Main Logo

Thursday 18 May 2023

පරගලයේ මීළඟ පියවර

 

පරගලයේ මීළඟ පියවර

 

රනිල් හදිසි ජනාධිපතිවරණයක් පවත්වන්න සූදානම් වෙන බවට වාර්තා වෙනවා. ඔහුට අවශ්‍යයි ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වී අවුරුදු හතරක් ඉක්ම යෑමෙන් පසු, එනම් මේ අවුරුද්දේ ජනාධිපතිවරණයක් පවත්වන්න. එයට හේතුව ලබන අවුරුද්ද වෙනකම් හිටියොත් තමා පරදින බව ඔහු දන්නා නිසා. අද ඔහු සුරංගනා ලෝකයක් මවා ඇත්තේ බොහොමයක් ණය නොගෙවා සිටීමෙන් මිස සුවිශේෂ ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් නො වෙයි. ලබන අවුරුද්දේ ණය ගෙවීමට සිදු වූ විට නැවත අර්බුද තත්වයක් මතු වී තම සුරංගනා ලෝකය කඩා වැටෙන බව ඔහු දන්නවා.

 

එහෙත් ව්‍යවස්ථාවේ 30 වැනි වගන්තිය ඔහුට පටහැණි වෙනවා. මා අදාළ කොටස් උපුටා දක්වනවා.  

 

“30  (3) (i)    මේ පරිච්ඡෙදයේ ඉහතින් වූ විධිවිධානවලට  පටහැනිව කුමක් සඳහන්ව ඇත , ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශනයක් මගින් වැඩිදුර කාලයක් සඳහා තමා තෝරා පත් කර ගැනීමෙන් ධුරය දැරීම පිණිස වරමක් ලබා ගැනීම සඳහා ජනතාව වෙත ආයාචනය කිරීමේ තම අභිලාෂය තම ප‍්‍රථම ධුර කාලය ආරම්භ වී අවුරුදු හතරක් ඉකුත්වීමෙන් පසු යම් අවස්ථාවක ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශ කරනු ලැබිය හැක්කේ .

 

30 ()    40 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ ජනාධිපති ධුරයට අනුප‍්‍රාප්ත වන තැනැත්තකුට, මේ අනුව්‍යවස්ථාවේ () ඡේදය මගින් ජනාධිපතිවරයකු වෙත පවරා ඇති අයිතිය ක‍්‍රියාත්මක කිරීමේ හිමිකම් නොමැත්තේ .”

 

30 වැනි වගන්තියේ (3 ) අනුවගන්තිය අනුව අවුරූදු හතරක් ගත වීමෙන් පසුව ජනාධිපතිවරණයක් කැඳවා දෙවැනි වතාවකට ඉදිරිපත් විය හැක්කේ මහජන ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයකුට. 30() අනුවගන්තිය අනුව 40 වැනි වගන්තිය අනුව ජනාධිපති ධුරයට පත්වෙන අයකුට, එනම් පාර්ලිමේන්තු ඡන්දයෙන් පත්වන අයකුට එසේ ජනාධිඔතිවරණයක් කැඳවන්න බැහැ. රනිල්ට අවශ්‍ය 30 () වගන්තිය සංශෝධනය කිරීමට.

 

එහෙත් එලෙස ව්‍යවස්ථාවේ කිසියම් විධිවිධානයක් වෙනස් කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍යයි. ඇතැම් ඊනියා නීති විශාරදයන් එයට වෙනත් අර්ථ නිරූපණයක් දී පාර්ලිමේන්තුවේ සාමාන්‍ය වැඩි ඡන්දයකින් අනුවගන්තිය වෙනස් කරන්න හැකි බවක් කියනවා. මා නීති විශාරදයකු තබා නීතිඥයකුවත් නො වෙයි. එහෙත් මට තේරෙන ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාවේ කිසියම් විධිවිධානයක් වෙනස් කිරීමට පරිච්ඡින්න කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍යයයි. සඳහා බලපවත්වන වගන්ති මෙසේයි.  

 

“82 (5)     ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ යම්කිසි විධිවිධානයක් සංශෝධනය කිරීම සඳහා වූ හෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කොට වෙනුවට වෙනත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ප‍්‍රතියෝජනය කිරීම සඳහා වූ හෝ යම්කිසි පනත් කෙටුම්පතකට පක්ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාව (නොපැමිණි මන්ත‍්‍රීවරයන් ඇතුළුව) මුළු මන්ත‍්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට අඩු නොවුවහොත් සහ 80 වැනි ව්‍යවස්ථාවේ හෝ 79 වැනි ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූලව, අවස්ථාවෝචිත පරිදි ජනාධිපතිවරයා විසින් හෝ කථානායකවරයා විසින් හෝ ස්වකීය අත්සන ඇතිව සහතිකයක් එහි සටහන් කරනු ලැබූ විට පනත් කෙටුම්පත නීතිය බවට පත් වන්නේ .

