Main Logo

Sunday 14 November 2021

එහෙමයි කියා වස කෑම

 

එහෙමයි කියා වස කෑම

 

ඊනියා හේතුව නොදත් නිිදන්ගත වකුගඩු රෝගය (CKDu) නමින් බටහිර වෙදකමේ හැඳින්වෙන අසාමාන්‍ය වකුගඩු රෝගය ලංකාවට පමණක් සීමා වුවක් නො වේ. එය ආසියා අප්‍රිකා දකුණු ඇමරිකා රටවල පැතිරිලා තියෙනවා. ඒ පිළිබඳ විවිධ පර්යේෂණ ලෝකයේ කෙරෙනවා.

 

පසුගිය ජනවාරි මස Annals of Translational Medicine සඟරාවේ චීන පර්යේෂක කණ්ඩායමක්  අසාමාන්‍ය වකුගඩු රෝගය පිළිබඳ ව පර්යේෂණ පත්‍රිකාවක් පළ කර තියෙනවා. ඒ පත්‍රිකාව කියවීමට අවශ්‍ය අයකුට එහි යොමුව මෙසේයි. Ann Transl Med 2021;9(2):130 | http://dx.doi.org/10.21037/atm-20-7739.  මේ කණ්ඩායමේ සාමාජිකයන් ෂැංහයි හි හා බීජිං හි විශ්ව විද්‍යාලවල සේවය කරන අය. මා ඔවුන්ගේ නම් සහ ලිපින සඳහන් කොටස ද පත්‍රිකාවේ ඡෙදයක් ද පහත සඳහන් කරනවා.

 

Renal tubular injury induced by glyphosate combined with hard water: the role of cytosolic phospholipase A2

 

Ruojing Wang1#, Jing Chen2#, Fan Ding1 , Lin Zhang1, Xuan Wu1, Yi Wan3 , Jianying Hu3,  Xiaoyan Zhang2, Qing Wu1

 

1School of Public Health and Key Laboratory of Public Health Safety of the Ministry of Education, Fudan University, Shanghai, China; 2 Department of Nephrology, Zhongshan Hospital, Fudan University, Shanghai, China; 3 Laboratory for Earth Surface Processes, College of Urban and Environmental Sciences, Peking University, Beijing, China

 

ඡෙදය

 

A significant positive association between hard water consumption and the occurrence of CKDu has been previously reported (30). One study demonstrated that 96% of patients who developed CKDu had been exposed to hard or very hard water over a 5-year period (31). While there has been much evidence in the literature demonstrating that CKDu is affected by hard water and a number of other factors, the details and mechanisms of this relationship are not well understood (32,33). There has been much research examining the relationship between glyphosate and CKDu. While glyphosate is widely used and generally considered to be safe for humans and animals, several animal studies have shown evidence of neurotoxicity, endocrine disruption, cell damage, and immune suppression due to glyphosate (34). In addition, glyphosate-induced toxicity to the renal tubules has been reported, suggesting that the kidney

is an important target organ of glyphosate (35). In fact, Wunnapuk and colleagues (36)……

 

අද රටේ ඇති කර තියෙන චීන විරෝධය හමුවේ පත්‍රිකාවේ තියෙන්නේ අශූචි යැයි පඬිනැට්ටන් කියන්න ඉඩ තියෙනවා. එබැවින් එහි අඩංගු කරුණු සාවද්‍ය බවට ද කතාවක් ගෙතීමට ඉඩ තියෙනවා. ඒත් මේ පත්‍රිකාව පඬි නැට්ටන් අගය කරන  බටහිර විද්‍යා සඟරාවක පළ වූවක්.

 

ඉහත සඳහන් ඡෙදයෙහි වැදගත් කරුණු කිහිපයක් අඩංගු වෙනවා. එහි පළමු වරහන තුළ ඇති 30 යන්න චන්න ජයසුමන ප්‍රියානි පරණගම ආදීන් පළ කළ පත්‍රිකාවක් ගැනයි. ඒ පත්‍රිකාවේ චන්නලා සඳහන් කර ඇත්තේ අසාමාන්‍ය වකුගඩු රෝගය හා hard water නමින් හැඳින්වෙන කිවුල් ජලය අතර ඇති සම්බන්ධය ගැනයි.  එහි අසාමාන්‍ය වකුගඩු රෝගය හා කිවුල් ජලය අතර පමණක් නොව වල්නාශක අතර ඇති සම්බන්ධයත් සඳහන් වෙනවා.

 

ග්ලයිෆොසේට් මිනිසුන්ට හා සතුන්ට අහිතකර නොවේ යැයි කීව ද චීන කණ්ඩායම තම පත්‍රිකාවෙ  සතුන්ට එය වසක් ලෙස බලපාන බවට වෙනත් පත්‍රිකාවලට යොමු කරමින්  සඳහන් කරනවා. තව ද අංක 35 දරණ පත්‍රිකාවට යොමු කරමින් ග්ලයිෆොසේට් වකුගඩුව ඉලක්ක කරන බවට සාක්‍ෂි ඇතැයි කියනවා. එමෙන් ම චීන පර්යේෂකයන් කියනවා අසාමාන්‍ය වකුගඩු රෝගයට ග්ලයිෆොසේට් කිවුල් ජලය හා තවත් දේ සම්බන්ධ බවත් එහෙත් ඒ සියල්ල ක්‍රියාත්මක වන්නේ කෙසේ දැයි කීමට යාන්ත්‍රණයක් නැති බවත්. එය අපට වැදගත්. අප කණ්ඩායම අර දැලිස (lattice) කතාව නිර්මාණය කර ඇත්තේ මේ යාන්ත්‍රණය කුමක් දැයි කීමට.

 

අද ජනමාධ්‍යයේ  ඊනියා විද්‍යාඥයන්ට (අපේ සංස්කෘතියට අනුව විද්‍යාඥයන් නොවන විද්‍යාඥයෝ) මහා තැනක් දී තියෙනවා. ඔවුන් ග්ලයිෆොසේට් වස නො වේ යැයි කීවොත් අප එහෙමයි කියනවා. මා හිතන්නේ අප තුන්වැනි පස්වැනි සියවස්වලින් පමණ පසුව  හාමුදුරුවරුන් යම් දෙයක් දේශනා කළහොත් එහෙමයි කීමට පුරුදු වී සිටිනවා. විසිවැනි සියවසේ අගභාගයේ සිට අප විද්‍යාඥයන් නොවන විද්‍යාඥයන්ටත් එහෙමයි කියනවා. එහෙමයි කියා වස කනවා.