Main Logo

Tuesday 2 May 2023

මැයි සිතුවිල්ලක්

 

මැයි සිතුවිල්ලක්

 

මැයි දින කථික තරගයේ ජයග්‍රහකයා කවුද යන්න ප්‍රශ්නයක් ලෙස පවතිනවා. එක් එක් අය එයට එක් එක් උත්තර දේවි. එහෙත් මේ සංදර්ශනවලින් කිසිවකුටවත් වැඩක් වෙනවාද යන්නත් ඇසිය යුතු ප්‍රශ්නයක්. මා පළමු වරට මැයි දින පෙළපාලියකට සහභාගි වූයේ 1963 දී. විශ්වවිද්‍යාලයට යෑමට මාස දෙකකට පමණ පෙර. අවුරුද්දේ ලංකා සමසමාජ පක්‍ෂය, ලංකා කොමියුනිස්ට් පක්‍ෂය හා මහජන එක්සත් පෙරමුණ එකතු වී එක්සත් පෙරමුණක් ගොඩනගා තිබුණා. මා එවකට ලංකා සමසමාජ පක්‍ෂයේ අනුගාමිකයෙක්. මා පක්‍ෂයේ සාමාජිකයකු වූයේ 1964 විශ්වවිද්‍යාලයේ සිසුවකු ලෙස. 1980 මාර්තු මාසයේ මා නව සමසමාජ පක්‍ෂයෙන් ඉල්ලා අස්වී තිබුණත් අවුරුද්දේත් පක්‍ෂයේ මැයි රැළියට මා සහභාගි වුණා. මගේ අවසාන මැයි රැළිය.

 

1963 පිහිටුවන ලද වාමාංශික එක්සත් පෙරමුණ 1964 දී කැඩී ගියා. ලංකා සමසමාජ පක්‍ෂය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත සමග එක් වී සභාග රජයකට යෑම නිසා. සමග ලංකා සමසමාජ පක්‍ෂයත් කැඩුණා. සමසමාජ පක්‍ෂය ඊට පෙරත් කිහිප වතාවක් කැඩී ගිහින් තිබුණා. ලංකා කොමියුනිස්ට් පක්‍ෂයත් විප්ලවකාරී සමසමාජ පක්‍ෂයත් බිහි වුණේ කැඩී යෑම්වල ප්‍රතිඵල හැටියට. ලංකා කොමියුනිස්ට් පක්‍ෂය දෙවැනි ලෝක යුද්ධ කාලයේ සෝවියට් දේශය හිට්ලර්ට විරුද්ධව එංගලන්තය හා ඇමරිකාව සමග එකතු වූ විට යුද්ධයේ පැත්ත අරගත්තා. ඔවුන් කලක් ජාතික සංගමයත් සමග එකට කටයුතු කළා. ජාතික සංගමය තමයි මූලික වශයෙන් එක්සත් ජාතික පක්‍ෂය බවට වර්ධනය වුණේ.

 

පිලිප් ගුණවර්ධන නායකත්වය දුන් විප්ලවකාරී සමසමාජ පක්‍ෂය 1956 දී ශ්‍රී නි පක්‍ෂය හා තවත් පක්‍ෂ සමග එකතු වී මහජන එක්සත් පෙරමුණ හැදුවා. අද පක්‍ෂයට මහජන එක්සත් පෙරමුණ නම හිමි වෙලා තියෙනවා. සියලු කැඩීම්වලට වඩා 1964 සමසමාජ පක්‍ෂයේ කැඩීම නිසා මහත් කම්පනයක් මතවාදී ක්‍ෂෙත්‍රයේ ඇති වුණා. සමසමාජ පක්‍ෂය විප්ලවය පාවා දී ධනපති සභාගයකට ඇතුල් වුණා යන්නයි මතවාදී විවාදයේ තේමාව වුණේ. බාලා තම්පෝ එඩ්මන්ඩ් සමරක්කොඩි මෙරිල් ප්‍රනාන්ුදු ආදීන් කැඩී ගිය කණ්ඩායම මෙහෙයවූවා. කණ්ඩායම විප්ලවය සාක්‍ෂාත් කර ගැනීමට කටයුතු කරන බවයි කියැවුණේ. කණ්ඩායමත් පසුව කැඩුණා. විරෝධය කණ්ඩායම, කම්කරු මාවත ආදිය හරහා සියල්ල අද සුන්නත් දුලි වෙලා. ඔවුන්ට මැයි දින රැස්වීමක් පැවැත්වීමටවත් බැහැ.

 

ලංකා කොමියුනිස්ට් පක්‍ෂයත් චීන සෝවියට් ප්‍රශ්නය උඩ දෙකට කැඩුණා. චීන පිළ මෙහෙයවූයේ ශන්මුගදාසන්. විජේවීරත් සෝවියට් දේශයෙන් ආපසු පැමිණ චීන කොමියුනිස්ට් පක්‍ෂයට බැඳුනා. ඔහු පක්‍ෂයෙන් කැඩී ජනතා විමුක්ති පෙරමුණ පිහිටුවා ගත්තා. පෙරටුගාමීන් ඉන් කැඩී ගිය කොටසක්. 1974 දී සමසමාජ පක්‍ෂයේ හිටි වික්‍රමබාහු ඇතුළු පිරිසක් වාම සමසමාජය නමින් ප්‍රවනතාවක් හදා ගත්තා. වැඩි කල් යෑමට පෙර සමසමාජ පක්‍ෂය ඔවුන් පක්‍ෂයෙන් පන්නා දැම්මා. නව සමසමාජ පක්‍ෂය බිහිවුණේ ආකාරයෙන්. අද වික්‍රමබාහු ඉන්නේ රනිල් සමග. නව සමසමාජ පක්‍ෂයේ මැයි රැස්වීමක් ගැන අසන්න ලැබුණේ නැහැ.

