බුදුදහම හා දෙවියෝ
යම් කිසිවකු කියා තිබුණා දෙවියන් ගැන කියමින් මා අදේවවාදී බුදුදහම විකෘත කරනවා කියා. අදේවවාදී කියන වචනය ඉංගිරිසි Atheism යන්නෙන් ලබාගත් එකක්. බටහිර සංස්කෘතියේ අදේවවාදය යන්නෙන් කියැවෙන්නේ සාමාන්‍යයෙන් දේවවාදය (Theism) යන්නෙන් කියැවෙන්නෙහි විරුද්ධය. දේවවාදය යන්නෙන් එක් දෙවියන් වහන්සේ කෙනකු ගැන මෙන් ම බහුදේව යන්න ද කියැවෙනවා. එහි විවිධ ප්‍රභේද තියෙනවා.
සමහරු
දෙවියන් ඉන්න බව විශ්වාස කරනවා. දෙවියන් ඉන්නවා කියන එකෙන් අදහස් වන්නේ සම්මුතියෙන් ඉන්න බව. පවතින්නේ ද නැති නොපවතින්නේ ද නැති කතාව මෙහි දී සැලකෙන්නේ නැහැ. දෙවියන් ඉන්න බව පිළිගන්නේ නැති වුවත් දෙවියන් වහන්සේ කෙනකුගේ සංකල්පය තිබීම හොඳය කියා හිතන අයත් ඉන්නවා. ඔවුන්ගේ අදහස පිළිවෙළක් ඇති කර ගැනීම සඳහා දෙවියන් වහන්සේ සංකල්පය අවශ්‍යය කියා. තවත් සමහරු දෙවියන් වහන්සේ ඉන්න බව පිළිගත්තත් දෙවියන් වහන්සේගේ අදහස අනුව ලෝකය පවතින බවක් පිළිගන්නේ නැහැ. මේ දේවවාදී සංකල්පයේ තවත් ප්‍රභේද තියෙනවා. අයින්ස්ටයින් ද පෞද්ගලික දෙවියන් වහන්සේ කෙනකු පිළිගත්තා. මා අවධාරණය කරන්න ඕන දේවවාදය සාමාන්‍යයෙන් දෙවියන් වහන්සේ ගැන කිවුවත් එහි බහුදේවවාදය ද අඩංගුයි.
දෙවියන් ඉන්න බව පිළිගැනීම ඇතැමුන් ප්‍රතික්‍ෂෙප කරන්නේ ඒ සඳහා සාක්‍ෂි නැති බව කියමින්. ඔවුන්ට දෙවියන් දැක ගන්න බැහැ කියන එක එක් කරුණක් පමණයි. දෙවියන් තර්කයට ගෝචර නොවන බව කියනවා. දෙවියන් ගැන විශ්වාස නොකරන ඔවුන් තර්කය විශ්වාස කරනවා. එහෙත් තර්කය විශ්වාස කිරීමට ඇති සාක්‍ෂි මොනවා ද කියා කියන්නේ නැහැ. තර්කය යම්කිසි ප්‍රස්තූතයකින්
පටන් ගන්න ඕන. ඒ වගේ ම අනුමාන නීති විශ්වාස කරන්න ඕන. අර මුල් ප්‍රස්තූතය හරි අනුමාන නීති හරි විශ්වාස කරන්නේ ඇයි ද කියා තර්කයෙන් පැහැදිලි කරන්න බැහැ.
ඒක
දෙවියන් වහන්සේ පිළිබඳ අදහස යුදෙවුවන්ගෙන් ලැබෙන්නේ. යුදෙවු දෙවියන් වහන්සේගෙන් තමයි ක්‍රිස්තියානි/කතෝලික ඉස්ලාම් දෙවියන් වහන්සේ අදහස එන්නෙත්. යුදෙවුවන්ට දෙවියන් වහන්සේ හැරෙන්න වෙනත් දෙවියන් නැහැ. ඒ වගේ ම දෙවියන් වහන්සේ දැකපු අයකුත් නැහැ. එහෙත් දෙවියන් වහන්සේට සවන් දුන් අය ගැන නම් සඳහන් වෙනවා. මුලින් ම තිබුණේ වචනය(word) වගේ අදහසත් පරණ තෙස්තමේන්තුවේ තියෙනවා. එය පිළිවෙළ වෙන්නත් පුළුවන්. කෙසේ වුණත් දෙවියන් වහන්සේගේ රූප අඹන්න චිත්‍රයට නගන්න බැහැ. ඒ අර්ථයෙන් දෙවියන් වහන්සේ අමූර්ත නැත්නම් වියුක්ත සංකල්පයක්.
ග්‍රීකයන්ට දෙවියන් රාශියක් හිටියා. ඔවුන්ට ප්‍රධාන දෙවියකුත් හිටියා. එහෙත් ඒ ප්‍රධාන දෙවියන් (Zeus) ලෝකය
(විශ්වය) මැවුවා වගේ සංකල්පයක් තිබුණෙ නැහැ. මහා දෙවියන්ටත් දෙමවුපියන් හිටියා. රෝමවරුන්ගේ ප්‍රධාන දෙවියන් ජුපිටර්. වෙනත් සංස්කෘතීන්වලත්
ප්‍රධාන දෙවියන් ඉන්නවා. අප කවුරුත් දන්නා ඉන්ද්‍ර ප්‍රධාන දෙවියන් ඉන්නවා. අප ශක්‍ර දේවෙන්ද්‍ර නැත්නම් සක් දෙවිඳු ගැන කියනවා.
