කෘෂිරසායනික පොහොර යොදා විනාශ වීම හා බටහිර
දැනුම
ගොවිතැන හා කාබනික ගොවිතැන ගැනත් අප ඩොලර් උපයා ගැනීම ගැනත් තව කතා කරන්න බොහෝ දේ තියෙනවා. ජනමාධ්‍ය ඒ සඳහා අපට තැනක් නොදෙන බව පැහැදිලියි. ජඩමාධ්‍යවේදීන් හිතන්නේ ආචාර්ය මහාචාර්යවරුන් හා තමන් පමණක් පඬිවරුන් බවයි. එහෙත් ඔවුන් පඬි නැට්ටන්, පඬි පෝතකයන් හරි පඬියන් හරි පමණයි. ඔවුන් බටහිර දැනුමෙන් මුසපත් වෙලා. එහෙත් ඔවුන් නොදන්නා දේ තමයි තිස්ගණන්වලින් පසුව බටහිර දැනුම කඩා වැටී ඇති බව.
අද ඇති වසංගතය සම්බන්ධයෙන් බටහිර දැනුම අපට
කියන්නේ කුමක් ද? මුඛ ආවරණය,
සමාජයීය දුරස්ථභාවය ආදිය ගැන හැරෙන්න
බටහිර දැනුමට කිව හැකි දෙයක් නැහැ. එන්නත රට වසා තැබීම ආදිය අසාර්ථක වෙලා.
අයර්ලන්තය එන්නත සම්බන්ධයෙන් ඉදිරියෙන් ම සිටි රටක්. එහෙත් එන්නත අසාර්ථක වෙලා.
නවසීලන්තය හා ඕස්ත්‍රේලියාව රට වසා තැබීමේ ප්‍ර්‍රමුඛයන්. එහෙත් එයත් අසාර්ථකයි. ඒ
මදිවාට එන්නත නිසා වෛරසයේ නව ප්‍රභේද ඇති වන බව කියනවා.
මේ රෝගය දරුණු හෙම්බිරිස්සාවක්. හෙම්බිරිස්සාත්
ප්‍රභේද තියෙනවා. මේ රෝගයේත් ප්‍රභේද තියෙනවා. දැන් යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ ශීත
කාලය. ශීත කාලයේ දී ඔවුන් හෙම්බිරිස්සා උණට එන්නතක් විිද ගන්නවා. එය අවුරුදු පතා
කරන එකක්. සමහර විට වත්මන් දරුණු හෙම්බිරිස්සාවට ගන්න එන්නත මාස හයෙන් හයට ගන්න
වේවි. මේ වසංගතය සම්බන්ධයෙන් සිංහල වෙදකමේ ප්‍රතිකාර වර්ධනය කර ගන්න ඕන.
බටහිර දැනුම කඩා වැටෙන්න ගත්තෙ විසිවැනි සියවසේ
මුල. නිව්ටෝනීය සුසමාදර්ශය (paradigm) තව
දුරටත් වලංගු නොවන බව පැහැදිලි වුණා. එය සුසමාදර්ශ කඩා වැටීමකටත් එහා ගිය දෙයක්.
එය සත්භාවයේ (ontology)
කඩා වැටීමක්. සම්භාව්‍ය සත්භාවය (classical
ontology) වෙනුවට ක්වොන්ටම් සත්භාවය ඇති වුණා.
එහි ක්වොන්ටම් සුසමාදර්ශය තිස්ගණන් වෙන තෙක් වර්ධනය වුණා. එහෙත් ඉන් පසු එය
නැවතුණා. ඔය කාලෙ ගණිතයෙ ගර්ඩ්ල් ප්‍රමේය දෙක ප්‍රකාශ වුණා. ඇරිස්ටෝටලීය න්‍යාය මත
ගොඩ නැගුණු බටහිර ගණිතය අසම්පූර්ණ පද්ධතියක් බව පෙනී ගියා. ගණිතයේ සත්‍යය කියන්න
අර්ථදක්වන්න බැරි බව ටාස්කිගෙන් පසුව වැටහුණා. සත්‍යය යන්න නිර්වචනය කරන්න බැහැ.
බුදුහාමුදුරුවන් ඊනියා සත්‍යයක් දේශනා කෙළේ නැහැ.
මා මියන්මාහි ලෙඩ වෙලා ඉන්න දවස්වල අඩ සිහියෙන්
මෙන් ඇරිස් එක්ක ඇති ඇරියස් ගැන ලිවුවා. ඒ ඇරිස්ටෝටල්ගේ න්‍යාය ගැන කී දෙයක්.
