Main Logo

Friday 19 May 2023

වෙල්ලාල පීඩනයට ලක්වන දෙමළ ජනයාට සරණ වෙමු

 

වෙල්ලාල පීඩනයට ලක්වන දෙමළ ජනයාට සරණ වෙමු

 

අවුරුදු දහහතරකට පෙර අද වැනි දවසක තමයි දෙමළ ත්‍රස්තවාදී කොටි සංවිධානය පරාජය කෙරුණෙ. ඊයෙ කෙරුණෙ ඇතැමුන් විසින් මෙහෙයුමෙ දී මියගිය දෙමළ ජනවර්ගයට අයත් වුවන් සැමරීමක්. ඇතැම් කතෝලික පූජකවරුන් සැමරීමේ දී දකින්න පුළුවන් වුණා. අප දන්නවා බීබීසියෙ හතරවැනි නාළිකාව දරුස්මාන් වාර්තාව ආදිය පමණක් නොව එක්සත් ජාතින්ගේ ඊනියා මානව අයිතිවාසිකම් මණ්ඩලය මානුෂීය මෙහෙයුමේ දී ලක්‍ෂ ගණනක් අහිංසකයන් මිය ගිය බව ප්‍රචාරය කළා. අද ඔවුන් නිහඬ වෙලා. ඔවුන් කිසිවකු ප්‍රභාකරන් ලක්‍ෂ ගණනක් දෙමළ ජනවාර්ගිකයන් මිනිස් පළිහක් මෙන් යොදා ගත් බව පවසන්නේ නැහැ. අපේ හමුදාව ඉතා ඉවසිල්ලෙන් ජනයාගෙන් අතිමහත් බහුතරය බේරා ගත් බවත් අද අයට අමතක වෙලා.

 

නන්දිකඩාල් කලපුවේ දී ප්‍රභාකරන්ගේ මළ සිරුර හමුවුණේ අද වැනි දිනයක. මා හිතන්නේ  කමල් ගුණරත්න තමයි බව නිල වශයෙන් දැනුම් දුන්නේ කියා. දෙමළ කොටි ත්‍රස්තවාදය ගැන මා බොහෝ දේ ලියා තියෙනවා. මා හිතුවා සමහර කරුණු නැවත මතක් කළ යුතු කියා. සිංහල බෞද්ධයන් කෙතරම් ඉවසිලිවන්ත කාරුණික යන්න මෙහෙයුමේ දී ලෝකයට ප්‍රදර්ශනය කෙරුණා. එහෙත් ලෝකය කියන්නේ මූලිකව බටහිර ක්‍රිස්තියානි ලෝකය. ජනමාධ්‍ය හසුරුවන්නේත් ඔවුන්. ඔවුන් සිංහල බෞද්ධයන් කෙරෙහි කරුණාවක් දැක්වූයේ නැහැ. බොරු ප්‍රචාරවලින් ලෝකය රැවැට්ටුවා.

 

ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ දී මියගියේ සයනයිඩ් ගිලලා නො වෙයි. ඔහු අනෙක් අයට සයනයිඩ් ගිලින්න කිවුවත් ඔහු ගිල්ලේ නැහැ. අවසාන මොහොතේ හරි බටහිරයන් පැමිණ ඔහු බේරා ගනීවි කියන බලාපොරොත්තුවෙන් ඔහු හිටියා. එහෙත් මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුවට විරුද්ධව යමක් කිරීමට තරම් බටහිරයන් ශක්තිමත් වුණේ නැහැ. ඔවු ශක්තිමත් වුණේ නැහැ. අපට මතකයි එයට ටික දිනකට කලින් එංගලන්තයේ හා ප්‍රංශයේ විදේශ ඇමතිවරු තකහනියක් ලංකාවට පැමිණ හමුදා මෙහෙයුම් නවත්තන්න කිවුවා. මහින්ද රාජපක්‍ෂ ඔවුන් ඇඹිලිපිටියට ගෙන්වා මෙහෙයුම් නොනවත්න බවත් ලංකාව ස්වෛරී රාජ්‍යයක් බවත් ඔවුන්ට කිවුවා. ඊනියා තුන්වැනි ලෝකයේ දුප්පත් රටක රාජ්‍ය නායකයකු බටහිර ඉහළ රාජ්‍ය දෙකක විදේශ ඇමතිවරුන්ට එසේ කීම ගැනත් හමුදා මෙහෙයුම්වලට දේශපාලන නායකත්වය දී දෙමළ කොටි ත්‍රස්තවාදය අතුගා දැමීම ගැනත් ඔහුට දිය යුතු ගෞරවය තවම ලබා දී නැහැ. හයවැනි පරාක්‍රමබාහු රජුගෙන් පසු එවැනි එඩිතර නායකත්වයක් දුන් පුද්ගලයා මහින්ද රාජපක්‍ෂ බව අප දිනවල කියා ඇති.

