මුරුත්තට්ටුවේ හාමුදුරුවෝ කොළඹ විශ්වවිද්‍යාලය
හා රාජකීය විද්‍යාලය
කොළඹ විශ්වවිද්‍යාලය කියන්නෙ බටහිර අනුකාරක අධ්‍යාපනයෙ ප්‍රධාන ආයතන දෙකෙන් එකක්. අනෙක පේරාදෙණිය විශ්වවිද්‍යාලය. මේ විශ්වවිද්‍යාල දෙක ම ලංකා විශ්වවිිද්‍යාලයෙ අනුප්‍රාප්තිකයන්. ජෙනිංග්ස් හැදූ වැඩූ ආයතන. පාසල් අතුරෙන් බටහිර අනුකාරක අධ්‍යාපනයෙ ප්‍රධාන ආයතනය රාජකීය විද්‍යාලය. මේ සියලු ආයතන සමග මට සම්බන්ධකම් තියෙනවා. එහෙත් රාජකීය විද්‍යාලයේ තියෙන ස්වාධීනත්වය ඔය අනෙක් ආයතනවල නැහැ. මා චක්‍රීය චින්තනය ඉගෙන ගත්තෙ රාජකීය විද්‍යාලයෙන්. රසායන විද්‍යාව ඉගැන්වූ ක්‍රිස්ටි ගුණසේකර මහතාගෙන් හා ගණිතය ඉගැන්වූ අරසරත්නම් මහතාගෙන් මා හිතන්න ඉගෙන ගත්තා. රසායන විද්‍යාව නම් ඉගෙන ගත්තෙ නැති බව කියන්නෙ ගුණසේකර මහතාට කරන අගෞරවයක් ලෙස නො වෙයි. මට ඒ විෂය ප්‍රිය වුණේ නැහැ.
ක්‍රිස්ටි ගුණසේකර මහතා අප නවවැනි පංතියේ සිටිය
දී අපට කිවුවා අම්ලයක් අර්ථදක්වන්න (define an acid) කියා. දහහතර වැනි වියේ පසු වූූ අපට ඔහුට
සෑහීමකට පත්වෙන පිළිතුරක් ලබා දෙන්න බැරි වුණා. ඊළඟට ඔහු කිවුවා අර්ථදැක්වීම
පැහැදිලි කරන්න (explain
definition ) කියා. අපට එයත් බැරි වුණා. අපේ
නිහැඬියාව නිසා ඔහු කිවුවා පැහැදිලි කිරීම අර්ථදක්වන්න (define explanation) කියා. අප යන්නේ චක්‍රයක බව
බුදුහාමුදුරුවන් දේශනා කර තිබුණත් දැනුමේ චක්‍රියභාවය මට වැටහුණේ එදා. ඒ මට කියා
දුන්නේ ක්‍රිස්තු භක්තිකයෙක්. දෙමළ හින්දු අරසරත්නම් මහතා අපට දහවැනි පන්තියේ දී
ව්‍යවහාරික ගණිතය ඉගැන්වූයේ මට ප්‍රවාදාත්මක (ෙසෙද්ධාන්තික) භෞතික විද්‍යාඥයකු
වීමට ආශාවක් ඇති කරමින්. විද්‍යාඥයකු වීමට නොහැකි බව එංගලන්තයේ
දී මට දැනුණා. එය එසේ වන්නේ ඇයි දැයි තේරුණේ පසුව ක්වෙන්ටම් භෞතිකය ඉගැන්වීමට යෑමේ
දී.
රාජකීය විදුහලට ප්‍රථම වරට භික්‍ෂූන් වහන්සේ
නමක් ගුරුවරයකු ලෙස පත් වීමක් ලැබුයේ පනහේ දශකයේ අග. මා පනස්හයේ සිට හැටදෙක දක්වා
එහි ඉගෙනුම ලැබුවා. උන්වහන්සේට විරුද්ධතාවක් ඇති වුණේ නැහැ. හැට දෙකේ මා විශ්වවිද්‍යාල
ප්‍රවේශ අවසාන අවුරුද්දේ ඉගෙන ගන්නා විට සිංහල විවාද කණ්ඩායමේ නායකයා ලෙස මොරටු
විද්‍යාලය සමග විවාදයක් සූදානම් කළා. එකල රාජකීය විදුහලේ ඉගැන්වීම අවසන් වූයේ
තුනයි හතලිහට. එහෙත් මොරටු විද්‍යාලය දහවල් එකට පංති අවසන් කළා. අපට එබැවින් දහවල්
එකට මොරටු විදුහලට යෑමට තිබුණා. ඒ සඳහා දහවල් දොළහට විදුහලෙන් යෑමට විදුහල්පති
ඩඩ්ලි සිල්වා මහතාගෙන් අවසර ඉල්ලූ විට ඔහු ඒ ලබා දුන්නේ නැහැ.