ඇරිස්ටෝටල්ල නිව්ටන්ල ගොඩ නැගූ පද්ධතිය කඩා වැටිලා. එහෙත් ක්වොන්ටම් සුසමාදර්ශයක්
වර්ධනය කර ගන්න බැහැ. බටහිර සමාජයීය විිද්‍යාවන්හි හා මානව ශාස්ත්‍රවල මේ කඩා
වැටීම, එනම් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ කඩා වැටීම
දැකලා ඊනියා පශ්චාත්නූතනවාදයක් ගොඩ නැගුණා. ඒත් එයත් නූතනත්වවාදයක් ම තමයි. අද එය පශ්චාත්තාපවාදයක් වෙලා. ලංකාවේ හිටිය
පශ්චාත්තාපවාදීන් ෆූකෝ ඩෙරිඩා ලකාන් වැන්නන්ගේ වචන ටිකක් කට පාඩම් කර ගත්තා. අද
ඔවුන් තමන්ටත් නොතේරෙන ඒ වචන යොදා ගනිමින් නර්මාලාප කියවනවා.
මේ අතර ආර්ථිකයේත් ප්‍රශ්න ඇති වුණා. ඊනියා
දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සෙ එක්සත් ජනපද ලෝක බලවතා වුණා. හැත්තෑගණන්වල පමණ
ආර්ථිකයේ ලෝක සම්මුතිය වූ බ්‍රෙට්න්වුඩ් ගිවිසුම අත් හරින්න තීරණය කෙරුණා. ඉන්පසු
රත්රන්වලට තිබූ ප්‍රමිතිය ඩොලර්වලට හිමි වුුණා. එය ද්‍රව්‍යමය ප්‍රමිතියක් නො
වෙයි. එය එක්තරා ආකාරයකින් දේශපාලන සම්මුතියක්. එක්සත් ජනපදවල දේශපාලන හා යුදමය
ශක්තිය ඉන් පිළිබිඹු වෙනවා. කාට කාටත් ඩොලර් අවශ්‍ය වෙනවා. ඩොලර් රටේ තැන්පත් කර
ගැනීම අවශ්‍ය වෙනවා. එය ආනයනය අපනයනය මත පමණක් රැඳෙන්නේ නැහැ. අපනයනය කරන භාණ්ඩවල
වටිනාකම ඩොලර්වලින් රටට එන්න ඕන. අද අපේ අපනයනවලට ලැබෙන ඩොලර් එංගලන්තයේ හරි
එක්සත් ජනපදවල හරි තැන්පත් වෙනවා.
බටහිර ගොවිකම ගැනත් ප්‍රශ්න ඇති වුණා. කාබනික
ගොවිතැන එයට පිළියමක් වුණා. ඒත් කාබනික ගොවිතැන ගැන නිශ්චිත නිර්වචනයක් නැහැ. මේ
සම්බන්ධයෙන් අප රටේ කාබනික ගොවිතැන ගැන කලක සිට ම උනන්දුවක් දක්වන ආචාර්ය රනිල්
සේනානායක ලියා තියෙනවා. අප නම් මුල සිට ම කතා කෙළෙ හෙළ ගොවිතැනක් ගැන. විවිධ අය
හෙළ ගොවිතැනක් ගැන කතා කරල තියෙනවා. ඒ උපයෝගි කර ගෙන වැඩ කරලා තියෙනවා. අපවත් වි
වදාළ පූජ්‍ය මලගනේ අත්ථදස්සි හිමියන්, අභාවප්‍රාප්ත මුදියන්සේ තෙන්නකෝන්
(අගමැති අයියා) මෙන් ම ප්‍රියන්තා සේනානායකත් මගේ මතකයට එනවා. ප්‍රියන්තාගේ උපදෙස්
මත දිවයිනේ ඇතැම් පළාත්වල හෙළ ගොවිතැන කෙරුණා. කැලණිය විද්‍යා පීඨයේ සිසුනුත් ඇගේ
උපදෙස් මත කන්න කිහිපයක් කුඹුරක් කෙරුවා.
කාබනික ගොවිතැනේ ස්වාභාවික ගොවිතැන කියා කොටසක්
තියෙනවා. හෙළ ගොවිතැනත් ස්වාභාවික ගොවිතැනක්. ස්වාභාවික ගොවිතැනේ රසායනාගාරවල
නිපදවන කෘත්‍රිම පොහොර යොදා ගැනෙන්නේ නැහැ. මේ මොන ගොවිතැනෙත් චින්තනයක් තියෙනවා.
