Main Logo

Sunday 11 June 2023

පොහොට්ටුව රනිල් තව දුරටත් බලයේ තබා ගන්නවා ද?

 

පොහොට්ටුව රනිල් තව දුරටත් බලයේ තබා ගන්නවා ?

 

රනිල් වික්‍රමසිංහ තමා බලයට පත් කළ අය වෙනුවෙන් කටයුතු කරන්න පටන් ගත්තේ ජනාධිපති වී ටික කලකින්. අද වන විට ඔහු  ඉක්මණින් කාර්යයන් කිරීමට වෙහෙසෙනවා. අනුර මනතුංගට පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දන්වා ඇත්තේ අය වෙනුවෙන්. එහෙත් මේ කාර්යයන් ඔහුගේ ප්‍රතිපත්තිවලට එකඟයි. ඔහුට හා බටහිරයන්ටත් ඉන්දියාවටත් අවශ්‍ය මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විය යුතු විශේෂත්වය නැති කිරීමයි.

 

ආරංචි හැටියට මනතුංගට ඉල්ලා අස්වීමට කියා ඇත්තේ කුරුන්දි විහාරය අවට පුරාවිද්‍යා පනත යටතේ ඇති ඉඩම් යම් ප්‍රමාණයක් ඊනියා ජනතාවට ලබා දීමට ජනාධිපති කී නමුත් නොකළ නිසා. මේ ඉඩම් පුරාවිද්‍යා පනත යටතේ ඇති ඉඩම් නම් ඊනියා ජනතාවට ලබා දීම නීති විරෝධි වැඩක්. නීති විරෝධි වැඩක් නොකළ පමණින් මනතුංගට තම ධුරයෙන් ඉල්ලා අස්වීමට කීමට ජනාධිපතිවරයකුට හැකි ? මා නම් හිතන්නේ මනතුංග ඉල්ලා අස් නොවිය යුතු බවයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් පොහොට්ටුව ගන්නා තීරණය කුමක් ? පොහොට්ටුවට කුරුන්දි විහාරය අවට ඉඩම් වැදගත් නැත් ?

 

පොහොට්ටුච රනිල් පත් කර ගත්තේ ගෝඨාභයගේ ප්‍රතිපත්ති ක්‍රියාත්නක කිරීමට මිසක් බටහිර හා ඉන්දීය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නො වෙයි. කුරුන්දි ඉඩම් ඊනියා ජනතාවට බෙදා දීම ගෝඨාභය ප්‍රතිපත්තිය ? අද රනිල් ගෝඨාභය පත් කළ නිලධාරීන් ආණ්ඩුකාරයන් අස් කරනවා. තනතුරුවලට තම හිතවතුන් පත් කරනවා. පොහොට්ටුච බකන් නිලා ගෙන ඉන්නවා.

 

රනිල් බලයට පත් කෙරුණේ බටහිර සැලසුමකට අනුව. එය මෙහෙයවුනේ එංගලන්තයෙන්. මෙටාව උපයෝගි කරගෙන ක්‍රියා කළ පුද්ගලයන් එංගලන්තයට සම්බන්ධ අය. පරගලයට මුදල් යෙදෙවුවේ කවුද කියන එක දැන ගැනීම අසීරු කරුණක් වේවි. එහෙත් බටහිර මුදල් දෙමළ විසුරුණු ජනයා හෙවත් ඊනියා ඩයස්පෝරාව මගිනුත් ලැබුණේ යන ප්‍රශ්නය අහන්න වෙනවා. අර හිටිවන විහිළු සඳහා මුදල් යොදවන්නේ කවුද? ඔහුට එංගලන්තයේ දෙමළ විසුරුණු ජනයා සමග සම්බන්ධයක් තියෙනවා ? කවුද ගැන හොයලා බලන්නෙ? පොහොට්ටුව මොකද කරන්නෙ? හිටිවන විහිළු ලියූ තැනැත්තා හරි තැනැත්තිය හරි කවුද? ගැන කිසිම හෝඩුවාවක් නැත්තේ ඇයි?

 

රනිල් වික්‍රමසිංහ බලයට පත් වීමෙන් පසු නිතර කියන කතාවක් නම්  විසිරුණු දෙමළ ජනයාගේ උදවුවෙන් රට සංවර්ධනය කළ යුතු බවයි. විසිරුණු දෙමළ ජනයා හදිසියේ වෙස්සන්තරලා වෙලා ? ඔවුන් රට සංවර්ධනය කිරීම වෙනුවෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවා ? නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන රැක ගැනීමට කටයුතු කරන්නේ කෙසේ ? විසිරුණු දෙමළ ජනයාටත් ඔවුන් මෙන් දෙමළ ජාතිවාදී වූ දෙමළ දේශපාලනඥයන්ටත් කුරුන්දි හා අනෙක් සිද්ධස්ථාන නැති කිරීමට අවශ්‍ය ?

