ත්‍රස්තවාදය, නිර්ප්‍රභූ අවිය හා කයිය
ප්‍රභාකරන්ගේ ආරම්භය හැත්තෑවේ දශකයේ මුලට යනවා. ඔහු පමණක් නොවෙයි තවත් දෙමළ ත්‍රස්තවාදීන් කිහිප දෙනකු ජ වි පෙ ත්‍රස්තවාදයෙන් ආභාසය ලැබූ අය. ජ වි පෙරමුණත් ත්‍රස්තවාදී සංවිධානයක්. ප්‍රභාකරන් තම මුල් සංවිධානයෙන් පසුව හැත්තෑපහේ දී තමිල් ඊළාමයේ විමුක්ති කොටි සංවිධානය පිහිටුවා ගත්තා. මේ නමේ ම විසංවාදයක් තිබුණා. ඊළම කියන්නේ සිංහලාම් යන්නෙන් බිඳුණු එකක් බව මදුරාසි (චෙන්නායි) විශ්වවිද්‍යාලය කියනවා. මේ ඊනියා විමුක්ති කොටි දෙමළ සිංහලයේ වෙනවා. තමිල් ඊළාමය කියන්නේ දෙමළ සිංහලය.
කෙසේ
වෙතත් එකල දෙමළ ත්‍රස්තවාදී සංවිධාන බිහිවුණේ වෙල්ලාලයන්ට විරුද්ධ ව නො වෙයි. ඔවුන් වෙල්ලාලයන් ඝාතනය කළේ සිංහලයන් සමග එකට කටයුතු කිරීම නිසා හෝ ඔවුන් හිතූ ආකාරයට සිංහල රාජ්‍යයට විරූද්ධ ව ඊනියා දෙමළ ඊළමක් වෙනුවෙන් වැඩ නොකළ නිසා. ඔවුන්ට අවශ්‍ය වුණේ ඊනියා දෙමළ ඊළම පිහිටුවීමයි. ඔවුන් සිතූ ආකාරයට තම අරමුණ ඉටු කර ගැනීමට බාධකයක් ලෙස කටයුතු කළ ඕනෑම දෙමළ නායකයකු ඝාතනය කිරීමට ඔවුන් පියවර ගත්තා.
ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා යාපනයේ නගරාධිපති ව සිටියා. ඔහු ශ්‍රී ල නි පාක්‍ෂිකයෙක්. ඇතැම් දෙමළ වෙල්ලාලයන් රාමනාදන් - අරුණාශලම් ව්‍යාපෘතියෙන් බැහැර වී සිංහල පක්‍ෂ සමග සහයෝගයෙන් කටයුතු කළා. කොටි ත්‍රස්තවාදීන් ඔහු ඝාතනය කළා. එ තමයි ඔවුන්ගේ පළමු ඝාතනය. එකල උමා මහේස්වරන් ද කොටි සංවිධානයේ සාමාජිකයෙක්. 1977 දී
පොතුවිල් මන්ත්‍රී කනගරත්නම් එ ජා පක්‍ෂයට බැඳුණා. උමා මහේස්වරන් කනගරත්නම්ගේ කොළඹ පිහිටි නිවසට ගොස් ඔහුට වෙඩි තිබ්බා. ඔහු පසුව ඒ හේතුවෙන් මිය ගියා. ඒ සම්බන්ධ පොලිස් පරීක්‍ෂණ මෙහෙය වූ බස්තියම්පිල්ලෙයි
ද උමා මහේස්වරන් විසින් ඝාතනය කෙරුණා.
උමා
මහේස්වරන් පසුව කොටි සංවිධානයෙන් කැඩි ප්ලොට් සංවිධානය පිහිටුවා ගත්තා. ඊනියා දෙමළ ඊළම පිහිටුවා ගැනීම සඳහා එවැනි විවිධ ත්‍රස්තවාදී සංවිධාන ආරම්භ වුණා. වර්ධරාජ පෙරුමාල්ගේ ඊපීආර්එල්එෆ් හා ඩග්ලස් දේවානන්දාගේ ඊපීඩීපී ඉන් ප්‍රධාන සංවිධාන දෙකක්. මේ සියල්ලන්ට අවශ්‍ය වූයේ ඊනියා තමිල් ඊළම.