එහෙත්
භාරතයේ දෙවියන්ට අමතර ව බ්‍රහ්මන් ද හිටියා. එහෙම නැත්නම් බ්‍රහ්මන් මෙන් ම දෙවියන් ද හිටියා. ඔවුන් යුදෙවුවන්ගෙන් වෙන් වන්නේ ලෝකය මැවූ දෙවියන්ට අමතර ව වෙනත් දෙවියන් ද ඉඳීමෙන්. බ්‍රහ්මන් යුදෙවු යෙහෝවා දෙවියන් වහන්සේගෙන් වෙනස් වෙනවා. බ්‍රහ්මන් ලෝකය මවන්නේ මකුළුවා දැළ වියන ආකාරයට තම සිරුරෙන් ම නිකුත් වන දෙයකින්. යුදෙවු දෙවියන් වහන්සේ කිසිවක් නැතිව ලෝකය මවනවා. බටහිර විශ්වවේදයේ මහා පිපිරුම ඉන් ගලා එන සංකල්පයක්. දෙවියන් වහන්සේ විශ්වාස නොකරන උගත් බෞද්ධයන් මහා පිපිරුම විශ්වාස කරනවා.
බුදුදහමේ ද දෙවියන් ගැන කියනවා. ඒ දෙවියන් දැකපු අයත් ඉන්නවා. අපේ පන්සල්වල දේවරුප ඇඳලා අඹලා තියෙනවා. මේ සමග ඇත්තේ සමන් දෙවියන්ගේ චිත්‍රයක්. අප අඩුම තරමෙන් මහා මංගල සූත්‍රය විශ්වාස කරනවා නම් ජේතවන විහාරයට පැමිණි දෙවියන් ගැන කියන්න වෙනවා. බුදුහාමුදුරුවන්
දෙවියන්ට දහම් දෙසීමට වෙලාවක් වෙන් කර ගෙන තිබුණා. බටහිර දේවවාද අදේවවාද සමග පටලවා ගෙන බුදුදහම අදේවවාදයක් කියන්න බැහැ. සංකල්ප සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙනවා. හුදු පරිවර්තනවලන් සංකල්ප තේරුම් ගන්න බැහැ.
බුදුදහම හඳුන්වා දීමට පෙර මෙරට දෙවිවරුන් හිටියා. පසුවත් ඉන්නවා. මට තේරෙන හැටියට භාරතයේත් මෙරටත් යක්‍ෂ නාග දේව ආදී වශයෙන් හැඳින්වෙන්නේ ඒ ඒ ආකාරයේ දෙවියන් ගැන විශ්වාස කළ ජනකොටස්. ඒ ඒ දෙවියන් අප අතර තාමත් ඉන්නවා. දේවානම්පිය තිස්ස කියන්නේ දෙවියන්ට ප්‍රිය වු තිස්ස. ඒ මොන දෙවියන්ට ද කියල හොයල බලපු කෙනෙක් ඉන්නවා ද කියා මා දන්නේ නැහැ. නාථ (නාත) හා සමන් කියන්නේ මෙරට දෙවිවරුන්. ඔවුන්ට වාහන නැහැ. මේ දෙවිවරුන් භාරතයෙන් වරින් වර මෙරට සංස්කෘතියට අවශෝෂණය වුණු දෙවියන් සමග මිශ්‍ර වෙලා. උපුල්වන් දෙවියන් හා විෂ්ණු දෙවියන් මිශ්‍ර වෙලා. නාථ දෙවියන් අවලෝකතීශ්වර දෙවියන් සමග මිශ්‍ර වෙලා. නාථ දෙවියන් මතු බුදුවන මෛත්‍රීය බුදුහාමුදුරුවන්
(බෝධිසත්වයන් වහන්සේ) කියාත් කියනවා.
දෙවියන් සමග කතා කරන්න පුළුවන් සන්නිවේදනය කළ හැකි අය ඉන්නවා. පරණ තෙස්තමේන්තුවේත් දෙවියන්ගේ කතා අහපු අය ගැන කියැවෙනවා. මා එය ප්‍රතික්‍ෂෙප කරන්නේ නැහැ. සමහරවිට ඒ එක් අයකු තමන් ලෝකය මැවූ බව කියන්න ඇති. අග්ගඤ්ඤ සුත්‍රයේ මෙයට සමාන දේ කියැවෙනවා. ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් මෙහි පැමිණි පළමු තැනැත්තා තමන් ලෝකය මැවූ බව කියනවා. බ්‍රහ්මන් ගැන කියන්නේ එහෙමයි.
දෙවියන් ඉන්න බව කීම බුදුදහමට එකඟයි. බුදුදහමෙහි ලෝකය මැවු දෙවියකු ගැන කියන්නේ නැහැ. එහෙත් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ගැන කියනවා. අරූපාවචර ලෝක ගැන කියනවා. දේව මණ්ඩල ගැන කියනවා. සංවට්ට කප්ප විවට්ට කප්ප ගැන කියනවා. බුදුහමෙහි ලෝකය මැවීමක් ගැන තියා ආරම්භයක් ගැනවත් කියන්නේ නැහැ. එහෙත් බුදුදහමෙහි දෙවියන් ඉන්නවා.