Main Logo

Wednesday 31 May 2023

කිසා ගෝතමිය සිිදුහත් කුමරු හා පඬිනැටටෝ

 

කිසා ගෝතමිය සිිදුහත් කුමරු හා පඬිනැටටෝ

 

විජයදාස රාජපක්‍ෂ කියල ලංකාව බහුභාෂික බහුආගමික රටක් කියල. ඔහුට ලැබුණු අධ්‍යාපනයෙන් කියැවෙන්නක්. කියවන්නෙ ඉංගිරිසින් අපට උගන්නල තියෙන විධියට. මා හිතන්නෙ නැහැ ඔවුන් තමන් මිය යන තුරු තේරුම් ගනීවි කියල තමන්ට ලැබෙන්නෙ බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයක් කියල. නීති විද්‍යාලයෙ ලැබෙන්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි නීතියෙන් සංශෝධිත රෝම ලන්දේසි නීතිය බව විජයදාසට හිතෙන්නෙ නැහැ.

 

විජයදාසගෙ කියමන ගැන කරුණු කිහිපයක් කියන්න තියෙනවා. ලෝකයේ හැම රටක් වගේ බහුභාෂික බහුආගමික රටවල්. එහෙත් ඉතා වැඩි රටවල්වල එක් භාෂාවක් ප්‍රධානයි. එක් ආගමක් ප්‍රධානයි. මේ ප්‍රධානයි කියන එකටත් විවිධ අර්ථකථන තියෙනවා. එහි විශේෂත්වය ආධිපත්‍යය වගේ තේරුම් අඩංගු වෙනවා. තරමක ඉතිහාසයක් ඇති එංගලන්තයෙත් (පඬි නැට්ටකුට අවශ්‍ය නම් එක්සත් රාජධානියෙ) එතරම් ඉතිහාසයක් නැති ඇමරිකාවෙත් මොන භාෂා කතා කළත් මොන ආගම් ඇදහුවත් ඉංගිරිසි භාෂා ආධිපත්‍යයක් වගේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආගමික ආධිපත්‍යයක් තියෙනවා. එංගලන්තයේ අගමැති ඉන්දීය සම්භවයක් ඇත්තෙක්. ඇමරිකාවේ උප ජනාධිපතිනියත් ඉන්දීය සම්භවයක් ඇති තැනැත්තියක්. කියල ඉන්දීය භාෂාවකටවත් හින්දු ආගමටවත් රටවල තැනක් නැහැ. රටවල හින්දු ආගමික උත්සවවලට නිවාඩු නැහැ.

 

මදිවට ලෝකෙ හැම තැනම වගේ ඉංගිරිසි භාෂා ආධිපත්‍යයක් තියෙනවා. ඉංගිරිසි නොවන බසකින් ලියන ඊනියා ශාස්ත්‍රීය පත්‍රිකා අවධානයට ලක් වෙන්නෙ නැහැ. කලක් ජර්මන් භාෂාවට තැනක් තිබුණ. දැන් ඒකත් නැති වෙලා. අප බොහෝ දෙනාට තේරෙන්නෙ නැහැ දැනුමේ ආධිපත්‍යය. බටහිර විද්‍යාව අපේ සංස්කරණයක් නොවෙයි. බටහිර නීති මූලධර්මවලට විජයදාස එකතු කළ දෙයක් නැහැ. බටහිර දැනුම ක්වොන්ටම් භෞතිකයේ දී හැරෙන්න රේඛීය ආරම්භයක් ඇති ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි මත පදනම් වුණු න්‍යායක් මත ගොඩ නැගුණු එකක්. ක්වොන්ටම් භෞතිකයෙ (ක්වොන්ටම් ක්‍ෂෙත්‍ර ප්‍රවාදයෙ) දි පමණක් ඩිරැක් q සංඛ්‍යා (numbers)  ලෙස හැඳින් වූ pq -qp ≠0 වූ කාරක (operators) යොදා ගන්නවා. වගේ ද්විකෝටික න්‍යාය හරි යන්නෙ නැහැ. ඒත් බටහිර විද්‍යාඥයන් එය ද්විකෝටිකය තුළට ගන්න හදන්නෙ නිවුටන්ගේ අවකලනය ද්විකෝටිකය තුළට ගත්තා වගේ. සමග අවකලනයේ ජීවය මැරිලා ගියා.

 

ඊනියා අපෝහකයක් (දයලෙක්තිකයක්) ගැන උදම්වන පඬි නැට්ටන් චතුස්කෝටිකය ගැන කී පමණින් හිනහ වෙන්නේ කිසිවක් ගැන  දැන නොවෙයි. ඔවුන් බටහිර දැනුම් ආධිපත්‍යයට යට වීම නිසයි. බටහිර දැනුමට අපේ යම් යම් දේ අවශෝෂණය වෙලා තියෙනවා. අපේ ශුන්‍යය සංකේතයත් 0 ලෙස ඉනදියාව හා අරාබිය හරහා බටහිරට ගිහින් තියෙනවා. එහෙත් එහි ජීවය මරලා ඔවුන්ගේ චින්තනයට අවශෝෂණය කරලා. අපේ ශුන්‍යය ඔවුන්ගේ ශූන්‍යය නො වෙයි.

