අනුන්ගෙ අපි හිඟා කෑම
ණයට කන ජාතියක් වූ අපට ණය බරින් නිිදහස් වීමට නම් පළමුවෙන් ම ණයට කෑම අත්හරින්න ඕන. කෑම කියන එකෙන් මා අදහස් කරන්නේ ආහාර අනුභවය පමණක් නො වෙයි. මධ්‍යම පංතියට අවශ්‍ය ඇතැම් දේ ද එයට අයත් වෙනවා. ඒ දේ ආනයනය කිරීමට ඩොලර් ඕන. වාහන ආනයනය නතර කිරීම නම් හොඳ වැඩක්. අපට අද පාරෙ යන්න බැරි තරමට වාහන තියෙනවා. අප වුණත් අද වන විට පියෝ ටීවී කියන රූපවාහිනී ක්‍රමයට හුරු වෙලා. ඒ සඳහා දුරස්ථ පාලකයක් අවශ්‍යයි. දුරස්ථ පාලකය ක්‍රියා විරහිත වුණා ම අලුත් පාලකයක් ගන්න ඕන. එය පිටරටින් ගෙන්වන්න ඕන. පාලකය නැතිව රූපවාහිනිය නරඹන්න බැහැ. සමහර විට හිතෙන්න පුළුවන් ඒක කොච්චර එකක් ද කියල. ඒත් එහෙම හිතෙන්නෙ දවසක් දෙකක් විතරයි. පාන් මිල වැඩි කරාම මිනිසුන් දවසක් දෙකක් නොකා ඉඳීවි. ඒත් ඊට පස්සෙ නැවත කන්න පටන් ගන්නවා. මේ සියල්ල පිටුපස ඇත්තෙ අපේ ම නොවන අපේ අදහස්.
අපේ ඇබ්බැහිකම් අපට ප්‍රශ්නයක්. ටෙලිකොම් ආයතනය
දැන් දුරස්ථ පාලක ආනයනය කරන්නේ නැහැ. ඒ ලබා ගන්න පුළුවන් පෞද්ගලික සමාගමකින්
පමණයි. ඔවුන්ට ඩොලර් තියෙනවා. අප ඔවුන්ගෙන් පාලකය ලබා ගන්නවා. අපෙන් ඩොලර් යනවා.
අප පියෝ ටීවී ලබා ගත්තෙ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. මා කල්පනා කරන්නෙ අර ෆයිබර්
ඔප්ටික්ස් තාක්‍ෂණයට කොපමණ ඩොලර් යනවද කියන එක.
අල්ලපු ගෙදර අයට වඩා ලකේට ජීවත් වෙන්න අපට අවශ්‍යයි.
මෙය ඒ සම්බන්ධයෙන් නො වෙයි. අපට බටහිර රටවල මෙන් ජීවත් වෙන්න තාක්‍ෂණය අවශ්‍යයි. ඒ
තාක්‍ෂණය නැත්නම් ඒක අපට, ඒ කියන්නෙ රටට, ඒ
කියන්නෙ මධ්‍යම පංතියට ඉවසා දරා ගන්න බැරි දෙයක්. මා ද තාක්‍ෂණය යොදා ගන්නවා. මේ
ලිපිය මා සකර්බර්ග්ට යවන්නේ වයිෆයි තාක්‍ෂණය යොදා ගෙන. සකර්බර්ග් තම සංස්කෘතිය හා
චින්තනය වෙනුවෙන් අනාථ කඳවුර නඩත්තු කළත් ඔහුගෙන් අපටත් වැඩක් තියෙනවා. මෙරට
ජනමාධ්‍යවලට අනුව මා මිථ්‍යාව පසුපස යන්නෙක්. බටහිර විද්‍යාව පට්ටපල් බොරුය
කියන්නෙක්. මගේ අදහස්වලට ඔවුන් ඉඩක් දෙන්නේ නැහැ. ඒ අදහස්වලට හිනහවෙන
සංස්කාරකවරුන් ගේ පුවත්පත්වල ලිපි පළකරන්නත් මා සූදානම් නැහැ. එවිට සකර්බර්ග් තමයි
පිහිටට එන්නෙ. මගේ අදහස් නිසා ලෝකය වෙනස් නොවන බව සකර්බර්ග් දන්නවා. එබැවින් ඔහු
මට ඉඩ දෙනවා.
කොහොම නමුත් අපට බටහිර විධියට ජීවත් වෙන්න වෙලා
තියෙනවා. ඒ අපේ කියන අදහස් නිසා. අපට අද සියලු අදහස් එන්නෙ බටහිරින්. මෙය තනිකර ම
ඉංගිරිසින්ගෙ දක්‍ෂකම හරි කපටිකම හරි වෙනත් මොකක් හරි නිසා වෙන දෙයක්. ඇංග්ලො සැක්සන් සංස්කෘතික ආධිපත්‍යය නිසා
සිදුවන්නක්. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය මෙතරම් ලොව පැතිරිල තියෙන්නෙ එහි එක්
සංස්කෘතියක් වූ ඇංග්ලො සැක්සන් සංස්කෘතිය විසින් ඒ හැසිරෙවන නිසා.
ඉංගිරිසින් අපට තම අධ්‍යාපනය දුන්නෙ අප ඊනියා
මහත්වරුන් කරන්න නො වෙයි. අප ඔවුන්ගෙ වහලුන් කරන්න. ඉන්දියාවට ආපු මැකෝලි තමයි මෙය
හරියට ම කියල තියෙන්නෙ. ඔහු වචනවලින් කියා ඇත්තෙ ඉංගිරිසින්ගෙ මූලික අදහස.