එහෙම නැත්නම් ඒ ඒ ගොවිතැන පදනම් වන්නෙ යම් චින්තනයක් මත. කෘෂිරසායන ගොවිතැන රඳා
පවතින්නෙ බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි
චින්තනය මත. එහි මූලික කරුණක් වන්නෙ මේ ලෝකය (විශ්වය) මවා ඇත්තේ හෝ මැවී
ඇත්තේ හෝ පිරිමියාගේ (ආදම්ගේ) අවශ්‍යතාවන් පිරිමසා ගැනීමට ය කියන එක. එය කතෝලික
චින්තනයෙත් තිබුණා. කතෝලික චින්තනයෙ දෙවියන් වහන්සේ හිටියා. වත්මන් ග්‍රීක යුදෙව්
ක්‍රිස්තියානි චින්තනයෙ දෙවියන් වහන්සේ නැති වුවත් මැවීමක් තියෙනවා. ලෝකය මැවී
ඇත්තේ පිරිමියාගේ සුඛ විහරණය සඳහා.
මේ
චින්තනයට අනුව අප භූමියෙන් උපරිම නිෂ්පාදනයක් ලබා ගන්න ඕන. ඒ චින්තනයෙහි අපේ අවශ්‍යතාවල සීමාවක් නැහැ.
අපේ අවශ්‍යතා පිරිමසා ගන්න අප වෙනත් ඕනෑම දෙයක් යොදා ගන්නවා. ස්ත්‍රී දූෂණයෙහි
යෙදෙන ඊනියා සිංහල බෞද්ධ පිරිමිනුත් පදනම් වෙන්නෙ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි
චින්තනයෙ ආකල්ප මත. අද අපට අවශ්‍යතා වැඩි වීම නිසා වයසක දෙමවුපියන් බලාගන්න
බැහැ. පඬි නැට්ටකු කියයි දෙමවුපියන් බලා ගන්න තරම් ආදායමක් නැහැ කියල. ස්ත්‍රී දුෂණයෙ යෙදෙන්නෙත් ආදායමක් නැති හින්ද ද දන්නෙ නැහැ.
අප කෘෂිරසායන ද්‍රව්‍ය, පොහොර, වල්
නාශක, කෘමි නාශක ආදිය යොදා ගන්නෙ භූමියෙන් උපරිම
නිෂ්පාදනයක් ලබා ගෙන අපේ නොසන්සිඳෙන අවශ්‍යතා පිරිමසා ගන්න. බටහිර තාක්‍ෂණය පදනම්
වෙන්නෙ අපේ නොසන්සිඳෙන අවශ්‍යතා පිරිමසා ගැනීම මත.
එහෙත් අප තේරුම් නොගන්නා කරුණක් නම් අප මේ අවශ්‍යතා
පිරිමසා ගැනීමට කරන උත්සාහය නිසා අප භූමිය කෙළසන බව. භූමියේ හා පරිසරයේ ගතික
සමතුලිතාව නැති කරන බව. අප භූමියේ ජීවය නැති කරන බව. මා මෙහි දී ජීවය කියන්නෙ පසේ
ඉන්න ජීවින් පමණක් නො වෙයි. භූමිය ම ජීවයක් ලෙස සලකනවා. මේ සම්බන්ධයෙන් බටහිරත්
සංකල්පයක් තියෙනවා ගයියා කියා. එය ලව්ලොක්ගේ සංකල්පයක්. ඔහු කියා සිටියේ ජීවී හා
අජීවි කොටස් එකිනෙකා සමග සම්බන්ධ වී ක්‍රියා කරන පද්ධතියක් සාදන බවත් එය එක්
ජීවයක් ලෙස ක්‍රියා කරන බවත්. එයට ගයියා කියන නම ලබා දී ඇත්තේ ග්‍රීක දෙවඟනකගේ
නමින්. එහෙත් බටහිර ප්‍රධාන ධාරාවේ ගයියා නැහැ.
භූමියෙන් උපරිම නිෂ්පාදනයක් ලබා ගැනීමට අප
බාහිර ද්‍රව්‍ය, එනම් කෘත්‍රිම ව නිෂ්පාදනය කරන පොහොර කෘමි නාශක
වල් නාශක යොදා ගන්නවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පසේ ජීවය හා පසේ ජීවීන් පමණක් නොව
අප ද විනාශ වෙනවා. වකුගඩු රෝගය එහි එක් ප්‍රතිඵලයක් පමණයි. අපි උපරිම නිෂ්පාදනයක්
ලබා ගෙන රෝගී වෙනවා. භූමියත් රෝගී බවට පත් කරනවා. භූමියේත් ජීවය නැති කරනවා.