ජනමාධ්‍යයෙන් දකින ගුරුබොරුවෝ, මුස්ලිම්
දැරියෝ හා සජිත්
ජනාධිපතිතුමා හොඳ කතාවක් කියල තිබුණා. මේ ආණ්ඩුව හොඳ නැත්තන් පහුගිය කාලෙ ආණ්ඩු කරපු අය පත්කර ගන්න එපා කියල. ඔවුන් කළ වැඩ දන්න නිසා ජනතාව ඔවුන් අයින් කරල. ඒ අය අද කතා කරන්නෙ කිසි දා ආණ්ඩු නොකරපු පිරිසක් වගේ. ජනාධිපතිතුමා කියන්නෙ මේ ආණ්ඩුව හොඳ නැත්නම් අලුත් ම පිරිසක් පත්කර ගන්න කියල. ඒක අහපු ගමන් අර ක්‍රමය වෙනස් කරන්න (system change) ඕන අය කියාවි මේ ක්‍රමය ම තියා ගෙන ඉදිරියට යන්න බැහැ කියල.
ඒත් ඔය ක්‍රමය වෙනස් කරන්න ගිය කවුරුන්වත්
සාර්ථක වෙලා නැහැ. ලෙනින් කරපු වෙනස පුටින්ගෙන් අහන්න ඕන. පුටින් පැන්ඩෝරා පත්‍රිකා
ගැන කියන්න බැරි නැහැ. ක්‍රම වෙනස්කරුවන්ට කියව කියව ඉන්න පුළුවන්. ඒ බොහෝ දෙනා මේ
ක්‍රමයේ ම ඊනියා රාජ්‍ය නොවන ආයතනවලින් හා වෙනත් සම්බන්ධතා මත යැපෙන අය. ඔවුන්ට
දෙයියන්ගෙ ම පිහිටයි.
අපට ජනමාධ්‍යවේදීන්ට බලය දෙන්න පුළුවන්. ඔවුන්
කොහොමත් හිතා ගෙන ඉන්නෙ තමන් හතරවැනි රාජ්‍යය (fourth state) කියල. ඒත් ඒ අය නොදන්න දේ තමයි ඔවුන්ට කියන්නෙ fourth estate කියල බව. අපට ඕන නම් රාජ්‍යයේ හතරවැනි
කොටස කියල කියන්න පුළුවන්. ජනමාධ්‍යවේදීන් රාජ්‍යය හා සම්බන්ධ යම් දෙයක් කරනව. ඒ
නිසා අපි ඔවුන්ට බලය දීල බලමු. ඒත් තව අවුරුදු තුනක් තියෙනවා. ඉදිරි අවුරුදු තුනේ
ම මේ වසංගතය තියෙයි කියල හිතන්න බැහැ. ආණ්ඩුවට වැඩ කරන්න කාලයක් තියෙනවා.
ජනමාධ්‍යවේදීන් අද කියපු කාරණා දෙකක් මගේ මතකයට
එනවා. එකක් ගුරුබොරුවන්ගෙ වර්ජනය ඉවර වීම ගැන. ඒත් මට පැහැදිලි නැහැ ගුරුබොරුවන්
දිනා ගත්තෙ මොකක් ද කියන එක. අගමැතිතුමා පොරොන්දු වෙලා තිබුණා වැටුප් විෂමතා
සංශෝධනය කිරීම් අදියර තුනකින් කරන බවත් එහි පළමු අදියර ලබන ජනවාරියේ ඉටු කරන බවත්.
ඉතිරි අදියර දෙක ඊට පසු වසරේ එකවර ගෙවන්න පොරොන්දු වූ බවයි මගේ මතකය.
ඊයේ මුදල් ඇමතිතුමා පොරොන්දු වූයේ කුමක් ද කියන එක ජනමාධ්‍යයෙන් පැහැදිලි වුණේ නැහැ. අදියර තුන ම ලබන ජනවාරියේ ගෙවනව ද කියන එක පැහැදිලි නැහැ. කොහොමටත් මුදල් ඇමතිතුමා සමග කළ සාකච්ඡාවෙන් පස්සෙ ගුරුබොරුවන්ගෙ සංගම් නියෝජිතයන් එකිනෙකාට බැණ ගන්නව නම් අහන්න ලැබුණා. සමහරු කිවුවා සටන පාවා දුන්න කියල. ජ වි පෙ නියෝජිත මහින්ද ජයසිංහ සැඩ පරුෂ ව වෙනත් අයට බැණ වදිනවා අපි දැක්ක. ඒ ජ වි පෙ වැඩ බැරි ටාසන් සංස්කෘතිය. හැට ගණන්වල අග භාගයේ සිට මා ඔවුන් ගැන දන්නවා. ඒ කොහොම වුණත් ඔය කියන පාවා දීම මොකක් ද? ලබන ජනවාරියේ ලැබෙන්නේ සම්පූර්ණ වැඩි වීමෙන් තුනෙන් එකක් පමණ ද? ජනමාධ්‍යවේදීන් ඒ ගැන හොයා බලනවා ද?
ඒ අතර අධ්‍යපනයට 7%ක්
වෙන් කරල කියනවා. 6% කට්ටිය කියන්න බැරි නැහැ ඔවුන්ගෙ සටන
ඉහටත් උඩින් ජයග්‍රහණය කරල කියා. ඒත් ඔය 7% කියන්නෙ මෙවර අයවැයෙන් 7%ක්
මිස දළ ජාතික නිෂ්පාදිතයෙන් 7%ක් නො වෙයි. 6% සටන ජයග්‍රහණය කරන්න ක්‍රමය වෙනස්
කරන්න වේවි කියල කියන්න බැරි කමකුත් නැහැ. ඔවුන් සකර්බර්ග්ට පින් සිද්ධ වෙන්න ඔය
මොනව හරි නර්මාලාප කියව කියව ඉන්නවා මිසක් වැඩකට ඇති දේශපාලනයක් කරන්නේ නැහැ.
