Main Logo

Saturday 16 April 2011

බටහිර විද්‍යාවේ අවිද්‍යාව

සිංහල බෞද්ධයන් සිතන්නේ බටහිර විිද්‍යාවෙහි නිරත වී සිටින්නන් සිතන ආකාරයෙන් නොවන බව පැහැදිලි ය. එකම පවුලේ සහෝදර සහෝදරියන් අතර වෙනස්කමි ඇත වැනි නිරීක්‍ෂණවල දී හැරුණුවිට අනෙක් බොහෝ වැදගත් කරුණුවලදී ඔවුහු දෙයාකාරයකට සිතති. සිංහල බෞද්ධයන්ට අනුව ජීවිතය සමිබන්ධ බොහෝ කරුණුවල දී කර්මය ඉතා වැදගත් වෙයි. සිංහල බෞද්ධයන්ට අනුව එසේත් නැතහොත් ඔවුන්ගේ ප්‍රවාදයකට අනුව, එකම පවුලේ සහෝදර සහෝදරියන් අතර ඇතිවන වෙනස්කමි තේරුමි ගැනීමෙි දී කමිම නියාමය ද බීජ නියාමය ද වැදගත් වෙයි. එහෙත් බටහිර ජීව විද්‍යාඥයන්ට අනුව කර්මයක් නැත.

මිනිසුන් නොවන අනෙක් සතුන්ට මනස් තිබීම සමිබන්ධයෙන් ද සිංහල බෞද්ධයන් හා බටහිර ජීව විද්‍යාඥයන් අතර සාමාන්‍යයෙන් ඇත්තේ අහසට පොළොව වැනි වූ වෙනසකි. වර්තමානයෙහි ද බටහිර ජීව විද්‍යාඥයන් ඉතා ස්වල්ප දෙනකු හැරුණුවිට අනෙක් අය අනෙක් සතුන්ට මනස් නැතැයි විශ්වාස කරති. සිංහල බෞද්ධ ජීව විද්‍යාවක අනෙක් සතුන්ගේ මනස් ගැන පමණක් නොව කර්මය ගැන ද ඉගැන්වෙනු ඇත. ඩොලී නමි බැටළු දෙන ගැන අපට කිවහැක්කේ සිංහල බෞද්ධ ජීව විද්‍යාවක ඩොලී කාගෙන් පිටපත් කෙරුණ ද ඇය හා ඒ පිටපත ලබාගත් බැටළුවා අතර ජාන සමිබන්ධයෙන් වෙනසක් නොතිබුණ ද නාමය (මනස) සමිබන්ධයෙන් අනිවාර්යයෙන් ම වෙනස්කමි තිබිය යුතු බව ය.

අනෙක් සතුන්ට මනස් නැතැයි උගන්වන බටහිර ජීව විද්‍යාවට එවැනි වෙනස්කමක් පිළිබඳ ප්‍රශ්නයක්වත් නොතිබිය හැකි ය. මනස් නැති තැනක මනස්වල වෙනස්කමි ගැන කතාකරන්නේ කෙසේ ද? එහෙත් සිංහල බෞද්ධ ජීව විද්‍යාවක ඩොලී සහ ඩොලීගේ මව හෝ පියා හෝ වෙනස්වන්නේ රූපයෙන් පමණක් නො වෙි. ඔවුහු රූපයෙන් ද ඇතැමි විට වෙනස් වෙති. එයට හේතුව ශරීර කුඩුවකට ඇතුල් වූ සත්වයකු (නාමය, මනස) තම කර්ම ශක්තිය අනුව යමි ප්‍රමාණයකට වුව ද රූපය ද සකස් කරගන්නා බැවිනි.

අප ඉහත සඳහන්කර ඇත්තේ බටහිර ජීව විද්‍යාවට වුව ද අවශ්‍ය නමි පරීක්‍ෂාකර නිගමනවලට එළඹිය හැකි ප්‍රස්තුත කිහිපයක් පමණකි. ලංකාවෙි අද නා නා විධ පුද්ගලයෝ ඊනියා ජීව තාක්‍ෂණය, අනුක ජීව විද්‍යාව ආදිය ගැන කතාකරති. පුරසාරමි දොඩවති. මෙි ඔිනැම දයකුට හැකිනමි ඉහත සඳහන් ප්‍රස්තුත සමිබන්ධයෙන් පරීක්‍ෂණ කරන ලෙස ඉල්ලා සිටිමි. අපි උපකරණ නැත, ප්‍රතිපාදන නැත ආදී කතා පිළිතුරු ලෙස භාර නොගන්නා බව කල්ඇතිව ම සඳහන් කරමු. ඒ විෂය ඉගැන්වීමට හෝ ඒ සමිබන්ධයෙන් ක්‍රියාත්මක වීමට හෝ තනා ඇති ගොඩනැගිලි දෙස බැලූ විට එවැනි ප්‍රතිපාදන අහේනියක් ගැන විශ්වාසයක් ඇතිකර ගැනීම අපහසු ය.

