බුදුදහමෙහි අනුමාන (ඉන්ෆරන්ස්) නැහැ
ඇතැමුන්ට අනුව බුදුදහමෙහි දැනුම ලබා ගැනීමේ ක්රම දෙකක් තිබෙනවා.
එකක් සංජානනය. අනෙක අනුමානය. මේ දෙකම බටහිරයන් දුටු බුදුදහමක් සිංහලට පරිවර්තනය
කිරීමේ දී යොදා ගත් වචන. ඉංගිරිසියෙන්
මේවා පර්සෙප්ෂන් හා ඉන්ෆරන්ස්. සංජානන කියන්නේ බාහිර වස්තුවලින් අපේ පංචෙන්ද්රියවලට
ලැබෙන ඊනියා වාස්තවික ගුණ නිසා හටගන්නා දේ. මේ සංජානන සංකල්පවලින් තොරව හටගන්නා
බවයි බටහිර දැනුමේ කියැවෙන්නේ. බර්ට්රන්ඩ් රසල් මේ සංජානන සංකල්පවලින් තොරව පවතින
බව විශ්වාස කළා. ඔහු නිල් බව යන්න එවැනි වාස්තවික ගුණයක් ලෙස හැඳින්වුවා.