මේ
සංවිධානවල නායකයන් රාමනාදන්ගේ හා අරුණාශලම්ගේ දේශපාලන මුණුබුරන්. චෙල්වනායගම්ගේ හා නාගනාදන්ගේ දේශපාලන බෑණලා. රාමනාදන්ලා චෙල්වනායගම්ලා ජීවත් වුණේ කොළඹ. ඔවුන් හා ඔවුන්ගේ දරුවන් බොහෝ විට ඉගෙන ගත්තේ කොළඹ පාසල්වල. ඔවුන් යාපනයට ගියේ ඡන්ද ගැනීමට. යාපනයේ ජනතාව මුළා කර ඔවුන්ගේ ඡන්දයෙන් කොළඹ පැමිණ දේශපාලනය කිරීමයි ඔවුන් කෙළේ. අදත් සුමන්තිරන් වැන්නන් කරන්නේ එයයි. අමිර්තලිංගම් නම් යාපනයේ ඉගෙන ගත් අයෙක්. එහෙත් ඔහු කොළඹට පැමිණ නීතිඥයෙක් වුණා. ඔහු විරුද්ධ පක්‍ෂයේ නායකයා වූ බව ද අමතක නොකළ යුතුයි. කදිරගාමර් වැන්නන් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙන කොළඹ නීතිඥයකු ලෙස සිංහල දේශපාලනඥයන් සමග කටයුතු කළා.
ප්‍රභාකරන්ගේ පරපුර එසේ නො වෙයි. ඔවුන්ට කොළඹ සමග සම්බන්ධයක් තිබුණේ නැහැ. ඔවුන් බොහෝ විට යාපනයේ මඩකලපුවේ ත්‍රිකුණාමලයේ අධ්‍යාපනයක් ලැබු හෝ නොලැබූ හෝ අය. එක් අයකුට දෙදෙනකුට හැර කොළඹ මහනුවර සමග සම්බන්ධයක් තිබුණේ නැහැ. ඔවුනුත් ඊනියා නිරප්‍රභූන්. ලොක්කන් වීමට දැඟලූ සොක්කන්. ඔවුන් අතින් දෙමළ ලොක්කන් ඝාතනය කෙරුණේ ඒ ලොක්කන් එක්කෝ සිංහලයන් සමග වැඩ කළ නිසා නැත්නම් ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයට සිංහලයන්ට විරුද්ධ ව වැඩ නොකළ නිසා.
ඊනියා
නිර්ප්‍රභූන් උතුරේ මෙන් ම දකුණේ ද ආයුධ අරගත්තා. අද ඉන්න ඊනියා නිර්ප්‍රභූන්ට ඇත්තේ අවිය නොව කයිය පමණයි. ඔවුන්ට අවි ගැනීමටවත් හයියක් නැහැ. ඒ නිසා ඔවුන් කයිය මත පදනම් වෙනවා. කෙසේ වෙතත් සියලූ ඊනියා නිර්ප්‍රභූන්ගේ
ලක්‍ෂණයක් වන්නේ ඔවුන් මාක්ස් අතහැරීමයි. මාක්ස් ගැන කතා කළත් තමන්ට නොතේරෙන එංගල්ස්ගේ ඊනියා දයලෙක්තිකයක් ගැන කයිය ගැහුවත් ඔවුන්ට කම්කරු පංතියක් ගැන විශ්වාසයක් නැහැ. ඒ නැති කම්කරු පංතියක් ගැන විශ්වාස කෙළේ සමාජවාදීන් වූ ප්‍රභූන් යැයි කියන්න පුළුවන්.
මෙහි
අප අමතක කරන තවත් වැදගත් සාධකයක් තියෙනවා. ඒ තමයි දෙමළ ත්‍රස්තවාදීන්ට ඉන්දියාවෙන් විශේෂයෙන් තමිල්නාඩුවෙන් ලැබුණු සහයෝගය. මේ සංවිධානවල සාමාජිකයන් අවි පුහුණුව ලැබුවේ තමිල්නාඩුවේ දී. ඒ සංවිධාන අතර ගැටුම් ද තිබුණා. චෙන්නායි වීදියක ප්‍රභාකරන් හා උමා මහේස්වරන් දෙමළ චිත්‍රපටයක මෙන් එකිනෙකා සමග සටන් වැදුණා. ප්‍රභාකරන්ගේ සීයලා හා බාප්පලා පිටුපස එංගලන්තය සිටියාක් මෙන් ප්‍රභාකරන් හා ඔහුගේ දෙමළ මස්සිනාලා පිටුපස බටහිරයන් මෙන් ම ඉන්දියාව ද සිටියා. ප්‍රභාකරන්ගේ සිංහල මස්සිනාලා පිටුපස සිටියේ බටහිරයන්.
සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට විරුද්ධ ව ඉන්දියාව හා බටහිරයන් දෙමළ ත්‍රස්තවාදී සංවිධාන යොදා ගත්තා. අනෙක් දෙමළ ත්‍රස්තවාදී සංවිධාන අවියෙන් ම පරාජය කළ ප්‍රභාකරන් පසුපස දිගට ම ඉන්දියාව හිටියා. බටහිරයන් ඔවුන්ට ප්‍රචාරය හා ධනය දුන්නා. කොටි සංවිධානයට මුදල් දුන්නේ රුපියලක් දීමට පෙර රුපියල හතර පස් වතාවක් අතගා බලන සාමාන්‍ය දෙමළ ජනයා නො වෙයි.
දෙමළ
ත්‍රස්තවාදී සංවිධාන ශක්තිමත් වූ පසු ඉන්දියාව බටහිරයන්ගේ අනුග්‍රහයෙන් ජේ ආර් ජයවර්ධනට බලපෑම් කළා, ඔවුන් එහි දී ගාමිණී දිසානායකත් යොදා ගත්තා. ඉන්දු ලංකා ගිවිසුම එහි ප්‍රතිඵලයයි. ඉන්දියාවට අවශ්‍ය වූයේ දෙමළ ත්‍රස්තවාදී සංවිධාන උපයෝගී කරගෙන මුල දී උතුරු හා නැගෙනහිර පළාත්වල තමන්ට මෙහෙයවන්න පුළුවන් පළාත්සභාවක් පිහිටුවා ගැනීමට. වර්ධරාජා පෙරුමාල් වැන්නවුන් එයට එකඟ වුවත් ප්‍රභාකරන් කාගෙවත් අණසකට යටත් වෙන්න කැමති වුණේ නැහැ. ඉන්දියාව ප්‍රභාකරන් දිල්ලියට ගෙනැවිත් බලපෑම් කළත් ඔහු නම්මා ගැනීමට බැරි වුණා. ඉන්දීය ඊනියා සාම සාධක හමුදාව හා කොටි ත්‍රස්තවාදීන් අතර ගැටුම් ඇති වුණා. ඒ සමග වර්ධරාජ පෙරුමාල් ඉන්දීය අනුග්‍රහය යටතේ උතුරූ හා නැගෙනහිර පළාත්වල මහා ඇමති වී ස්වාධීන වෙන්න හැදුවා. ඔහුට සුවාදීන වී තමිල්නාඩුවේ වාසය කරන්න සිදු වුණා.
ප්‍රභාකරන් හා ඉන්දියාව අතර ප්‍රශ්නය උග්‍ර වී කොටි ත්‍රස්තවාදීන් රජිව් ගාන්ධි ඝාතනය කළා. ඉන්පසු ඉන්දියාව ප්‍රභාකරන්ගේ ආධාරයට පැමිණියේ නැහැ. එහෙත් බටහිරයන් දිගින් දිගට ම ප්‍රභාකරන් වෙනුවෙන් පෙනී සිටියා. අදත් ඉන්දියාවත් බටහිරත් සිංහලයන්ට විරුද්ධ ව දෙමළ ත්‍රස්තවාදය දිගට ම ආරක්‍ෂා කරනවා. එහෙත් රනිල්ටත් සිද්ධ වෙනවා හමුදා රණවිරු සමරුවට එක් වීමට. ඒ අතර සිංහල ඊනියා නිර්ප්‍රභූන් කයිය අවියක් යැයි හිතනවා. අද අප වැඩ කළ යුත්තේ සිංහල විරෝධී නොවන, වෙල්ලාල ආධිපත්‍යයට විරුද්ධ ව කටයුතු කරන දෙමළ සංවිධාන සමග. ඒ සඳහා දැන් ඉඩක් ලැබී තියෙනවා.