ඇත්තේ එකම විද්‍යාවකි ආදී වශයෙන් තර්ක කරන කෑ ගසන පඬියන් ගැන තවදුරටත් කතාකිරීම කාලය කා දැමීමක් පමණකි. ඔවුන් ඇතැමි විට බටහිර විද්‍යාවන් හදාරා ඇත. එසේත් නැතහොත් ඒ පිළිබඳ ජනප්‍රිය පොතපත කියවා ඇත. ඔවුන් කවුරුන් වුවත් ඔවුහු අනුකාරකයෝ ම පමණක් වෙති. සුවකළ නොහැකි හීනමානයකින් පෙළෙන මොවුන් ට කළ හැක්කේ බටහිර විද්‍යාව එකම විද්‍යාව බව කෑ ගසා කීම පමණකි. එසේත් නැතහොත් සිංහල බෞද්ධයන්ගේ ඇතැමි නිරී’ක්‍ෂණ බටහිර විද්‍යාඥයන්ගේ ඇතැමි නිරීක්‍ෂණ සමග එකඟවන බව කීම පමණකි.

මිනිසුන් හැරෙන්නට අනෙක් සතුන්ට ද මනස් ඇතැයි යන්න සිංහල බෞද්ධයනට ප්‍රශ්නයක් නො වෙි. එබැවින් ම සිංහල බෞද්ධයනට අනුව මිනිසුන් පමණක් නොව අනෙක් සත්තු ද යමි දැනුමකට උරුමකමි කියති. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයට අනුව දැනුම සත්වයෝ (ප්‍රාණීහු) තම ඉන්ද්‍රිය පද්ධතියට, මනසට හා සංස්කෘතියට සාපේක්‍ෂව නිර්මාණය කරති. මෙහි මනස යන්න ඉන්ද්‍රියන්ගෙන් වෙන්කර දක්වා ඇතත් සිංහල බෞද්ධයනට අනුව එය ද ඉන්ද්‍රියකි.

මිනිසුන්ට මනස හැරෙන්නට ඉන්ද්‍රිය පහක් වෙයි. ඇතැමි සතුනට එයට වඩා ඉන්ද්‍රිය තිබෙන්නට හැකි ය. එමෙන් ම මනස හැරෙන්නට පහට අඩු  ඉන්ද්‍රිය සංඛ්‍යාවක් සහිත සතුන් ද සිටිය හැකි ය. ඇතැමි සත්වයනට මනස හැරෙන්නට වෙනත් කිසිම ඉන්ද්‍රියයක් නැත. සිත මිස කය නැති බඹලොව උපන් බ්‍රහ්මයණට මනස හැරෙන්නට වෙනත් ඉන්ද්‍රියයක් නැත. එහෙත් මනසක් නැති සත්වයකු නැත.

මෙහි දී අවධාරණය කළ යුත්තක් නමි අප මෙි සියල්ල කතාකරන්නේ සමිමුති අර්ථයකින් බව ය. මනසක් වුව ද ඇත්තේ සමිමුතියෙන් පමණකි. සියළු දැනුමි නිර්මාණ වන විට මනස ද නිර්මාණයක් වෙයි. මනස මනසෙහි ම නිර්මාණයක් වෙයි. එය සිදුවන්නේ කෙසේ ද යන්න සිංහල බෞද්ධ මනස මැයෙන් යුත් ලිපිය කියවීමෙන් දැනගත හැකි ය. ඒ ලිපිය කාලය වෙබි අඩවියෙහි (www.kalaya.org) පළකෙරී ඇත.

