Main Logo

Thursday 7 July 2022

රනිල් හා රනිල්දාස

 

රනිල් හා රනිල්දාස

 

රනිල්දාසට  ඇති ජාතිකත්වයක්වත් ඊනියා සමාජවාදයක්වත් නැහැ. ජ වි පෙ කියන්නෙ ජාතිකත්වය හා ඊනියා සමාජවාදය අතර කලක් දෝලනය වුණු පක්‍ෂයක්. එහි නට්සිවාදී අදහස් ද තිබුණා. ඒ විජේවීරගෙ ජ වි පෙ. ඒ සම්ප්‍රදාය සෝමවංස අමරසිංහ  නායකත්වයෙහි ඉන්දැද්දිත් තිබුණා. ඒත් සෝමවංස පක්‍ෂයෙන් ගියායින් පසු ජ වි පෙ නට්සිවාදී පක්‍ෂයක් ලෙස පමණක් ක්‍රියාත්මක වෙනවා.

 

නට්සිවාදී පක්‍ෂයක සංවිධානයක මූලික ලක්‍ෂණය වන්නේ විරුද්ධ මතවලට ඉඩ නොදීමත්  එවැනි මත මර්දනය කීරීමත්. මර්දනය කිරීමට යොදා ගන්නා ක්‍රමය කුමක් ද යන්න ප්‍රශ්නයක් නො වෙයි. ඒ සඳහා ආයුධ සන්නද්ධ වීම අනිවාර්ය නැහැ. ආයුධ නැතිවත් ප්‍රචණ්ඩත්වය යොදන්න පුළුවන්. අනෙක තැනැත්තාගේ භාෂණයේ නිදහස, ගමනාගමනයේ නිදහස විතරක් නොවෙයි කැමැත්තෙන් හරි අ කැමැත්තෙන් හරි පෝලිමේ සිටීමේ නිදහස නැති කිරීමත් පැසිස්ට්වාදී ක්‍රියාවන්. ගෙවල් ගිනිතැබීම් ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ.

 

නට්සිවාදීන් පෙනී සිටියේ ජාතික සමාජවාදීන් ලෙස. ජ වි පෙ ජාතිකත්වය හා ඊනියා සමාජවාදය අතර දෝලනය වන විට ඒ ජාතික සමජවාදී හැඩහුරුවත් වක්‍ර ව හරි ලැබුණා. නට්සිවාදය කියන්න පැසිස්ට්වාදයේ එක් ප්‍රභේදයක්. ඔවුන් නම කුමක් වුවත් අවසානයේ දී පෙනී සිටින්නේ ධනවාදය වෙනුවෙන්. හිට්ලර් මුසෝලිනී පමණක් නොව පාප්වහන්සේත් එක්කෝ වැඩවසම් ඒකාධිපතියන් නැත්නම් ධනවාදී ඒකාධිපතියන්.

 

රනිල් කියන්නෙත් ධනවාදී ඒකාධිපතියෙක්. ඔහුගේ ඇති ප්‍රජාතන්ත්‍රවදයක් නැහැ. ඔහු අද අගමැති වී ඉන්නෙ බටහිර අනුග්‍රහයෙන් පාර්ලිමේන්තු මැතිවරණ නියෝජිතත්වයක්වත් නැතුව. දින පනස්දෙකේ ආණ්ඩුවේ අගමැති වූ මහින්දට තිබූ මන්ත්‍රීබලය රනිල්ටවත් රනිල්දාසටවත් නැහැ. රනිල් එදා මහින්ද අගමැති වීමට විරුද්ධ වුණා. රනිල්දාස රනිල්ගේ විශ්වාසභංගය නියම දාසයකු ලෙස පාර්ලිමේන්තු ලේකම්ට චාරදුන්නා.

 

අද ඔවුන් දෙදෙනා කරන්නේ කුමක් ද? රනිල් අගමැති වෙලා කිසිම පාර්ලිමේන්තු බලයක් නැතුව, රනිල්දාසට තියෙන බලය කුමක් ද? ඔහුටත් බලයක් නැහැ. ඒත් ඔහු අගමැති වීමට කැමැත්ත පළ කර ප්‍රකාශයක් නිකුත් කෙළේ දින කිහිපයකට පෙර. සජිත් ඉල්ලන්නේ ගෝඨා ගෙදර යැවීමට. ඒත් රනිල් මෙන් ම රනිල්දාසත් තාවකාලික ව ගෝඨාභය ජනාධිපති ලෙස තබාගෙන අගමැති පදවිය දැරීමට කැමතියි. රනිල්ට අවශ්‍ය යම් දිනක ජනාධිපති පදවියේ බලතල කපා හැර තමාට ඒ බලතල ලබා ගැනීමට. රනිල්දාසට අවශ්‍යත් එයයි. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුටවත් තනි බලයක් දුන්නොත් ඒ ආපසු ගැනීමට කලාපීය යුද්ධයක් කරන්න වේවි.      

 

එහෙත් රනිල්දාසටවත් රනිල්ටවත් ආර්ථික  අර්බුදයට විසඳුම් නැහැ. රනිල්ට වගේ නොව රනිල්දාසට තම පක්‍ෂයේ අනුගාමිකයන් එකට තබා ගන්න ඕන. ඒ නිසා ඔහු අර ප්‍රකාශය කර දින කිහිපයකින්  එය සංශෝධනය කර ගෝඨාභය ඉන්නතුරු අගමැති නොවන බව කිවුවා. ඒ අතර ඔහු කියනවා අගමැති වීමට තමාටවත් රනිල්ටවත් ජනවරමක් නැහැ කියා!  රනිල්දාසට තම ස්වාමියා තරමටවත් සංගත ව යමක් කියන්න බැහැ. පඬි නැට්ටන්ට මෙලෝ දෙයක් කියන්න බැහැ. චතුස්කෝටිකය ගැන ඔවුන්ට කිසිම අවබෝධයක් නැහැ. කලනය ටිකක් කරල තිබුණ නම් උගන්නන්නවත් තිබුණා. ඒත් කතා කරන්නෙ නම් දයලෙක්තියක් ගැන. හරි යනවා නැත්නම් වැඩ කරනවා කියන්නෙ හරි නොවෙයි. රනිල්දාස අද ඉල්ලන්නේ කෝඳුරු තෙල් හත් පට්ටයක් හා තවත් ටිකක්. රනිල් තම දාසයාට ඒ ටික දෙන්න සූදානම් නැහැ. අද සුළු කාලයකට රඟ දැක්වෙන්නේ ඒ නාට්‍යයයි