Main Logo

Tuesday 9 May 2023

බුදුහාමුදුරුවන්ට ගල් පෙරළන වසවර්තියෝ

 

බුදුහාමුදුරුවන්ට ගල් පෙරළන වසවර්තියෝ

 

සිංහල බෞද්ධයන් කෙරෙහි කලණ මිතුරු බවක් පවත්වන බව කියමින් වසවර්ති මාරයන් මෙන් ක්‍රියා කරන පිරිසක් බුදුහාමුදුරුවන් ඉතා සාමාන්‍ය මිනිසකු බව කීමට උත්සාහ කරන බව පේන්න තියෙනවා. ඔවුන්ට අවශ්‍ය සිංහලයන් සම්පූර්ණයෙන් බෙලහීනයන් බවට පත් කරන්න. ඊනියා ශාස්ත්‍රීය පැත්තෙ එක් කොටසක්. අනෙක් කොටසක් බටහිරට අවශ්‍ය ආකාරයට බුදුදහම කියන්න උත්සාහ කරනවා. අද මෙරට ඇතැම් උපාසක උපසිකාවන්ට සුදු හාමුදුරුනමක් බණ කියනවා කිවුවොත් මොන අමාරුකම තිබුණත් දුවගෙන යනවා. තවත් කොටසක් බුදුදහම විද්‍යාත්මක කරන්න හදනවා. අතර සිංහල බෞද්ධයන් උතුරු හා නැගෙනහිර පළාත්වලින් ඉවත් කරන්න හදන අයත් ඉන්නවා.

 

අර කේ එන් ජයතිලක තමයි  ඤාණය පිළිබඳ මුල් කාලීන බෞද්ධ ප්‍රවාදයක්  (Early Buddhist Theory of Knowledge) ගැන කිවුවෙ. ප්‍රවාදය කවුරු ගොතපු එකක් දන්නෙ නැහැ. ප්‍රවාද කියන්නෙ කතන්දර. ඕන නම් වැඩ කරන හිතළු. අයින්ස්ටයින් නම් හොඳ හිතළු ගොතපු කෙනෙක්. ඔහු වැඩ කරන හිතළු කිහිපයක් ගෙතුවා. එහෙත් ක්වොන්ටම් භෞතිකය ගැන ඔහුගෙ පසුකාලීන හිතළු වැඩ කෙළේ නැහැ. ඔහුට අවශ්‍ය වුණෙ ඊනියා යථාර්ථයක් ඇති බව කීමට. ඔහු ක්වොන්ටම් සම්භාවිතා ගැන උපහාසයෙන් කිවුවෙ දෙවියන් වහන්සේ දාදු කෙළන්නෙ නැහැ කියා. එහෙත් බෝර් ආදීන් සම්භාවිතා ගැන කිවුවා. මා හිතන්නෙ නැහැ බටහිරයන් බෝර් ආදීන් දිගට පිළිගනීවි කියා. ඔවුන්ට අවශ්‍ය වන්නෙ නිශ්චිත දෙයක් ලැබෙන කතාවක් ගොතන්න.

 

මා දන්න තරමින් බුදුහාමුදුරුවන් හැර අනෙක් අය දැනුම එකතු කරන්න තව තවත් කතා ගොතන්න තමයි කියා ඇත්තෙ. එහෙත් බුදුහාමුදුරුවන්ට ඕන වුණෙ සසර කෙළවර කරන්න. සසර කෙළවර කරනවා කියන්නෙ යළි ඉපදීම නැති කිරිම. යළි ඉපදෙන්නෙ නැත්නම් ඔය දන්න දැනුමට මොකද වෙන්නෙ. සසර කෙළවර කරනවා කියන්නෙ මැරෙණ විට කෙළවර කිරීමක් නො වෙයි. සසර මේ භවයේදී කෙළවර කරනවා. එහෙත් පිරිනිවන් පාන තෙක් වැඩ ඉන්නවා. සෝපාදිශේෂ නිවන කියල ඒකට කියනවා. පිරිනිවන් පෑමේ දී නිරූපාදිශේෂ කියනවා. කිසිම උපාදියක් ඉතුරු වෙන්නෙ නැහැ. එහෙත් සසර කෙළවර කරන තත්වයකට පත්වෙන්නෙ මේ භවයේ දී.

 

අප ස්වර්ගයට ගිහින් හරි බ්‍රහ්මන් සමග එක් වී හරි සදාකාලික ජීවිතයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. අප උත්සාහ කරන්නෙ මරණය නැති කරන්න නොව ඉපදීම නැති කරන්නයි. ඉපදීම නැති කළාම මරණයත් නැති වෙනවා. බුදුහාමුදුරුවන් අපට තණ්හාව නැති කරන්න කියා දේශනා කර තියෙනවා. තණ්හාව තියෙන්නෙ සත්වයකුට. සත්වයකුට තණ්හාව නැති කරන්න පුළුවන් කොහොම ? අපට තණ්හාව ඇති වන්නෙ අප දේ වස්තු හැටියට සලකන නිසා. වගේ තණ්හාව ඇති වන්නෙ අපට. තණ්හාව නැති කිරීමේ දී දේ වස්තු හැටියට දැකීමත් තමන් කියා කෙනකු ඇති බව ගැනීමත් දෙක නැති කරන්න ඕන. කියන්නෙ දැනුම අත්හරින්න ඕන.