 

මේ කිසිවකුටවත් විප්ලවය සාක්‍ෂාත් කර ගැනීමට බැරි වුණා. ජනතා විමුක්ති පෙරමුණ විප්ලවයේ නාමයෙන් දසදහස් ගණනකට මරණය හිමිකළා. අද ජනතා විමුක්ති පෙරමුණත් විප්ලවය අත්හැරලා. අද ඔවුන් ජාතික ජනබලවේගය ලෙස පාර්ලිමේන්තු දේශපාලනයේ යෙදෙනවා. එහෙත් ඔවුන්ට සියයට තුනේ කඩඉම තනිව පනින්න බැහැ. ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී ගිය තවත් කණ්ඩායම් පක්‍ෂ තියෙනවා. විමල් වීරවංශගේ උත්තර නැති උත්තර සංගමය මෙන් ජනතා සංගමයත් තියෙනවා. ජනතා සංගමය ගැන බොහෝ දෙනෙක් දන්නෙ නැතුව ඇති.

 

අද කවුරුන්වත් විප්ලවයකට අර අඳින්නේ නැහැ. බාලා තම්පෝ ආදීන් මෙන් වික්‍රමබාහු ආදීන් රෝහණ විජේවීර කැඩී ගියේ  විප්ලවය පාවා දීමට විරුද්ධ විප්ලවය සාක්‍ෂාත් කර ගන්න. එකල කාලෝ ෆොන්සේකා විප්ලවකාරීන්ගෙන් හොඳ ප්‍රශ්නයක් ඇහුවා. සමසමාජ පක්‍ෂය වැරදි නම් කැඩී ගිය අයට විප්ලවය සාක්‍ෂාත් කර ගන්න බැරි වුණේ ඇයි? එයට ඇත්තේ එක් පිළිතුරයි. සාක්‍ෂාත් කර ගන්න විප්ලවයක් නැහැ. ඊනියා කම්කරු පංති විප්ලවය මාක්ස්ගේ වැඩ නොකරන හිතළුවක් පමණයි.

 

මාක්ස්ට කලින් හිටි සමාජවදීන්ට අවශ්‍ය වුණේ ධනපති ක්‍රමයට පොඩි පොඩි සංශෝධන එකතු කරන්න. එහෙත් මාක්ස් ඔවුන් මනෝරාජික සමාජවාදීන් ලෙස නම්කර තම ඊනියා විද්‍යාත්මක සමාජවාදය ඉදිරිපත් කළා. සමාජ විකාශය අච්චුවක දා නිෂ්පාදනය කරන්න ඔහුට අවශ්‍ය වුණා.ඔහු අසාර්ථක බුද්ධිමතකු බව දැන් පැහැදිලියි.

 

පවත්නා ධනපති ක්‍රමය, එයට නම ගැලපෙනවාද යන්නත් ප්‍රශ්නයක්, කිසිසේත් සතුටුදායක නැහැ. අද සමාජය කුඩු කුඩු වෙලා. පෞද්ගලිකත්වය ඉහවහා ගිහින්. සංසේලෂණයට වඩා විශ්ලේෂණය ගව් ගණනක් එහාට ගිහින්. දෙක එකට යන්න ඕන බව අද පිළිගැනෙන්නේ නැහැ. ඊනියා බුද්ධිය හැඟීම්වලින් වියෝ වෙලා. අද බටහිර රටවල මිනිසුන් මූලික වශයෙන් ජීවත් වන්නේ තනි තනිව. බුද්ධිය සත්තකින් කෘත්‍රීම බුද්ධියක් වෙලා.

 

එහෙත් එයට විකල්පය කුමක් ? මැයි දින වේදිකාවල බෙරිහන් දීම ? අද මුළු ලෝකය බටහිර ක්‍රිස්තියානි නූතන්තව ආධිපත්‍යයට යටවෙලා. අද ලෝකයේ ඇත්තේ එක මතවාදයක්. දැන් දවුරුදු ගණනක් තුළ BRICS නමින් රටවල් පහක්, බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු ඇමරිකාව ක්‍රියාත්මක වෙනවා. එයට බැඳෙන්න ආජන්ටිනාව ආදී රටවල් ඉල්ලුම් කර තියෙනවා. රටවල් පහේ නව සංවර්ධන බැංකුවක් කියා බැංකුවකුත් තියෙනවා. බංග්ලාදේශය හා තවත් රටවල් බැංකුවට එකතු වෙලා.

 

එහෙත් ඔවුන්ට තමන්ගේ කියා මතවාදයක් නැහැ. ඔවුන්ට බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙන් පිටට යන්න බැහැ. තම තමන්ගේ රටවලට ආවේණික සංසකෘතීන් මත පදනම් වෙනත් මගක යෑමට ඔවුන් උත්සාහ කරන්නේ නැහැ. සමහර විට  සියල්ලන්ට පාහේ එක්තරා ආකාරයක බියක් දැනවීමට බටහිර ක්‍රිස්තියානි නූතනත්වය සමත් වෙලා කියා මට හිතෙනවා. බටහිර නූතනත්ව මග මිස වෙනත් මගක් නැතැයි යන හැඟීමක් ලෝකයේ ජනිත කෙරිලා තියෙනවා. මාක්ස්ගේ හිතළුව වැඩ නොකිරීමත් එහි දී බලපාන්න ඇති.