මට තරමක් කේන්ති ගියා. මා ආපසු පන්තියට පැමිණ
රාජකීය විදුහලේ සිංහලට තැනක් නොදෙන බව කියමින් විදුහල්පතිතුමා ද විවේචනය කරමින්
ලිපියක් ලිවුවා. එයට පන්තියේ අනෙක් අයගෙන් ද අත්සන් ගත්තා. මා තවත් දෙදෙනකු සමග ඒ ලිපිය විදුහල්පතිතුමාට
ගිහින් දුන්නා. ඔහු අපට මුල දී ඉතා තදින් බැන්නා. එහෙත් පසුව ක්‍රිස්තු භකතිකයකු
වූ ඒ මහතා තමා පැමිණි පසු සිංහලට හා බුද්ධාගමට කර ඇති සේවය පිළිබඳ කිවුවා. බෞද්ධ
සහෝදර සංගමය
(Buddhist Brotherhood)
පිහිටුවන ලද්දේ එතුමාගේ කාලයේ බව අපට
කිවුවා. මා සමග ලිපිය භාරදීමට ගිය දෙදෙනාගෙන් එක් අයකු අද ජීවතුන් අතර නැහැ. ඩඩ්ලි
සිල්වා මහතාත් ක්‍රිස්ටි ගුණසේකර මහතාත් අරසරත්නම් මහතාත් ජීවතුන් අතර නැහැ.
අප කෙළේ පාසල් විනයට අනුව තදබල වරදක්. ගුරු
මණ්ඩල රැස්වීමේ දී ඇතැමුන්ට අවශ්‍ය වී
තිබෙනවා මා පාසලෙන් නෙරපන්න. එහෙත් රාජකීය විදුහල ස්වාධීන ව හිතන අයට ගරු කළා.
ඔවුන් බටහිරින් ඒ ටිකත් ගෙන තිබුණා. මා අස් කෙළේ නැහැ. අපට ඒ වසරේ ශුද්ධ ගණිතය
ඉගැන්වූයේ දෙමළ හින්දු තිල්ලෙයිනඩරාසා මහතා. භෞතික විද්‍යාව ඉගැන්වූයේ දෙමළ
මෙතෝදිස්ත සැමුවෙල් මහතා. ව්‍යවහාරික ගණිතය ඉගැන්වීමට ගුරුවරයකු සිටියේ නැහැ. ඒ සිද්ධියෙන් පසු ඔවුන්ගේ සැලකීමේ වෙනසක් වුණේ
නැහැ.
මා ජෝර්ජ් රාජ ශාලාවේ හිඳ විශ්වවිද්‍යාල ප්‍රවේශ
පරීක්‍ෂණයේ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයට පැය එකහමාරකින් පිළිතුරු දී අල්ලපු වැටේ විදුහලට ගිය විට මට සැමුවෙල් මහතා
මුණ ගැසුණා. ඔහු මගෙන් ඇහුවා මෙහෙ මොකද කරන්නෙ කියා. මා කිවුවා ප්‍රශ්න පත්‍රයට
පිළිතුරු දී අවසන් කර පැමිණි බව. ඔහු මා
වැළඳ ගෙන සතුටු කඳුලු හෙළුවා. රසායන විිද්‍යාව අසමත් වුවත් මට විශ්වවිද්‍යාල ප්‍රවේශ
පරීක්‍ෂණයෙන් ශිෂ්‍යත්වයක් ලැබුණා. මා 1967 වසරේ ගණිතය පිළිබඳ රජයේ ශිෂ්‍යත්වය
දිනා යම් කාර්යයක් සඳහා මැලේ වීදියේ අධ්‍යාපන අමාත්‍යංශයට ගියා. එහි දී එවකට අමාත්‍යාංශයේ
නිලයක් දැරූ ඩඩ්ලි සිල්වා මහතා හමුවුණා. ඔහු මට සුබ පතා අතට අත දුන්නා. ඒ කාලයේ
කොවිඩ් නැහැ. එහෙත් ඔහු මගෙන් ඇහුවා ඇයි කේම්බ්‍රිජ් නොයන්නේ කියා. එය ඔහුට ප්‍රශ්නයක්
වූවාට සැකයක් නැහැ.
මා මේ කරුණු සඳහන් කෙළේ රාජකීය විදුහල කොළඹ
විශ්වවිද්‍යාලය සමග සංසන්දනය කරන්න. කොළඹ විශ්වවිද්‍යාලයේ දී මා ජාතික චින්තනය
උගන්වන්නේ ඇයි ද කියා ප්‍රශ්න කෙළේ සිංහල බෞද්ධ ජී එල් පීරිස්. සිංහලට තැනක්
දෙන්නේ නැතැයි විදුහල්පතිතුමාට දොස් කී මා රාජකීය විදුහලෙන් අස් කෙරුණේ නැහැ.