ජනමාධ්‍යයෙන් කියැවුණු දෙවැනි කරුණ තමයි අර
මුස්ලිම් දැරියන් තිදෙනා බටහිර සංගීතය සොයා ගිය ගමන. ඔවුන් කොරියන් සංගීත
කණ්ඩායමක් ගැන කියනවා. නූගතකු වූ මා ඒ කණ්ඩායම ගැන දන්නේ නැහැ. ඒත් කොරියාව ගැන
යමක් කියන්න පුළුවන්. ඔය කතා කරන්නෙ දකුණු කොරියාව ගැන. බටහිර විශේෂයෙන් ම එක්සත්
ජනපදවල අනුග්‍රහය ලබන දකුණු කොරියාව ගැන. ඉස්සර අප මුඩුක්කුවලට කිවුවෙ කොරියාව
කියලා. ඒත් අද කොරියාව දියුණුයි. එහි ගුවන් තොටුපොළ ලෝකයේ තියෙන හොඳ ම ගුවන් තොටුපොළක්.
එමෙන් ම එදා බෞද්ධ (මහායාන) රටක් වූ දකුණු කොරියාව අද ක්‍රිස්තියානි. කවුරු හරි
පඬි නැට්ටකු කියන්න බැරි නැහැ දියුණු වෙන්න නම් ක්‍රිස්තියානි වෙන්න ඕන කියල. ඒකෙ
යම් ඇත්තක් තියෙනවා. අද දියුණුව කියන්නෙ ක්‍රිස්තියානි නූතනත්ව සංස්කෘතියේ
දියුණුවක්.
ඒ මුස්ලිම් දැරියන් තිදෙනාගේ ගෙවල්වල වටපිටාව
මා දන්නේ නැහැ. මුස්ලිමුන් බොහෝ විට සම්ප්‍රදායට ගරු කරනවා. ඒ දැරියන්ගේ
දෙමවුපියන් සාම්ප්‍රදායික වුණත් නැතත් දැරියන්ට බටහිර සංස්කෘතික ඇගයීම් ඇති බව පැහැදිලියි. කලකට පෙර මගේ
මුස්ලිම් පාසල් මිතුරකු මා සමග කණගාටුවෙන් කීවේ සිංහල බෞද්ධ දැරියන් බටහිර
සංස්කෘතික රටා අනුගමනය කිරීම ගැන. කැනඩාවේ වෙසෙන ඔහු මුස්ලිම් දැරියන් හැදෙන වැඩෙන
පරිසරය ගැනත් මට කිවුවා. එහෙත් අද බටහිර සංස්කෘතික ඇගයීම් මුස්ලිම් දැරියන් අතරත්
තියෙන බව පැහැදිලියි.
ඒ දැරියන්ගේ සිතුම් පැතුම්වලට අප ඉඩ දිය යුතු
බව පණ්ඩිතමානී ව කියන්න පුළුවන්. එහෙත් මේ සිතුම් පැතුම් ඔවුනට අල්ලා දෙවියන්ගෙන්
ලැබුණු දේ නො වෙයි. ඔවුන්ට ඒ ලැබෙන්නේ බටහිර සංස්කෘතික ආධිපත්‍යය යටතේ. ලංකාවේ
වෙසෙන මුස්ලිම් දරු දැරියන්ට සිංහල බෞද්ධ සංස්කෘතික ඇගයීම් ගලා යෑමට විරුද්ධ ව කතා
කරන පඬි නැට්ටන් ඒ දැරියන් බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික රටා ඇගයීම ගැන උජාරුවෙන් කතා කරාවි. පඬි නැට්ටන්
තමන්ට බටහිර දැනුම හා බටහිර සංස්කෘතිය හරිහැටි උකහා ගන්න බැරි වුණත් ඒ වෙනුවෙන්
පෙනී සිටීමෙන් තෘප්තියක් ලබනවා.
ජනමාධ්‍යවේදීන් ද වැඩ කරන්නේ බටහිර සංස්කෘතික
ජනමාධ්‍ය රාමුවක. ඔවුන්ට ප්‍රවෘත්ති වෙනත් වැඩ සටහන් රියැලිටි ආදී සංකල්ප ලැබෙන්නේ
බටහිරින්. ඔවුන් බටහිර විද්‍යාව කිනම් පංතියකට හැදෑරුවත් ඒ ගැන භක්තියක්
විශ්වාසයක් ඇති කර ගෙන. ඔවුන්ට අප මිථ්‍යා මතධාරීන්. මේ ලිපිය ඔවුන් උපහාසයෙන් හා
අපහාසයෙන් බැහැර කරාවි. ඒ කොහොම වුණත් මට
පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අර දැරියන් බටහිර සංගීතය සොයා සජිත් ප්‍රේමදාස හමුවන්න
ගියේ ඇයි? සජිත් කොරියන් සංගීත කණ්ඩායමක සාමාජිකයෙක් ද? සජිත්ගේ හැසිරීමෙන් ඒ දැරියන් එවැනි
නිගමනයකට පැමිණියා ද දන්නේ නැහැ.