මැණිකේ මගේ හිතේ හා වකුගඩුව
මැණිකේ මගේ හිතේ ගීතය අනුව බුදුගුණ ගීතයක් හදල. බැලූ බැල්මට එහි වරදක් නැහැ. මෙරට සිංහල බෞද්ධ අච්චාරු සංස්කෘතියට එය ප්‍රශ්නයක් නොවේය කියා කවුරුන් හරි කියන්නත් ඉඩ තියෙනවා. පෙරහැරේ කාවඩි නටන්න පුළුවන් නම් මැණිකේ මගේ හිතේ ඉන්න විධියට බුදුහිමි මගේ හිතේ ඉන්න බැරි ද?
සිංහල
බෞද්ධ සංස්කෘතියේ විවිධ දේ අනුකරණය කෙරී තියෙනවා. සාමාන්‍යයෙන් ගත්ත ම එහි වරදක්
නැහැ. අවශෝෂණය කිරීම තමයි අවශ්‍ය. එහෙත් අවශෝෂණයක් කෙරෙන්නෙ නැහැ. එයට ප්‍රධාන
හේතුව අප බොහෝ දෙනා සිංහල බෞද්ධ සංස්කෘතිය නොදැනීම. මා ඇතැම් භික්‍ෂූන් වහන්සේලා ද
නොදන්නා ගණයට අයත් කරනවා.
අප
කියන බොහෝ ගාථා මෙරට භික්‍ෂූන් වහන්සේ නිර්මාණය කල බවයි මගේ හැඟීම. පන්සිල් පවා අද
කියන ආකාරයෙන් අපේ භික්‍ෂූන් වහන්සේ පාලියෙන් නිර්මාණය කරන්න ඇති. ත්‍රිවිධ රත්නයට
වඳින ගාථා මල් පූජා කරන ගාථා චෛත්‍ය වන්දනා ගාථා බෝධි වන්දනා ගාථා මේ දිනවල කඨින චීවරය පූජා කිරීමේ ගාථා පමණක් නොව
දෙමව්පියන්ට වඳින ගාථාත් අපට හාමුදුරුවරු නිර්මාණය කර දී තියෙනවා.
මේ
ගාථා කියන්නේ යම් රිද්මයකට. හාමුදුරුවරු පිරිත් සජ්ඣායනය කරනවා. එහිත් යම් රිද්ම
තියෙනවා. සිංහල බෞද්ධ සංස්කෘතියේ අප කියන්නේ පිරිත් සජ්ඣායනය කරනවා කියා. සුනිල්
ආරියරත්න නන්දා මාලිනී ලවා ගීත සජ්ඣායනය කරන්න උත්සාහ කළ. ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය
පෝෂණය කරන්න නම් නො වෙයි. අප භික්‍ෂූන් වහන්සේ කියනවා. ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය.
සිංහල බෞද්ධයන් පාප් වහන්සේ අති උතුම් කාදිනල් හිමිපාණන් ආදි ව්‍යවහාර යොදා ගන්නේ
සංස්කෘතිය ගැන සිතා බැලීමෙන් නො වෙයි.
සිංහල
බෞද්ධයන් තම සංස්කෘතිය නොදැනීම නිසා සංස්කෘතියට හානි කරනවා. එය සිය දිවි නසා
ගැනීමක් වෙන්න බැරි නැහැ. සිංහල බෞද්ධ සංස්කෘතියේ බුදු හිමියන් වඳින රිද්මයක්
තියෙනවා, විලාශයක් තියෙනවා. අප නට නටා බුදුන් වඳින්නේ
නැහැ. එහෙත් මේ යන විධියට කොහෙන් කෙළවර වේවි ද කියන්න බැහැ. ඇතැම් හාමුදුරුවරුන්ට
සිංහල බෞද්ධ සංස්කෘතිය නොතේරීම මෙයට ඇති ප්‍රධාන කරුණයි. මැණිකේ මගේ හිතේ ගීතය
සිරුර හොළවන්න නම් හොඳයි. සංයමයක් ඇතුව බුදුන් වඳින්න හොඳ නැහැ.
