තව දින කිහිපයකින් තවත් අවුරුද්දක් උදාවනු ඇත. ඒ සූර්යයා මීන රාශියේ සිට මෙිෂ රාශියට සංක්‍රමණය වීමත් සමග ය. සූර්යයා පෘථිවිය වටා චලනය වීමෙි දී දළ වශයෙන් දින 365 1/4කට වරක් මෙි සංක්‍රමණය සිදුවෙයි. සූූර්යයා ගමන් නොකරන බවත් පෘථිවිය නමි සූර්යයා වටා චලනය වන බවත් එබැවින් මෙය මිථ්‍යාවක් බවත් පඬියන් කියනු ඇත. කොපර්නිකස් පෘථිවිය සූර්යයා වටා චලනය වන බව දැනගෙන අවුරුදු පන්සියයක් පමණ වන බවත් එහෙත් අප ඒ ගැන නොදැනීම පුදුමයට කරුණක් බවත් පඬියන් තවදුරටත් ප්‍රකාශ කිරීමට ඉඩ ඇත. එහෙත් මෙරට පඬිවරු, විශේෂයෙන් ම බටහිර දැනුමෙන් හිස පුමිබාගත් පඬිවරු බටහිර දැනුම සමිබන්ධයෙන් ද බොහෝ දේ නො දනිති. චලිතය සාපේක්‍ෂ බවත් නිරපේක්‍ෂ චලිතයක් නොමැති බවත් ඔවුන් නොදන්නා සේ ය. සූර්යයාට සාපේක්‍ෂව පෘථිවිය චලනය වන්නා සේ ම පෘථිවියට සාපේක්‍ෂව සූර්යයා ද චලනය වෙයි. අවුරුද්ද උදාවන්නේ සූර්යයා පෘථිවියට සාපේක්‍ෂව අවකාශයේ තරු පොකුරු (රාශි) පසුබිමි කරගෙන චලනය වන බැවිනි. අවශ්‍ය නමි කෙනකුට සූූර්යයාට සාපේක්‍ෂව පෘථිවියේ චලනය පදනමි කරගෙන ද අවුරුද්ද උදාවන ආකාරය ප්‍රකාශ කළ හැකි ය. අපේ අවුරුද්ද උදාවන විට දළ වශයෙන් සූර්යයාට සාපේක්‍ෂව පෘථිවිය කන්‍යා රාශියේ සිට තුලා රාශියට සංක්‍රමණය වෙයි. පඬියන්ට අවශ්‍ය නමි එසේ ප්‍රකාශ කිරීමෙි වරදක් ද නැත. අවුරුද්ද උදාවන දිනය හා වෙිලාව ක්‍රමයෙන් ඉදිරියට ඇදී යයි. රොබටි නොක්ස් පැමිණි දිනවල එකල ඉංගිරිසින් යොදාගත් ජුලියස් දින දර්ශනය අනුව අවුරුද්ද උදාවූයේ මාර්තු මස අග දී ය. එහෙත් අද ලෝකයේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ආධිපත්‍යය යටතේ යොදාගැනෙන ග්‍රෙගරි දින දර්ශනය අනුව නමි එදා අවුරුද්ද උදා වී ඇත්තේ අප්‍රියෙල් මස මුල දී ය. අවුරුද්ද සාමාන්‍යයෙන් දින 76කට වරක් එක් දිනයකින් ඉදිරියට යයි. තව අවුරුදු සියයකින් පමණ අවුරුද්ද අප්‍රියෙල් 15 හා 16 දිනවල උදාවනු ඇත. මෙයට හේතුව පෘථිවියේ අයනය ය. එනමි පෘථිවි අක්‍ෂය පෘථිවි (සූර්ය) ගමන් මාර්ගයට ලමිබ වූ අක්‍ෂය වටා භ්‍රමණය වීම ය. (වැඩි විස්තර සඳහා සිංහල අවුරුද්ද නමින් පළ වී ඇති පොත කියවන්න). අවුරුද්ද උදාවීම හා මෙකල මන්නාරමට හෝ දෙවුන්දරට හෝ හිරු මුදුන්වන දිනය අතර සමිබන්ධයක් නැත. බටහිරට ගැති පඬියන් මෙන් ම කිසිම තර්කයකට නැතිව හුදෙක් ආවෙිගීව අදහස් ප්‍රකාශකරන අය ද මෙරට වෙති. උත්තරායනයේ දී දෙවුන්දරට හිරු මුදුන්වන්නේ අප්‍රියෙල් මස 5 වැනි දා ය. අප්‍රියෙල් 14 වැනි දාට හිරු මුදුන්වන්නේ දකුණු ඉන්දියාවට ය. ඒ බව විශ්වාස නොකරන අයකු වෙි නමි කළ යුත්තේ අප්‍රියෙල් 14 වැනි දාට දෙවුන්දරට හෝ පේදුරුතුඩුවට හෝ ගොස් සෘජු කෝටුවක් පෘථිිවියට ලමිබව සිටුවා එහි හෙවනැල්ල නැතිවන වෙිලාවක් ඇත් දැයි දැනගැනීම පමණ ය. මෙි පුද්ගලයෝ අවුරුදු පතා තමන්ගේ මතය වැරදි බව පෙන්වාදී තිබිය දී ද ඒ වැරදි මතය ම පුනරුචිචාරණය කරති. හැකිනමි මෙි අයට කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ දෙවැනි අවුරුද්දේ ශිෂ්‍යයකු සමග විවාද කර තම මතය නිවැරදි බව පෙන්වීමට අභියෝග කරමු.
