Main Logo

Sunday 3 April 2011

ලංකාව ජාතිකත්ව මගේ ඉදිරියට ම

පළාත් පාලන ආයතන සඳහා පැවති මැතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජාතිකත්ව ප්‍රතිපත්ති ජයග්‍රහණය කර ඇත. පසුගිය සමයේ ජීවන වියදම තරමක් වැඩිවීම හේතුවෙන් එ ජා පක්‍ෂය පළාත් පාලන ආයතන රාශියක් ජයග්‍රහණය කරනු ඇතැයි ඇතැමිහු සිතුහ. එහෙත් ඒ එසේ නො වී ය. එ ජා පක්‍ෂයේ ඡන්ද පදනම අද වන විට සියයට තිහක් පමණ වෙයි. එ ජා පක්‍ෂයට වාසි වෙිය යන බලාපොරොත්තුවෙන් ඇතැමි විශ්වවිද්‍යාලවල හා වෙනත් ආයතනවල ෆෙඩරල්වාදී එ ජා ප, ජ වි පෙ හා ඊනියා ස්වාධීන වාම පිරිස් නිල නොවන වශයෙන් වුව ද සංධානගත වනු පෙනෙන්නට තිබිණි. මෙය කලක සිට ඒ ආයතනවල දක්නට ඇති ප්‍රවණතාවක කූට ප්‍රාප්තිය විය. එහෙත් දැන් එළඹ ඇත්තේ එවැනි නිල නොවන සංධානවල බහින කලාව ය.

ජනතාවගේ ජීවන බර අඩුකිරීමට පියවර ගැනීම ආණ්ඩුවක වගකීම හා යුතුකම වෙයි. එහෙත් ඒ සියල්ලට ම වඩා ආණ්ඩුවක වගකීම හා යුතුකම වනුයේ රාජ්‍යය රැකගැනීම ය. ජනතාවගේ ස්වෛරීභාවය පළුදු නොවන තැනට සියළු කටයුතු කිරීම ය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව ඒ යුතුකමි හා වගකීමි උපරිමයෙන් ඉටුකර ඇත. ඇතැමි ඇමතිවරුන්ගේ, මන්ත්‍රීවරුන්ගේ, සංවිධායකවරුන්ගේ පමණක් නොව ඇතැමි හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ ක්‍රියා ජනතාව විසින් අනුමත නොකෙරුණත් ඒ සියල්ල අමතක කර ජනතාව නැවතත් වරක් මහින්ද රාජපක්‍ෂ මහතා වටා එක්රොක් වූහ. ඒ එක් රොක් වූයේ ජාතියේ ස්වෛරිභාවය රැකගැනීමට ය. මෙරට වෙනත් කිසිම නායකයකුගෙන් මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් පමණට ජාතියේ ස්වෛරීභාවය නොරැකෙන බව ජනතාව දනිති. අද මෙරට ජනතාව දශක ගණනාවකට පසුව ජාතිය පිළිබඳ මහත් අභිමානයක් ඇති කරගෙන සිටිති. හයවැනි පරාක්‍රමබාහු රජුට පසුව විජාතික ආක්‍රමණයකට එරෙහිව ලංකාව ලැබූ විශිෂ්ටත ම ජයග්‍රහණය ලැබුයේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන නායකත්වයෙනි. එවැනි ජයග්‍රහණයක් ලබාදුන්නකු පොල්ගෙඩියකට හෝ අල කිලෝවකට හෝ පරාජය කිරීමට මෙරට ජනතාව කටයුතු කරාවි යැයි එ ජා පක්‍ෂය, ජ වි පෙ හා ඊනියා වමුන් බලාපොරොත්තු වූයේ නමි එයින් කියැවෙන්නේ ඒ නායකත්වවල තකතීරුකම මිස අනෙකක් නො වෙි. එහෙත් මෙයින් අදහස් කරන්නේ ආණ්ඩුව ජනතාවගේ ජීවන බර ගැන නොසැලකිලිමත් විය යුතු බව නො වෙි. බටහිර මාදිලියේ ඊනියා සංවර්ධනය පසෙක ලා අපේ සංස්කෘතිය මත පදනමි ව නිවී සැනහිල්ලේ ජීවත්විය හැකි සමාජයක් නිර්මාණය කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු ය. එවිට අපට ආසියාවෙි නොව ලෝකයේ ම ආශ්චර්යය බවට පත්විය හැකි ය.

දෙමළ කොටි ත්‍රස්තවාදය විජාතික ආක්‍රමණයක් ලෙස අප විසින් හැඳින්වෙන්නේ එය ඉංගිරිසින් විසින් ඇතිකරන ලද්දක් බැවිනි. ලන්දේසීන් විසින් දුමිකොළ වගාව සඳහා කෝරමණ්ඩළ වෙරළින් ගෙනෙනු ලැබු කෘෂිකාර්මික කමිකරුවෝ හෙවත් වෙල්ලාලයෝ යාපන අර්ධද්වීපයේ එවකට ජීවත් වූ සිංහල බහුතරය යටත්විජිතවාදීන්ගේ අනුග්‍රහය යටතේ දෙමළකරණයකට භාජනය කළහ. වෙල්ලාලයන් හින්දු කුල පීඩනයේ ඉහළම කුලය නියෝජනය කළ අතර දෙමළ සංස්කෘතිකකරණයකට භාජනය වූ යාපනයේ සිංහලයෝ දෙමළ සමාජයේ කෝවියාර් නලවාර් වැනි ඊනියා අඩු කුල බවට පත්වූහ. සාමාන්‍යයෙන් හින්දු සමාජයේ ඉහළම කුලය බ්‍රාහ්මණයන්ගෙන් සමන්විත වන නමුත් ලංකා දෙමළ හින්දු සමාජයේ වෙල්ලාලයන් ඉහළම කුලය බවට පත්වූයේ ලන්දේසීන්ට අවශ්‍ය වූයේ කෘෂිකාර්මික කමිකරුවන් ගෙන්වීමට මිස බ්‍රාහ්මණ පූජකයන් ගෙන්වීමට නොවූ බැවිනි. කෙසේ වෙතත් එසේ ලන්දේසීන් විසින් ආනයනය කරනු ලැබූ වෙල්ලාලයෝ ඉංගිරිසින් විසින් ඊනියා ලාංකික සමාජයේ ඉහළට ම ඔසවනූ ලැබූහ. එපමණක් නොව ඔවුහු සිංහල බෞද්ධයන්ට විරුද්ධව ඉංගිරිසින් විසින් යොදාගනු ලැබූහ. අද ද ඉංගිරිසි කතාකරන වෙල්ලාලයෝ ප්‍රධාන වශයෙන් ම සිංහලයන්ට විරුද්ධව යොදා ගැනෙති. දෙමළ ජාතිවාදය විජාතික ආක්‍රමණයක් වනුයේ ඒ නිසා ය. මෙරට සිටින ඊනියා වමුන් හා ලිබරල් යැයි කියාගන්නා පඬියන් අමතක කරන්නේ ද ඒ කරුණ ය.