එහෙත් ජාතික චින්තනය ඉගැන්වීමේ ඊනියා වරදට මා කොළඹ විශ්වවිද්‍යාලයෙන් අස් කෙරුණා.
ජී එල් පීිරිස් කොළඹ විශාකා විදුහලේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක්. එහි ගුරුවරියන්
ජාතික චින්තනයක් නූගන්වනවා වෙන්න පුළුවන්.
අද පළමු වතාවට කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති තනතුරට හාමුදුරු නමක් පත් කෙරී තියෙනවා. එයට තදබල විරෝධයක් ඇති වෙලා. ඒ උන්වහන්සේගේ චර්යාව නිසා යැයි පඬි නැට්ටන් කියාවි. ඥානසාර හාමුුදුුරුවන් ජනාධිපති කාර්ය සාධක මණ්ඩලයක සභාපති ධුරයට පත් කිරීම ගැනත් විරුද්ධත්වයක් ඇති වෙලා. ඒ ගැනත් කියන්නේ චර්යා කතා. මා කොළඹින් අස් කරන විටත් කිවුවේ චර්යා කතා. ඒත් හේතුව චර්යාවක් නො වෙයි. සිංහල බෞද්ධ සංස්කෘතියට තියෙන විරුද්ධතාව. හාමුදුරුවරුන් වග කිව යුතු තනතුරුවලට පත් කිරීමට දක්වන විරුද්ධතාව. කුලපති ලෙස පත් වූ ඔස්වල්ඩ් ගෝමස් බිෂොප්තුමාට විරුද්ධ වුණේ නැහැ. එහෙත් මුරුත්තෙට්ටුචේ හාමුදුරුවන්ට විරුද්ධ වෙනවා. කලින් කොළඹ විශ්වවිද්‍යාලයේ හරි එහි පූර්වගාමී ආයතනවල හරි හිටි කුලපතිවරුන්ගේ නම් පහත සඳහන් වෙනවා.
o Sir Andrew Caldecott (1942–44)
o Sir Henry Monck-Mason
Moore (1944–49)
o Lord
Soulbury (1949–54)
o Sir Oliver Goonetilleke (1954–62)
o William Gopallawa (1962–69)
o
·
University of Colombo,
Sri Lanka
o William Gopallawa (1969–72)
·
University of Sri
Lanka
o William Gopallawa (1972–78)
·
University of Colombo
o J.R. Jayewardene (1978–1981)
o P.R.
Anthonis (1981–2002)
o Oswald Gomis (2002 -2021)
මේ ලැයිස්තුවේ ඉන්න අයගෙන් ජේ අර ජයවර්ධන දක්වා
පිරිස් ආණ්ඩුකාරවරු අග්‍රාණ්ඩුකාරවරු ජනාධිපතිවරු. කොළඹ විශ්වවිද්‍යාලයට ඇති
ගෞරවයක් නැහැ. ඉන් දැනුමට එක්කෙරී ඇති අලුත් දෙයක් නැහැ. එය බටහිර ක්‍රිස්තියානි
නූතනත්ව අනුකාරකයන්ගේ ගුබ්බෑයමක් පමණයි. අද ඔය පොහොර ගැන කතා කරන කොළඹින් බිහි
වූ ඊනියා වෛද්‍ය විද්‍යාඥයන් විද්‍යාඥවරියන්
අලුතෙන් කර ඇති ඉටි ගෙඩියක් නැහැ. ඔවුන් බටහිර දැනුම හා බටහිර පොහොර වෙනුවෙන්
කහින්නන් හා කහින්නියන් පමණයි. ඔවුන් රජරට හරි වෙන තැනක හරි ගොවියන් සම්බන්ධයෙන්
කර ඇති පරයෙෂණයක් නැහැ. දෙරණ ඔවුන්ට අනවශ්‍ය තැනක් දෙනවා. පාදෙණිය සමග මගේ ප්‍රශ්න
තියෙනවා. එහෙත් ඔහු පස හා වස වැඩ සටහනේ රෙදි ගලවා ගත්තේ නැහැ. දෙරණ අරුණ ඒ බවක්
අඟවන්නේ අද ඒ ජනප්‍රිය ස්ථාවරය නිසා ද? අපි ඊනියා විද්‍යාඥයන්ගේ ඊනියා පත්‍රිකා
ගැන හෙට අනිද්දා කතා කරමු.
මට ඇති එක ම කණගාටුව මුරුත්තෙට්ටුවේ හිමියන් අනුකාරකයන්ගේ ගුබ්බෑයමට යම් ගෞරවයක් ලබා දීමට එකතු වීම ගැනයි.