 

බුදුහාමුදුරුවන් දැනුම අත්හරින්න කියා ආකාරයෙන් දේශනා කර නැතුව ඇති. එහෙත් උන්වහන්සේගේ සූත්‍රවලින් බව කියැවෙනවා. දැනුම තියාගෙන සසර කෙළවර කරන්න පුළුවන් ? අනත්ත ලක්ඛණ සූත්‍රය හා දම්සක් පැවතුම් සූත්‍රය පමණක් කියෙවුවත් බුදුදහම ගැන හොඳ දැනුමක් ලබන්න පුළුවන්. පස්වග තවුසන්ට රහත් වෙන්න පුළුවන් වුණෙ සූත්‍ර වලින්. මා දන්නවා අප රහත් වෙන්න තරම් පෙරුම් පුරලා නැහැ. එහෙත් හිතන්න පුළුවන් නම්, බුදුදහමට වෛර කරන්නෙ නැත්නම්, තමන් මහා බුද්ධිමතකු කියා හිතන්නෙ නැත්නම්, බුදුදහම ගැන යම් දැනුමක් ලබා ගන්න සූත්‍ර දෙක ප්‍රමාණවත්. අවශ්‍ය නම් වච්චගොත්ත සුත්‍රයත් කියවන්න. මා ලිපිවල කියන කිසි දෙයක් බුදුදහමට විරුද්ධ වන්නෙ නැහැ. බුදුහාමුදුරුවො දේශනා කළෙ තමා කියන සංකල්පය වැරදියි කියා. තමා කියන එක අත්හරින්නෙ නැතුව සසර කෙළවර කරන්න පුළුවන් ? අනෙක් දැනුම් ගැන කියනුම කවරේ ?

 

අනෙක් අය සියල්ලන් කිවුවෙ දැනුම වැඩි කර ගන්න ආකාරය. සසර දික් කරගන්න ආකාරය.මා නිවුටන් හා අයින්ස්ටයින් ගැන තරමක් දන්නවා.  මා පශ්චාත් උපාධියටත් හෑදෑරුවෙ ඔවුන්ගෙ කතා. කතා ඇසුරෙන් මා ගැටළු දෙකක් විසඳුවා. කතා ඇසුරෙන් අඳුරු ශක්තිය හා අඳුරු ද්‍රව්‍යය විස්තර කරන්න බැහැ.  ඔවුන් බුදුහාමුදුරුවන්ගෙ පයට පෑගෙන දූවිලිවලටවත් සම කරන්න බැහැ.  ඔචුන් කෙළෙ කතා ගොතන එක. වෙනත් විධියකට කියනවා නම් බොරු ගොතපු එක. සමහර බොරු වැඩ කරනවා. ඔවුන් කතා ගෙතුවෙ තමන්ගෙ සංස්කෘතියෙ. අපට විධියට කතා ගොතන්න බැහැ. අපි මොන තරම් බටහිරට වැන්දත් බටහිරයන් අනුකරණය කළත් අපට එක් පරම්පරාවකින් සංස්කෘතියට කිඳා බහන්න බැහැ. සිංහලයන්ට සංස්කෘතියෙ ශාස්ත්‍රීය අංශයට තියා එහි වෙළෙඳ නැත්නම් ව්‍යවසායික සංස්කෘතියටවත් කිඳා බහන්න බැහැ. ඉන්දියානුවන්ට යම් ප්‍රමාණයකට පුළුවන්. වෛදික චින්තනයෙන් එන්නක්. බටහිරයන් පරම සත්‍යයක් විශ්වාස කරනවා. වෛදිකයනුත් එහෙමයි. නිවන ඊනියා පරම සත්‍යයක් නො වෙයි. සත්‍යය කියන්නෙ සත්බව නැත්නම් පැවැත්ම එක්ක හදාගත්ත සංකල්පයක්. නිවනේ සත්බව මොකක් ? 

 

කොණ්ඩඤ්ඤ කියන්නේ ඤාණයෙන් අගතැන්පත් කියන එක. පස්වග මහණකු ලෙස. බණ අහලා අඤ්ඤා කොණ්ඩඤ්ඤ වුණා. අඤ්ඤා කියන්නෙ විශේෂිත ඤාණයක් කියල සමහරු කියනවා. මා සමග එකඟ වෙන්නෙ නැහැ. අඤ්ඤා කියන එකෙන් මට නම් තේරෙන්නෙ ඤාණය අත්හැරිය බව. පළමුවෙන් බණ අහලා අඤ්ඤා වූ හාමුදුරුවන්. පස්සෙ දවසක පටිච්චසමුප්පදාය හා නාගර්ජුන හාමුදුරුවන් ගැන කතා කරමු.