බටහිර ගැති පඬියන් නොදැන සිටිය ද දැනට අවුරුදු 1500කට පමණ පෙර ද භාරතීයයෝ සූර්යයාට සාපේක්‍ෂව සිදුවන පෘථිවියේ චලිතය ගැන දැන සිටියහ. පෝලන්තයේ විසූ කොපර්නිකස්ට ඒ පිළිබඳ දැනුම ලැබී ඇත්තේ ද භාරතයෙනි. කොපර්නිකස් ඒ දැනුම ඉතාලියට රැගෙන ගියේ ඔහු කතෝලික පූජකවරයකු ලෙස පුහුණු වීමට එහි ගිය අවස්ථාවෙි දී ය. ඒ දැනුම යුරෝපයට බෙදාදීමෙි දී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේ ගැලීලියෝ ය. බටහිර විද්‍යාව උපත ලැබීමෙි දී මෙි සංසිිද්ධිය බෙහෙවින් බල පෑවෙි ය. පෘථිවිය චලනය වන බව භාරතීයයන් බොහෝ කලක සිට දැන සිටිය ද ගැලීලියෝගේ කාලයේ දී ද ඒ බව යුරෝපයට ඒත්තු ගැන්වීම ඉතා අසීරු කටයුත්තක් විය. පෘථිවිය චලනය වන බව පෙන්වීමට ගැලීලියෝ ට අභියෝග කෙරිණි. ගැලීලියෝ අවසානයේ දී ඒ සඳහා වියුක්ත දැනුම යොදා ගත්තේ ය. එහෙත් භාරතීයයන්ට එය ප්‍රත්‍යක්‍ෂ සංයුක්ත දැනුමක් විය. පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවූව ද (පඬියන් කී දෙනකු පෘථිවිය චලනය වනු දැක ඇත් ද? එය ඉන්ද්‍රිය ගෝචර අත්දැකීමක් නො වෙි. මා කලකට පෙර පඬියන්ගෙන් ඉල්ලූ ඉන්ද්‍රිය ගෝචර ඉලෙක්ට්‍රෝන දුසිම තවම ලැබී නැත. අවශ්‍ය නමි ඒ සඳහා ඊළඟ අවුරුද්ද තෙක් කල්ගත හැකි ය) දියුණු කරන ලද මනසට සූූරයයාට සාපේක්‍ෂව පෘථිවියේ චලනය දැකගත හැකි විය. ධ්‍යාන මාර්ගයෙන් හා භාවනාවෙන් දැනුම ලබාගැනීමට භාරතීයයන් හා සිංහලයන් පුරුදු වී සිටිය ද යුරෝපීයයනට ඒ කළ නොහැකි විය. ඔවුන් දැනගෙන සිටියේ පංචෙන්ද්‍රියන්ගේ ඇසුරෙන් පමණක් දැනුම ලබාගැනීමට ය. බටහිර විද්‍යාවට අදත් දැනුම ලබාගැනීමෙි දී පංචෙන්ද්‍රිය ප්‍රධාන වන්නේ ඔවුන්ට මනසින් පමණක් ප්‍රත්‍යක්‍ෂයෙන් දැනුම ලබාගැනීමට නොහැකි නිසා ය. එබැවින් ඔවුහු වියුක්ත දැනුමකට ආකර්ෂණය වූහ. මෙයින් කියැවෙන්නේ මෙරට පඬියන් ද වියුක්ත චින්තනයෙහි දක්‍ෂයන් බව නො වෙි. ඔවුන් දක්‍ෂවන්නේ අනුකරණයෙහි දී පමණ ය. අදත් මෙරට ඇතැමිහු භාවනාවෙන් සිත දියුණු කරගෙන හෝ වෙනත් ආකාරයකින් දෙවියන්, අමනුෂ්‍යයන් ආදීන් සමග සමිබන්ධ වී හෝ දැනුම ලබාගනිති. ඔවුන් අතර මිථ්‍යාදෘෂ්ටික අමනුෂ්‍යයන්ගෙන් දැනුම ලබාගන්නෝ ද වෙති. එසේ මිථ්‍යාදෘ’ෂ්ටිකයන් ඔස්සේ මෙරට ඉතිහාසය විකෘත කිරීමට උත්සාහ ගන්නෝ ද වෙති. එහෙත් ඒ කිසිවෙක් ප්‍රසිද්ධියේ තමන් දැනුම ලබාගත් ආකාරය නො කියති. ඒ පඬියන්ට ඇති බිය නිසා ය. වැඩිකල් නොගොස් ම පඬියන් තුටිටුවකටවත් මායිමි නොකරන කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ අපි කිහිප දෙනෙක් ආධ්‍යාත්මික ව ලබාගත් දැනුමි පිළිබඳ ව ඊනියා ලෝකයාට කෙසේ වෙතත් සිංහලයන්ට කියන්නෙමු. ලෝකයන් වූ ලෝක බැංකුකාරයන් අපට ඉංගිරිසි, තොරතුරු තාක්‍ෂණය, මෘදු කුසලතා හෙවත් මොත්තෙ දැමීමි, ඊනියා ජනවාර්ගික සංහිඳියා ගැන කිනමි උපදෙස් දුන්න ද සමිබුද්ධත්වයෙන් විසිහත්වැනි සියවසේ සිට නැවත වරක් දැනුම ආධ්‍යාත්මික ව නිර්මාණය කෙරෙනු ඇත. ඊනියා විසිඑක්වැනි සියවසේ දැනුම ලෝක බැංකුවට නොව අපට අවශ්‍ය ආකාරයට නිර්මාණය කරමු. ලෝක බැංකුවෙන් දෙන මිලියන කිහිපයක ණයකට අපි රට උගස් නො තබමු. අප ණයකාරයන් බවට පත්කිරීමට තිත තබමු.
අපේ අවුරුද්ද යනු ඓතිහාසික ව ගත්කල සිංහලයන්ගේ අවුරුද්ද ය. එය සිංහල හින්දු අවුරුද්දක් බවට පත්කළෝ ඉංගිරිසිහු ය. චින්තන පර්ෂදයේ පිරිසක් කලකට පෙර යාපනයට ගොස් දෙමළ හින්දු ජනයා අවුරුද්ද නොපවත්වන බව නිරීක්‍ෂණයෙන් ම දැනගත්හ. අද ද තමිල්නාඩුවෙි හින්දු ජනයා පවත්වන අවුරුද්දක් නැත. අවුරුද්ද වැඩි වශයෙන් ම පැවැත්වෙන්නේ මියන්මාරය, තායිලන්තය වැනි ථෙරවාදී බෞද්ධ රටවල ය. ඒ රටවල සංස්කෘතියේ යමි සංරචකයක් සිංහල බෞද්ධ බව බොහෝ දෙනාට අමතක වෙයි. එසේ වී ඇත්තේ සංස්කෘතික යටත්විජිතවාදයක ප්‍රතිඵලයක් නිසා නොව ගැමුණු රජු (අවුරුදු ගණනාවක සිට එළාරලා පටබැඳි දුටු යන්න එතුමන්ගේ නාමය ඉදිරියෙන් නොයොදන ලෙස අපි ඉල්ලා සිටින්නෙමු) මෙරටට උරුම කරදුන් සිංහල බෞද්ධත්වයේ උදාරත්වය නිසා ය. කෙසේ වෙතත් අද අවුරුද්ද සිංලයන්ගේ මෙන් ම දෙමළ ජනයාගේ ද අවුරුද්දක් බවට පත්කෙරෙන්නේ නමි අප එයට විරුද්ධ විය යුතු නො වෙි. ගැමුණු රජු හඳුන්වා දුන් සිංහල බෞද්ධ රාජ්‍යයට, ඒ (අලිඛිත) ව්‍යවස්ථාවට දෙමළ ජනයා පමණක් නොව මුස්ලිමි ජනයා ද සංස්කෘතික වශයෙන් එකතු කරගත යුතු ය. සිංහල කිතුණුවන් ආගමින් කෙසේ වෙතත් සංස්කෘතික වශයෙන් සිංහල බෞද්ධයන් මෙන් කටයුතු කරනු දැකීම සතුටට කරුණකි.