අද
බටහිර විද්‍යාඥයන් තම සංස්කෘතිය රැක ගැනීමට දරන මහන්සිය සලකන්න. පොහොරවල ආසනික්
තිබෙන බව අප කියා එය බටහිර විද්‍යාවේ කරන විධියට පරීක්‍ෂණයට ලක් කළ විට මෙරට ඉන්න
ඊනියා විද්‍යාඥයන් එයට විරුද්ධ වුණා. අදත් ඔවුන් එයට විරුද්ධ වන්නේ ආසනික් අදහස
නාථ දෙවියන්ගෙන් ලැබුණු නිසා පිළිගැනීමට නොහැකි බව පවසමින්. මෙරට ඊනියා විද්‍යාඥයන්
ඒ තරමට තම ස්වාමි සංස්කෘතිය ආරක්‍ෂා ගැනීමට කටයුතු කළා, කටයුතු
කරනවා. ඔවුන් තමන් විද්‍යාඥයන් ලෙස හඳුන්වා ගත්තත් ඔවුන්ගෙන් බටහිර විද්‍යාවට එකතු
වී ඇති අලුත් දෙයක් නැහැ. අනුකාරකයන්ට නිර්මාණ ශක්තියක් කොහෙන් ද?
ඔවුන්ට
අඩු තරමින් කොවිඩ් 19 ගැන අලුතෙන් දෙයක් කියන්න පුළුවන් ද? අර
වකුගඩු රෝගයට හේතුව කුමක් දැයි තවමත් ඔවුන්ට කියන්න බැහැ. ඔවුන් බටහිර මතවාද අපට
සන්නිවේදනය කරන්නන් පමණයි. ඔවුන් සමහර විට හොඳ නිවේදකයන් වෙන්න පුළුවන්. ඔවුන්
එවිට පෙනී සිටිය යුත්තේ නිවේදක නිවේදිකාවන් වශයෙන් මිස විද්‍යාඥයන් වශයෙන් නො
වෙයි. මා නම් විද්‍යාඥයකු නො වෙයි. මා බටහිර මතවේද මෙරට ජනතාවට සන්නිවේදනය කරන
නිවේදකයකුත් නො වේ. මා නැවතත් කියනවා අනන් මනන් නැතිව කියන්න එකී වකුගඩු රෝගයට
හේතුව කුමක් ද කියා.
අප
ආසනික් කතාව කිවුවේ ඊනියා විද්‍යාඥයන් වීම සඳහා නො වෙයි. අප බටහිර විද්‍යාවේ ඇතැම්
පරීක්‍ෂණ යොදා ගත්තත් ඒ බටහිර විද්‍යාව
සඳහා නම් නො වෙයි. එය ඌරගෙ මාළු ඌරගේ පිටේ තබා කැපීමක්. අපට අවශ්‍ය අපේ දැනුමක්
සංස්කරණය කිරීමට මිස බටහිර විද්‍යාවේ පරිධියේ අඩවු අල්ලන්න නො වෙයි. මෙරට ඉන්න
ඊනියා විද්‍යාඥයන්ට ඒ කිසිවක් තේරුණේ නැහැ. ඔවුන් හිතුවේ අප බටහිර විද්‍යා
සංස්කෘතිය දුෂණය කරන්න හදන අය කියා.
මෙරට
ඉන්න ඊනියා විද්‍යාඥයන් තම ස්වාමිවරුන් වෙනුවෙන් සටන් කෙළේ ඒ අයුරින්. ඔවුන් තවමත්
සටන් කරන්නේත් ඒ පදනමින්. බටහිර විද්‍යඥයනගේ දීන සේවකයන් වූ මෙරට ඊනියා විද්‍යාඥයන්ට
තම ස්වාමිවරුන්ගේ සංස්කෘතිය ඉතා වටිනවා. ඔවුන් නැති විද්‍යාත්මක ක්‍රමයක් ගැන
කියනවා. ඊනියා විද්‍යාත්මක කෘෂිකර්මයක් ගැන කියවනවා. ඔවුන්ගේ ස්වාමිවරුන් වසන
රටවලත් රවුන්ඩ්අප් කෘමි නාශකය පිළිකා කාරකයක් ලෙස පිළිගෙන තියෙනවා. මෙරට ඊනියා
විද්‍යාඥයන්ගෙන් අලුත් අදහසක් බලාපොරොත්තු වීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීම වැන්නක්.
ඒ
කෙසේ නමුත් මෙරට ඊනියා විද්‍යාඥයන්ට තම ස්වාමිවරුන්ගේ සංස්කෘතිය රැක ගැනීමට ඇති
ඕනෑකම අපේ සමහර හාමුදුරුැවරුන්ට සිංහල බෞද්ධ සංස්කෘතිය රැක ගැනීමට (වෙනස් නොවීමක්
මින් අදහස් වන්නේ නැහැ) නැත්තේ ඇයි. අපේ සීයා කෙනකු කී කතාවක් මතක් වෙනවා. එවැනි
හාමුදුරුවරුන් බුද්ධාගමට ගන්න ඕන.