 

පඬි නැට්ටන් ඉහත කී දේ තේරුම් ගන්න බැරුව එයට හිනා වෙන බව මා දන්නවා. වල්පල් වාචාල කතා කියන බව මා දන්නවා. පැත්තකින් තියල අපි සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි විශේෂත්වය සලකමු. අපට ගැමුණු රජු දවසට යන්න ඕන නැහැ. එතුමා තමාගේ ව්‍යායාමය හුදෙක් රජ සැප පිණිස නොව ශාසනයේ චිරස්තිථිය සඳහා බව කිවුවා. එය පැත්තකින් තියමු. 1815 සිංහල ඉංගිරිසි ගිවිසුමෙනුත් ඉංගිරිසින් බුදුසසුන ආරක්‍ෂා කිරීමට පොරොන්දු වුණා. කැමැත්තකින් නොවන බව පැහැදිලියි. ඔවුන් හින්දු ආගමක් ගැන කියා නැහැ. ඉස්ලාම් ආගමක් ගැනත් කියා නැහැ. එහෙත් 1840 දී ඔවුන් දියවඩන නිළමෙ කෙනකු පත්කර තම වග කීමෙන් නිදහස් වුනා. 1848 දෙවැනි නිදහස් සටනට එයත් හේතුවක් වුනා. පසුව ඉංගිරිසින්ට 1892 ආඥාපනතින් බුදුසමයේ විශේෂත්වය පිළිගන්න සිදුවුණා. 1972 ව්‍යවස්ථාවට අද නවවැනි වගන්තිය ලෙස හැඳින්වෙන වගන්තිය ඇතුළත් කිරීමට ට්‍රොට්ස්කිවාදියකු වූ කොල්වින් ආර් සිල්වාට සිදු වුනා.

 

එහෙත් ඉංගිරිසින් ප්‍රමුඛ බටහිරයන් හැමදාමත් ක්‍රියා කෙළේ සිංහල බෞද්ධ සංස්කෘතිය අතුගා දැමීමට. ඔවුන්ගේ ක්‍රිස්තියානි අධ්‍යාපනය හරහා ඔවුන් විජයදාස මෙන් දිලිත් ජයවීර වැන්නන් බිහි කර තියෙනවා. ඔවුන් හිතන්නේ තමන් තාර්කික විද්‍යාත්මක බුද්ධිමතුන් බව. ඔවුන් කාළාම සුත්‍රය හරියට කියවා නැහැ. එහි තර්කානුකුල වූ පමණින් න්‍යායානුකූල වූ පමණින් පිළිගන්න එපා කියා ඇති බව දන්නේ නැහැ. සිදුහත් කුමරු තරුණයකු ලෙස රජ කුමරකු ලෙස ජීවත් වෙන්න ඇති. එහෙත් එතුමා ආලිංගන නැටුම් නැටූ අයකු යැයි හිතන්නේ අර කසිකබල් අධ්‍යාපනය නිසයි. පඬි නැට්ටන්ට කිසා ගෝතමී කී නිබ්බුත පද ඇහුන නම් නිවීම කොහොම වෙතත් ඇය උස්සන්නේ කොහාමද කියා හිතෙන්න තිබුණා. සක්විති රජසැප අත්හැර ගිය අයකු ගැන රජසැප/කම්සැප මිස වෙනත් දෙයක් බලාපොරොත්තු වන්නන් දන්නේ මොන ඉටිගෙඩියක් ?

 

කසිකබල් අධ්‍යාපනයත් ඉංගිරිසින් අප මත පැටවූ එකක්. කලක් මාත් අධ්‍යාපනයෙන් නොමග ගිය අයෙක්. එහෙත් පුරුවෙ පිනකට මා ඉන් කැඩුණා. එහෙත් දැනුම මා ඇතැම් අවස්ථාවල යොදා ගන්නවා. මා කැඩුණේ ඔවුන්ගේ චින්තනයෙන් කියන්න බැහැ. කැඩෙන්න අප කිසිවකු චින්තනයේ නැහැ. අප චින්තනයේ ඇත්නම් විජේදාසගේ ජී එල්ගේ දිලිත්ගේ නීති මුල ධර්ම ලෝකය පුරා ප්‍රචලිත වෙලා තියෙන්න ඕන.

 

අධ්‍යාපනයෙන් බිහි කෙරුණු අයට අමතර අද වෙනත් හේතු නිසා සිංහල බෞද්ධ සංස්කෘතියට ගරහන අය ඉන්නචා. එක්කෝ තම හීනමානය වසා ගැනීමට එහෙමත් නැත්නම් ප්‍රසි්ද්ධියට, තමන්ට ඇති වූ යම් මදිපුංචිකමක් වසා ගැනීමට, ඊනියා වාම කතා කියා වීරයකු වීමට, මුදලට ආදී වශයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට ගැරහීමට ඉදිරිපත් වන්නන් ඉන්නවා. පරගලය එවැන්නන්ගේ එක් සංධිස්ථානයක් වුනා. ඉන්පසු එවැන්නන් වැඩියෙන් දැක ගන්න පුළුවන්.

 

ඔවුන් සමහරු ථෙරවාදීන් මෝඩයන් ලෙස සලකනවා. මා කැමතියි මෝඩයකු වන්න. ථෙරවාදය තරම් සරල එහෙත් ගැඹුරු දහමක් මා දන්නේ නැහැ. ඔවුන්ට ථෙරවාදයට අපහාස කිරීමට හැකි වී ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියේ ඇති ඉවසීම නිසා. ඔවුන් එවැනි කතා මුස්ලිම් රටක නොව හින්දු ඉන්දියාවේ කිවුවා නම් ඉරණම කුමක් කියා මේ වන විට තීරණය වී අවසන්.