථාවක ප්‍රතිබිම්බ පහක් ලැබෙනවා. එකක් අක්‍ෂය මත . අනෙක් හතර අක්‍ෂයෙන් පිට යම් සමමිතිකතාවකින්. මගේ උපාධි නිබන්ධනයෙ තියෙන ප්‍රතිබිම්බ පහ අක්‍ෂයෙන් පිට.  මේ කතාව ඊට වඩා හොඳයි. අර අයින්ස්ටයින් කතිරයෙ ඡායාරූපය බලන්න. අසාමාන්‍ය අවස්ථාවෙ අයින්ස්ටයින් මුදුවත් ලැබෙනවා. මොනව කරන්න ?