විද්‍යාලංකාර විවරණය කෝපන්හේගන් විවරණයෙන් වෙනස්වන එක් ප්‍රදේශයක් වනුයේ සමිභාව්‍ය යාන්ත්‍රික ය. අප කලින් සඳහන්කර ඇති පරිදි නිවිටෝනීය යාන්ත්‍රිකය ඇතුුළු සමිභාව්‍ය යාන්ත්‍රිකයෙහි දී කෝපන්හේගන් විවරණය යථාර්ථවාදී වෙයි. සමිභාව්‍ය භෞතික විද්‍යාවට සාමාන්‍යයෙන් ක්වොන්ටමි භෞතික විද්‍යාව හැරෙන්නට බටහිර භෞතික විද්‍යාවෙහි අනෙක් සියළු කොටස් අයත් වෙයි. එසේ වුවත් සුසමාදර්ශ (paradigm) ලෙස ගත්කල එහි වෙනස්කමි වෙයි.  

නිවිටෝනීය යාන්ත්‍රිකය හා ඒ මත ගොඩනැගුණු භෞතික විද්‍යාව නිවිටෝනීය සුසමාදර්ශයට අයත් වෙයි. තාපගතිකය අයත්වන්නේ තාපගතික සුසමාදර්ශයට ය. තාපගතිකයෙහි නියම නිවිටෝනීය සුසමාදර්ශයෙන් ලබාගත හැකි නො වෙි. එමෙන් ම විශේෂ හා සාධාරණ සාපේක්‍ෂතාවාද ද නිවිටෝනීය සුසමාදර්ශයට අයත් නො වෙි. ඒවා අයත්වන්නේ අයින්ස්ටයිනීය සුමාදර්ශයට ය.

ඒ සෑම සුසමාදර්ශයක ම දැනුම නිර්මාණය වී ඇත්තේ ග්‍රීක යුදෙවි ක්‍රිස්තියානි චින්තනයෙහි ය. චින්තනය යන සංකල්පය අප විසින් යොදා ගැනෙන්නේ සුසමාදර්ශය යන්නට වඩා පළල් මටිටමකින් ය. එක් චින්තනයක සුසමාදර්ශ කිහිපයක් තිබිය හැකි ය. ඉහත දක්වා ඇති පරිදි නිවිටෝනීය, තාපගතික, අයින්ස්ටයිනීය හා ක්වොන්ටමි සුසමාදර්ශ නිර්මාණය වී ඇත්තේ ග්‍රීක යුදෙවි ක්‍රිස්තියානි චින්තනයෙහි ය. ක්වොන්ටමි භෞතික විද්‍යාව පිළිබඳ බටහිර විවිධ විවරණ ගොඩනැගී ඇත්තේ යුදෙවි ග්‍රීක ක්‍රිස්තියානි චින්තනයෙහි ය. එහෙත් ක්වොන්ටමි භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාලංකාර විවරණය ගොඩ නැගී ඇත්තේ සිංහල බෞද්ධ චින්තනයෙහි ය.

සුසමාදර්ශය යනු කුමක්දැයි නොදන්නා මෙරට සිටින ඊනියා බටහිර විද්‍යාඥයන් චින්තනය යනු කුමක්දැයි දන්නේ යැයි සිතිය නො හැකි ය. ඔවුන් වැඩිම වුවහොත් දන්නේ ජාතික චින්තනය ගැන ය. එහෙත් ඒ ගැන වුව ද ඔවුන්ට නිවැරදි වැටහීමක් නැති බව ඔවුන් ලියන කියන දෙයින් පැහැදිලි වෙයි. එහෙත් චින්තනය පිළිබඳ පාඩමක් ඉගැන්වීම මෙහි දී මගේ අරමුණ නො වෙයි. මගේ ලෝකය කෘතිය හා මා ලියා ඇති වෙනත් ලිපි ලේඛන කියවීමෙන් චින්තනය යන්න ගැන අවබෝධයක් ලබාගත හැකි ය.

සියළු ප්‍රවාද ද සංකල්ප ද ඇතුළත් සියළු දැනුමි ඒ ඒ සත්වයන්ගේ නිර්මාණ වෙයි. අප ඒ සියල්ල නිර්මාණය කරන්නේ අපේ අවිද්‍යාව හේතුකොටගෙන ය. එනමි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම පිළිබඳ අපේ අනවබෝධය හේතුකොටගෙන ය. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නො දැනීම අවිද්‍යාව වෙයි. අවිද්‍යාව හේතුකොටගෙන අපි මනස ද මනස ඔස්සේ මනස ද ඇතුළු අනෙක් දැනුමි නිර්මාණය කරමු. එබැවින් මිනිසුන් විසින් නිර්මාණය කෙරී ඇති සියළු දැනුමි අයත්වන්නේ අවිද්‍යාවට ය.