 

දෙමළ කොටි ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි බවත් ප්‍රභාකරන් යනු අති දක්‍ෂ අනභිබවනීය රණශූරයකු බවත් දිනවල ඊනියා යුද විශේෂඥයන් කිවුවා. ඔහු නැපෝලියන්ට සම කළ අයත් හිටියා. එහෙත් අප කියා සිටියේ ප්‍රභාකරන් ප්‍රමුඛ දෙමළ කොටි ත්‍රස්තවාදීන් පරාජය කළ යුතු බවත් පරාජය කළ හැකි බවත්.

 

එකල අර හාවඩ් මහාචාර්ය ස්ටැන්ලි තම්බයියා (මා දන්නා තරමින් ඔහු සමාජ විද්‍යාවේ අලුත් සංකල්පයක් හරි ප්‍රවාදයක් හරි ගොතලා නැහැ) අපෙන් ඇහුවේ බෞද්ධයන්ට යුද්ධය කැප කියා. අප ඒවාට පිළිතුරු දුන්නා. කතෝලිකයකු වූ ඔහු තම ප්‍රශ්නයෙන් නොකියා කිවුවේ කතෝලික ක්‍රිස්තියානි හින්දු ආගමිකයන්ට යුද්ධය කැප කියා. හින්දු චෝලයන්, කතෝලික පෘතුගීසීන්, රෙපරමාදු ලන්දේසීන්, ක්‍රිස්තියානි ඉංගිරිසින් අප ආක්‍රමණය කෙළේ නිසා වෙන්න ඕන. ක්‍රිස්තියානි හාවඩ් විශ්වවිද්‍යාලයත් බව පිළිඅරගෙන.

 

දෙමළ කොටි ත්‍රස්තවාදීන් ප්‍රේමදාස ඝාතනය කළා. චන්ද්‍රිකා ගෝඨාභය සරත් ෆොන්සේකා ආදීන් ඝාතනය කිරීමට තැත් කළා. ඔවුන්ට මහින්දට අත තියන්න බැරි වුණා. එහෙත් ඔවුන් රනිල් ඝාතනය කරන්න තැත් කළේ නැහැ. රනිල් තමා අගමැති සිටි කාලයේ ජනාධිපතිනි චන්ද්‍රිකාට නොකියා ප්‍රභාකරන් සමග සටන් විරාම ගිවිසුම් අත්සන් කළා. දෙමළ කොටි අවසරයෙන් ශක්තිමත් වුණා.

 

දෙමළ ජනවර්ගයට අයත් ජනයාට දෙමළ වීම නිසා පමණක් සිදු වී ඇති අසාධාරණය කුමක් යන ප්‍රශ්නයට අද වන තුරුත් පිළිතුරක් නැහැ. දෙමළ සාමාන්‍ය අයට ප්‍රශ්නයක් නැති වුණත් දෙමළ වෙල්ලාල දේශපාලනඥයන්ට ප්‍රශ්නයක් තියෙනවා. අය ලන්දේසි කාලයේ දුම්කොළ වගාවට මෙරටට ගෙනා අයගෙන් පැවත එන්නන්. ගැන ජේම්ස් ටී රත්නම් ලියා ඇති දේ කියවන්න. ලන්දේසින්ට හා පසුව ඉංගිරිසින්ට කත් ඇදීමේ (අද කියන විධියට කඩේ යෑමේ) ප්‍රතිඵලයක් ලෙස ඔවුන් රටේ නායකත්වයට පත් කෙරුණා. එහි දී මෙරට ගොවිගම නායකයන් 1912 මුල් වරට පැවති සීමිත ඡන්දයේ දී කරාවේ මාකස් ප්‍රනාන්දුට විරුද්ධව වෙල්ලාල රාමනාදන්ට ඡන්දය දී ඉංගිරිසින් නායකත්වයට පත්කළ කුමාරස්වාමි පොන්නම්බලම් පවුලේ බලය තහවුරු කළා. මා මේ බව කියන්නේ මා කරාව කුලයට අයත් නිසා නො වෙයි. එදා මාකස් ප්‍රනාන්දු ඡන්දයෙන් දිනුවා නම් දෙමළ ජාතිවාදයක් මෙරට ඇති වන්නේ නැති නිසයි මා බව සඳහන් කරන්නේ.