අප මෙරට ජනයා එකතුකිරීමට ක්‍රිකටි නොව අවුරුද්ද වැනි සංස්කෘතිකාංග යොදාගත යුතු ය. අපේ අවුරුද්ද මුළු මහත් රටෙි ම, එනමි අප සියල්ලන්ගේ ම අවුරුද්ද බවට පත්කරගත යුතු ය. එහෙත් ඒ කළ හැක්කේ බටහිර දැනුමට ගැති වී බටහිරින් ලැබෙන ව්‍යවස්ථා අනුකරණය කරමින් ඔිල්කටි බෞද්ධයන් හෝ කෝනල් සිංහලයන් හෝ වීමෙන් නො වෙි. අවුරුද්ද ගොවි සංස්කෘතියක කොටසකි. මෙි රට ගොවි රටකි. ඒ ගොවිකම බටහිර කෘෂිකර්මයක් නොව සිංහල බෞද්ධ ගොවිකමකි. රසායනික පොහොර, වල්නාශක, කෘමිනාෂක ආදිය යොදාගැනෙන්නේ අපේ ගොවිකමෙි නො වෙි. අපේ අවුරුද්ද අපේ ගොවිකම සමග බද්ධ නොවුණු කල ඇත්තේ වාණිජ්‍ය අවුරුද්දකි. අද අපේ අවුරුද්ද බොහෝ දුරට වාණිජ්‍ය අවුරුද්දක් බවට පත් වී ඇත. එහෙත් අවුරුදු දිනයේ දී අපි තවමත් පන්සල් යමු. අපට තවමත් පුණ්‍ය කාලය නමින් වෙන් කෙරුණු කාල පරිචිඡෙදයක් වෙයි. අප ඒ සියල්ල රැකගත යුතුවා පමණක් නොව වර්ධනය කරගත යුතු ය. අද ආණ්ඩුව ගෙවතු වගාවක් ආරමිභ කර ඇත. ඒ ඉතා වැදගත් කරුණකි. ඒ වගාව බටහිර කෘෂිකර්මය අනුව නොව මෙරට තිබූ සිංහල ගොවිකම අනුව, පිටරටින් විදේශ විනිමය වැයකර පොහොර වල්නාශක කෘමිනාෂක යනුවෙන් හැඳින්වෙන වස විස නොයොදා කෙරෙන්නේ නමි වඩාත් වැදගත් වනු ඇත. අවශ්‍ය නමි ඒ සමිබන්ධයෙන් උපදෙස් දීමට කැලණිය විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් සූදානමි ය. එහෙත් එකක් කිව යුතු ය. සිංහල ගොවිකම ආවට ගියාට කළ හැක්කක් නොවෙි. සිංහල සංස්කෘතියේ සෑම දෙයක් ම අධ්‍යාත්මය සමග බැඳී ඇත. ගැමුණු රජු ආධ්‍යාත්මික ව යුද්ධකරන ආකාරය ද අපට ඉගැන්වී ය. පසුගිය මානුෂික මෙහෙයුමෙි දී අපි ඒ යොදාගත්තෙමු. පස්පවිවල ගිලී සිංහල ගොවිකමෙන්් ඵල නෙලාගත හැකි නො වෙි. සිංහල ගොවියා පළමු කොට ම පන්සිල් රකින්නකු විය යුතු ය. ඔහු භාවනාවෙහි ද යෙදෙන්නේ නමි වඩාත් යහපත් ය. අද අපේ ආහාර රටාව ද ඇතුළු ජීවන රටාව වෙනස් වී අප රෝගීන් වී ඇත. අපට නීරෝගී විම සඳහා සිංහල ගොවිකම හා ජීවන රටාව සමග බැඳුණු සිංහල වෙදකම වෙයි. බටහිර වෛද්‍යවිද්‍යාවට වඩා සිංහල වෙදකම කෙතරමි දියුණු ද යන්න මම දිනපතා අත්දකිමින් සිටින්නෙමි. මෙි සමිබුද්ධත්ව ජයන්ති අවුරුද්දේ අපි නැවතත් සිංහල බෞද්ධ වෙමු.
(2011/04/10 - දිවයින)