 

රනිල් පසුගිය දා පුරාවිද්‍යා අධිකාරීන්ට කියා හිටියේ හාමුදුරුවරුන් හා දායකයන් ලබා දෙන ආධාරවලින් සිද්ධස්ථාන පිළිසකර නොකළ යුතු බවත් රජය ලබා දෙන මුදලින් පමණක් කළ යුතු බවත්. රජය ලබා දෙන මුදල යම්තමින් වැටුප් ගෙවීමට පමණක් ප්‍රමාණවත් නම් (මා නිශ්චිත දන්නේ නැහැ) එවිට පිළිසකර කෙරෙන්නේ නැති බව පැහැදිලියි. රනිල් රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාව මුණ ගැසුනු අවස්ථාවේ කියා සිටියේ පුරාවිද්‍යාව වෙනත් පාරක ගමන් කරන බවත් ඉතිහාසය අධ්‍යයනය කිරීමට වෙනම ආයතනයක් පිහිටුවන බවත්. අපට අහන්න ඇත්තේ ඉතිහාස විරෝධී වෙනත් පාරක යන්නේ කවුද කියා පමණයි.

 

සිංහල බෞද්ධ සංස්කෘතියට අද තරම් පහර දෙන යුගයක් මෑත කාලයේ තිබී නැහැ. එංගලන්තයේ නායකත්වයෙන් බටහිරයන් සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට ක්‍රියා කරන්නේ බ්‍රවුන්රිග්ගේ කාලයේ සිට. ඇංග්ලිකන් ක්‍රිස්තියානි මෙහෙයුමක්. අදත් මෙහෙයුම ක්‍රියාත්මක නොවන බවට ඇති සහතිකය කුමක් ? අද මෙරට දකුණාලා හා වමාලා එකතු වෙලා. සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීමට. මෙටාව එතරම් දෙයක් කරන්න පුළුවන් තැනක් නො වෙයි. වුනත් එහි ක්‍රියාත්මක වමාලා කරන එකම කාර්යය සිංහල බෞද්ධ සංස්කෘතියට අපහාස උපහාස කිරීමයි. අද දකුණ හෙවත් වමාලාගේ බසින් ලිබරල්වාදීන් තම කාර්යයට වමාලා යොදා ගන්නවා. මා හිතන්නේ ලෝකයේ වමාලා හා දකුණාලා එකතු වී ඇති ප්‍රධාන රට ලංකාව කියා. පරගලයේදීත් මේ එකතු වීම නැත්නම් දකණාලා විසින් වමාලා යොදා ගනු ලැබීම දකින්න ලැබුණා.

 

මදිවට බැසිල් කියා තියෙනවා ඉන්දියාවට පළාත් සභා ඡන්දය ඉක්මණින් තියන්න ඕන කියා. පළාත් සභා කියන්නෙ ඉන්දියාවෙ අවශ්‍යතාවට නිර්මාණය කෙරුණු ආයතන. එහි අවසාන අරමුණ ඉන්දියාව වෙල්ලාලයන් මගින් උතුරු හා නැගෙනහිර පළාත් සෘජුව පාලනය කිරීම. ගාන්ධි මෝදි කියා ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ. ලංකාවට අහිතක් නැති ඉන්දීය රාජ්‍ය නායකයකු වූයේ ශාස්ත්‍රී පමණයි. පළාත් සභා සතපහකට වැඩක් නැති බව පහුගිය කාලයේ පෙන්නුම් කෙරුණා. එහෙත් ඉන්දියාවට අවශ්‍යයි. ඉන්දියාවේ බලපෑම්වලට මහින්ද හා ගෝඨාභය නැමුණේ නැහැ. එහෙත් අද එය එසේ වන්නේ නැහැ.

 

බටහිර පඬියන්ගේ වලිග (නැටි) වූ පඬි නැට්ටන්ට කියන්න පුළුවන් මා නැවතත් කඩේ යෑම පටන් අරන් කියා හා මා තරුණයන්ගේ මොළ අවුල් කරනවා කියා. බටහිර හා ඉන්දීය අධිපතිවාදී (ගෝලීය හා කලාපීය) බලපෑම්වලට විරුද්ධව ක්‍රියා කිරීම කඩේ යෑමක් නම් මොළ අවුල් කිරීමක් නම් එසේ වේවා. එහෙත් මට ප්‍රශ්නය වන්නේ පොහොට්ටුව මේ සියල්ල මධ්‍යයේ මුනිවත රැකීමයි. පොහොට්ටුව තව දුරටත් රනිල් බලයේ තබා  ගැනීමට සූදානම් ?