ඉංගිරිසින් මෙන් හිතන පිරිසක් තම යටත්විජිිතවල ඇති කරන්න ඔවුන්ට අවශ්‍ය වුණා.
හිතනවා කිව්වට කල්පනා කරන්නෙ නැති පිරිසක්. ලංකාවෙ මේ අදහස් ක්‍රියාවට නැගුවෙ
කෝල්බෘක් කැමරන්. අපේ උගත්තු තවමත් කෝල්බෘක් කැමරන් ධනවාදී යෝජනා හඳුන්වන්නෙ ප්‍රතිසංස්කරණ
කියා. අනාථ කඳවුරෙත් ඒ වචන යොදා ගන්නවා. සමාජවාදය ඇති කරාම ඒක නවත්තාවි.
අප වැදි ජනයාට ආදිවාසීන් කියන්නෙත් ඉංගිරිසි
ඇසකින්. වැදි ජනයා කියන්නෙ විජයගෙන් පටන්ගත් සිංහලකරණයට අවුරුදු දහස් ගණනක් හසු
නොවූ ජන කොටසක්. ඔවුන් දැන් ක්‍රිස්තියානි නූතනත්වය යටතේ සිංහල වෙමින් ඉන්නවා.
සිංහලයන් ද මෙරට විජයට පෙර සිටි පිරිසකගෙන් පැවත එන්නන්. සිංහලයන් ආදීවාසීන්
නොවන්නේ ඉංගිරිසි ඇසකින්. සිංහලයන් ඕස්ත්‍රේලියාවට හරි උතුරු ඇමෙරිකාවට හරි
නවසීලන්තයට ගිහින් ඒ රටවල් තම ආධිපත්‍යයට හසු කර ගත් ඉංගිරිසින් වැනි අය නො වෙයි.
ඉංගිරිසින්ගෙන් පැවත එන්නන්ට ඒ රටවල අවුරුදු තුන්හාර සීයකට එහා යන ඉතිහාසයක් නැහැ.
විජය එනවිටත් අප වැවු හදලා. පණ්ඩුකාභය කුමාරයා සෙල්ලමට ගොස් හැංගුණේ වැවක තිබූ
බෙනයක ඒ වැව විජයගෙ කවුරු හරි කරවපු එකක් නො වෙයි.
ඉංගිරිසින් තම යටත්විජිත පමණක් නොව බටහිර සෙසු රටවල්
ද තම සංස්කෘතික ආධිපත්‍යයට යට කර ගෙන. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය කියන්නෙ මූලික
වශයෙන් ඇංග්ලො සැක්සන් සංස්කෘතික ආධිපත්‍යයට. විසිවැනි සියවස මුල වන විට ලෝකයේ ඉහළ
ම බුද්ධිමතුන් එංගලන්තයට ගියා. රදර්ෆර්ඩ් එහි ගියේ නවසීලන්තයෙන්. ඔහු නම් ඒ
සංස්කෘතියෙමයි. ඊට පසු තවත් අය ගියා. විට්ගන්ස්ටයින් තව ප්‍රසිද්ධ උදාහරණයක්.
විසිවැනි සියවසේ මැද භාගය වන විට යුරෝපීය උගතුන් එක්සත් ජනපදවලට යනන පටන් ගත්තා.
සමහරු එහි ගියේ නට්සිවාදයෙන් බේරෙන්න. ලංකාවෙන් ගිය මහා බුද්ධිමතුන් ද උතුරු ඇමෙරිකාවේ එංගලන්තයේ ඕස්ත්‍රේලියාවේ හා නවසීලන්තයේ
ඉන්නවා. ඔවුන් ගැන ඒ රටවල් දන්නේ නැහැ. ඒත් අප දන්නවා. ඒ ඔවුන් මෙරට ඉංගිරිසි
පුවත්පත්වලට ලියන බැවින්. ඔවුන් අපට ඉංගිරිසියෙන් බයිලා කියනවා. බයිලා අපට කාගෙන්
ලැබුණත් ඉංගිරිසි බයිලා අගෙයි.
අපට ණයට කන්න වෙලා තියෙන්නෙ අපට අදහස් ද ඉහත
සඳහන් රටවලින් ලැබෙන නිසා. ඒ අදහස් අනුව එකී රටවල විධියට ජීවත් වෙන්න අපට ඩොලර්
ඕන. අපට අපේ ජීවිතයක් නැහැ. සරල ව කියනව නම්
අපි අනුන්ගෙ. ඒත් ඒ අනුන් අපට ඩොලර් දෙන්නෙ නැහැ. අපි ලෝකෙ වටේ ගිහින් හිඟා
කනවා. අපට අද ඩොලර් ටිකක් හරි එවන්නෙ අරාබිකරයට කොරියාවට යන ශ්‍රමිකයන්. ඒත් මට
වෙලාවකට හිතෙනවා ඔවුන්ට ඒ රටවල පදිංචි වෙන්න අවසර දුන්නොත් ඔවුන් අපට ඩොලර් එවාවි
ද කියලා. ජනමාධ්‍යවේදීන් හා අනෙක් උගතුන් අපේ අදහස්වලට දැනුමට මිථ්‍යා කියමින්
හිනහවෙන තරමට අපට හිඟා කන්න වේවි.