බටහිර විද්‍යාව ද නිර්මාණය කෙරී ඇත්තේ (බටහිර) මිනිසුන් විසිනි. බටහිර විද්‍යාව ද පැහැදිලිව ම අවිද්‍යාවකි. බටහිර විද්‍යාවට විද්‍යාව යැයි කීම ද ගැටළුවකි. බුදදහමට අනුව, සිංහල බෞද්ධ චින්තනයට අනුව, බටහිර විද්‍යාව ද අවිද්‍යාවකි. බටහිර විද්‍යාව පමණක් නොව සිංහල බෞද්ධ චින්තනය මත ගොඩනැගෙන දැනුමි පද්ධතීන් ද අවිද්‍යා වෙයි. ඒ පිළිබඳ අපට කිසිදු ගැටළුවක් නැත. එහෙත් බටහිර විද්‍යා අවිද්‍යා යැයි කී විගස ඒ පිළිබඳ ව උරණ වන්නෝ නමි එමට වෙති.

මම යන සංකල්පය ගනිමු. මම යන සංකල්පය සඳහා වචනයක් නැති සංස්කෘතියක වුව ද ඒ සංකල්පය ඇත. කුඩා ළදරුවනට මම යන සංකල්පය වෙයි. ඒ පිළිබඳ ඔවුන්ට භාෂාවෙහි අදාළ වචනය නොමැති වීමට ඇති ඉඩකඩ ඉතා අධික ය. එහෙත් ඔවුනට මම යන සංකල්පය වෙයි. බහ තෝරණ වියෙහි පසුවන දරුවනට ද කුඩා ළදරුවන් ගැන අපි මෙහි දී සාකචිඡා කරමු. එපමණක් නො වෙි. ඔිනෑම අපා, දෙපා, බහුපා, සිවුපා සත්වයකුට වුව ද මම යන සංකල්පය ඇත. මෙි සතුන් මරණයට පත්කරන විට හෝ මරණයට ගෙන යන වීට හෝ ඔවුන්ට, එනමි ඔවුන්ගේ මනසට දැනෙන හැඟීමි ඔවුහු ඉතා සංවෙිදී ව ප්‍රකාශ කරති.
   
මම යන සංකල්පය නොමැතිව වෙනත් සංකල්ප නිර්මාණය කරගත හැකි යැයි නො සිතමි. නාමය මනස ආදී විවිධ සංකල්පවලින් ද ඇතැමිවිට මම යන්න හැඳින්වෙයි. එහෙත් ඒ එකක් වත් මම යන්නට තුල්‍ය පදයක් යැයි නො සිතිය යුතු ය. බුදුදහමෙහි නාම යන්න තවත් විශ්ලේෂණය කෙරෙන්නේ නාම යන්න ද තවත් සංකල්ප පොදියක එකතුවක් බව පෙන්වීමට ය. එහෙත් ඒ සියල්ල අප තනාගන්නා මූලික සංකල්ප වෙයි.

මම යන්න අපේ ඉතාමත් මූලික සංකල්පයකි. මම නොමැතිව මට අනෙකා යන සංකල්පය ගොඩනගා ගත නො හැකි ය. අනෙකා යන්නෙහි මම නොවන යන්න අදහස ගැබි වී ඇත. එහෙත් බටහිර අද සිටිනා ඊනියා මනෝ විද්‍යාඥයන්, විශේෂ’යෙන් ම ලැකාන් වැන්නන්, ඊනියා පශ්චාත්නූතනවාදීන්, පශ්චාත්මාක්ස්වාදීන් ආදීහු ඊනියා අනෙකා ප්‍රධාන ලෙස සලකති. තම ස්වාමිවරුන්ගේ අදහස් පුනරුචිචානය කරන මෙරට සිටින බහුබූත පශ්චාත්තාපවාදීන් ද අනෙකා ගැන කියන්නේ තමා දැනගැනීමට අනෙකා උපකාරි වන බවක් ද අපට කියා දෙමින් ය.