 

රාමනාදන්ලා එදා සිට සිතන්න ගත්තේ තමන් ලංකාවේ නායකයන් කියා. ලංකා ජාතික සංගමයේ නායකයන් ලෙස ඔවුන් පත් වුණා. එහෙත් 1919 පමණ වන විට මෙරට අමද්‍යප ව්‍යාපාරය හරහා රාමනාදන්ට හා ඔහුගේ සොහොයුරු අරුණාශලම්ට ලංකා ජාතික සංගමයේ නායකත්වය නැති වුණා. එතෙක් කොළඹ සිටි අරුණාශලම් යාපනයට ගොස් 1922 දී හින්දු මහා සභාව ආරම්භ කළා. එය තමයි මෙරට ඇති වු පළමු ජාතිවාදී සංවිධානය. දෙමළ වෙල්ලාලයන් ඉල්ලා සිටියේ මෙරට නායකත්වය. එය ලබා ගැනීමට බැරි බව තේරුම් ගැනීමෙන් පසුවයි මෙරට දෙමළ ජාතිවාදය ඇති වුණේ. ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන්. මේ කතා ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා පොතේ ඇති.

 

දෙමළ ජාතිවාදයේ විකාශයේ එක් අවස්ථාවක 1947 පමණ චෙල්වනායගම් නාගනාදන් වැනි වෙල්ලාලයන් (සමහරු ක්‍රිස්තියානි) තමන්ට රටේ නායකත්වයට පැමිණීමට නොහැකි බව තේරුම් ගෙන උතුරු හා නැගෙනහිර පළාත්වලට වෙන රාජ්‍යයක් ඉල්ලුවා. ඔවුන් සඳහා රජයේ ලිපිකරු සේවා සංගමයේ මුලස්ථානයේ දී 1949 දී ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටුවා ගත්තා. එය ඉංගිරිසියෙන් හා සිංහලෙන් ෆෙඩරල් කියා හැඳින්නුවා. ප්‍රභාකරන් කියන්නෙ මේ බාප්පලාගේ පුතා. නන්දිකඩාල් කලපුව ඊනියා අනභිබවනීය ශුරයාට ඉංගිරිසින් කියන විධියට නැපෝලියන්ට වෝටර්ලුව මෙන් වුණා. වෝටර්ලු සටනින් නැපෝලියන් පරදා වෙලිංග්ටන්ගේ ඉංගිරිසි හමුදා ජයගත්තා. නන්දිකඩාල් කලපුවේ දී ඉංගිිරිසින්ගේ මෙන් ප්‍රංශයන්ගේ සහාය ලැබූ ප්‍රභාකරන් මහින්දට ගෝඨාභයට හා සරත් ෆොන්සේකාට පරාජය වුණා. සිංහලයන්ට මේ නායකත්වයේ ශක්තිය තවමත්  තේරෙන්නේ නැහැ. අවාසනාව තුන්දෙනාට දිගට එකට සිටීමට නො හැකිවීම. එහි ප්‍රතිඵලයක් ලෙස හා ඉංගිරිසින් ප්‍රමුඛ බටහිරයන්ගේ සැලසුම් නිසා අද තිදෙනා වෙනුවට ප්‍රභාකරන් සමග සටන් විරාම ගිවිසුම් අත්සන් කළ රනිල් බලයට පත්වෙලා.

 

අප දෙමළ කතාකරන සාමාන්‍ය  ජනයා සමග කළ යුද්ධයක් නැහැ. මානුෂීය මෙහෙයුම් කෙරුණේ රාමනාදන්ලා පටන්ගත් සිංහල විරෝධි දෙමළ ජාතිවාදයට විරුද්ධ . දෙමළ වෙල්ලාලයන් මෙන් නොව බොහෝ සාමාන්‍ය දෙමළ ජනයා දෙමළ ජනවර්ගයට ඊනියා අඩුකුල ජනයා ලෙස අවශෝෂණය කෙරුණු සිංහලයන්. පෘතුගීසීන්ට අනුව එකල යාපනයේ බහුතරය වූ සිංහලයන්ට සිදු වූයේ කුමක් ? අද අප කළ යුත්තේ වෙල්ලාලයන්ගේ පීඩාවට පත්වෙන අසරණ ජනයාට සරණ වීමයි.