 

82 (6)       යම්කිසි නීතියක යම්කිසි විධිවිධානයක්, මේ ව්‍යවස්ථාවේ ඉහතින් වූ නියමයන්ට අනුකූලව පනවනු ලැබුවහොත් මිස එයින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නැතහොත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ යම්කිසි විධිවිධානයක් සංශෝධනය නොවන්නේ ; පරිච්ඡින්න නොවන්නේ ; ප‍්‍රතියෝජනය නොවන්නේ . තව , එසේ සංශෝධනය වන්නාක් සේ හෝ පරිච්ඡින්න වන්නාක් සේ හෝ ප‍්‍රතියෝජනය වන්නාක් සේ හෝ නොසැලකිය යුත්තේ . තව , එසේ අර්ථ නිරූපණය නොකළ යුත්තේ ය; තේරුම් නොගත යුත්තේ .

 

82 (7)     මේ පරිච්ඡෙදයෙහි "සංශෝධනය" යන්නට පරිච්ඡින්න කිරීම, වෙනස් කිරීම සහ එකතු කිරීම ඇතුළත් වේ

 

ඉතා පැහැදිලි ව්‍යවස්ථාවෙන් කියන දේට පටහැණිව ඇතැමුන් රනිල්ට මේ අවුරුද්දේ ජනාධිපතිවරණයක් කැඳවීමට අවස්ථාව ලබා දෙන්න සූදානමක් පවතිනවා. සමහර විට තමාට ජනාධිපති වීමේ හැකියාවක් තිබෙන බව හිතන සජිත් ව්‍යවස්ථා සංශේධනයකට පක්‍ෂ වෙන්නත් පුළුවන්. දෙමළ හා මුස්ලිම් ඡන්ද ලබා ගැනීම සඳහා වෙල්ලාලයන් සතුටු කිරීමේ ප්‍රතිපත්තියක් අද අනුගමනය කෙරෙන බව පැහැදිලියි. ත්‍රිකුණාමලයේ සියම් නිකායේ පෙරහැර නැවැත්වීමට දෙමළ ජාතිවාදීන්ට හැකි වුණා. අද ආණ්ඩුව නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන ආරක්‍ෂා කරන්නේ නැහැ. නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන ආරක්‍ෂා කර ගැනීමට කටයුතු කරන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අකර්මණ්‍ය කිරීමට කටයුතු කරන බවත් පැහැදිලියි.  අර ආණ්ඩුකාරවරුන් වෙනස් කිරීමේ දීත් දෙමළ ජාතිවාදී බලපෑම් සිදු වී තිබෙන බව පැහැදිලියි.

 

මේ වසර අවසානයේ ජනාධිපතිවරණයක් පැවැත්තුවත් රනිල්ට සියයට පනහක් ඡන්ද ගන්න බැහැ. එහෙත් සූරංගනා ලෝකයේ ජීවත්ව අය සජිත්ට වඩා ඔහුට ඡන්දය දේවි. ජාතිකත්වයට අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන්න කල් මදී. රනිල්ගේ බලාපොරොත්තුව මනාප ගණන් කිරමේ දී වැඩි ඡන්දය ලබා ගැනීමටයි.

 

සුරංගනා ලෝකයක් මවා තවත් අවුරූදු පහකට ජනාධිපති වීමේ රනිල් වෑයම පරද කරන්න ඕන. ඔහුට අවශ්‍ය 2048 මොකක් කියා පැහැදිලියි. සුභසාධන කපා දමන සිංහල බෞද්ධකමට මෙරට හිමි විය යුතු විශේෂත්වය නැති කරන රටක් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට අවශ්‍ය විධියට ඇති කිරීම පරගලයේ අරමුණ වුණේ. මේ පරගලයේ දෙවැනි පියවරයි.

 

ගිය අවුරුද්දෙ වෙසක් කළු කර ප්‍රභාකරන්ට පහන් පත්තු කළ අය අදත් පහන් පත්තු කරනවා. හෙට නන්දිකඩාල් ජයග්‍රහණයට අවුරුදු දහහතරක් පිරෙනවා. බටහිරයන් හා ඔවුන්ගේ විවිධ නියෝජිතයන් මේ පළිගන්නේ තමන් පරාජයට පත් කළ සංස්කෘතියකින් හා නායකයන්ගෙන්. අපට බටහිර සැලසුම් තවමත් අවබෝධ කර ගන්න බැරි නම් දෙයියන්ගෙ පිහිටයි.