ඇතැමි පඬියන්ට නොතේරුණ ද, ශ්‍රී ල නි පක්‍ෂය සිංහල ජාතිකත්වයේ පක්‍ෂය වෙයි. එයට ප්‍රධාන හේතුව සිංහල ජාතිකත්වය පහළින් තීරණය වී ඉහළට යන ප්‍රපංචයක් වීම ය. සිංහලයෝ අවුරුදු දහස් ගණනක් තිස්සේ විවිධ විජාතික ආක්‍රමණවලට එරෙහිව සටන් කර පන්නරයක් ලැබූහ. ඔවුන්ගේ යටත්විජිත විරෝධය කාල් මාක්ස්ගේ කිසිදා වලංගු නොවූ පොතපත ඇසුරෙන් නිර්මාණය වූවක් නොව මහවංසය හා ගැමුණු රජතුමා ඔස්සේ ගොඩ නැගුණකි. සිංහල බෞද්ධයෝ තමන් බුදුසසුනේ ආරක්‍ෂයන් ලෙස සලකති. ඒ මහාවංසය හා ගැමුණු රජතුමා විසින් ලබාදුන් සංකල්ප හා අරමුණු ඔස්සේ ගොඩ නැගී ඇත. මාක්ස්ගේ කවදාවත් සැබෑ නොවුණු සිහිනයක් වූ ද, ආර්ථිකවාදී යටත්විජ්ිතවාදී බයිලා මත පදනමි වූ ද, ඊනියා කමිකරු පංති විප්ලවය හා සමාජවාදය සිංහලයන් විසින් ප්‍රතික්‍ෂෙප කෙරෙන්නේ එය කිසි දිනෙක ඉටු නොවන්නක් නිසා පමණක් නො වෙි. සිංහලයෝ, විශේෂයෙන් ම සිංහල බෞද්ධයෝ එය පදනමි වී ඇති කසිකබල් භෞතිකවාදය හෙවත් ද්‍රව්‍යවාදය ද ප්‍රතික්‍ෂෙප කරති. මාක්ස්වාදය අද ඇත්තේ තමන්ට සමාජයේ වැදගත්කමක් බලාපොරොත්තු වන හීනමානයෙන් හැරෙන්නට වෙනත් දෙයකින් නොපිරුණු හිස් ඇත්තන්ගේ හිස්වල ය. අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් පුරා ගොඩනැගුණු ජාතිකත්වයක් ඇති සිංහලයෝ 1506න් පසු බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ යටත්විජිතවාදයට ද එරෙහිව සටන් කරති. සාමිප්‍රදායික නායකයන් ඝාතනය කෙරුණුු විට ඔවුහු පුරන් අප්පු ගොංගාලේගොඩ බණ්ඩා ආදීන් නායකත්වයට පත්කරගෙන සටන් කළහ.

බණ්ඩාරනායක මහතා විසින් ශ්‍රී ල නි පක්‍ෂය පිහිටුවනු ලැබුයේ ලිබරල් පක්‍ෂයක් ලෙස ය. එහෙත් වැඩිකල් නොගොස් ම ඒ පක්‍ෂය සිංහලයන් විසින් ජනතාකරණයට ලක්කෙරිණි. ඉන්පසු සාධාරණ වශයෙන් ගත්කල ඒ පක්‍ෂය මෙහෙයවනු ලැබුයේ සාමාන්‍ය සිංහලයන් විසිනි. බොහෝ විට පක්‍ෂයේ ප්‍රතිපත්ති සකස්කරනු ලැබුයේ එකී සාමාන්‍ය ජනයාට අවශ්‍ය ලෙස ය. අනූවෙි දශකයේ දී ඒ තත්වය වෙනස්කිරීමට කසිකබල් මාක්ස්වාදයේ ආභාසය ලැබූ ඇතැමි පුවත්පත් කතුවරුනට හා දේශපාලනඥයන්ට අවශ්‍ය විය. ඔවුන් එංගලන්තයේ ජීවත් වූ චන්ද්‍රිකා කුමාරතුංග බටහිරයන්ගේ අනුග්‍රහය යටතේ මෙරටට ගෙන්වා ගත්තේ හැකිනමි ශ්‍රී ල නි පක්‍ෂය උඩින් වෙනස්කර දෙමළ ජාතිවාදයට ෆෙඩරල් රාජ්‍යයක් ලබාදීමට ය. අවුරුදු දහතුනක් පමණ වලිකෑමෙන් පසුවත් ඔවුන්්ට තමන්ට අවශ්‍ය දේ කරගත නොහැකි විය. අවසානයේ දී පක්‍ෂයේ නායකත්වය අනූවෙි දශකයේ දී ම එය හිමිවිය යුතුව තිබූ මහින්ද රාජපක්‍ෂ මහතාට ලැබිණි. ඉහත සඳහන් අය නොවන්නට ප්‍රභාකරන් හා දෙමළ කොටි ත්‍රස්තවාදය පැරදවීම අවුරුදු දහයකින් පමණ ඉක්මන්වීමට තිබිණි. බණ්ඩරනායක මහතාගේ හා මහත්මියගේ දියණියන් කිසි දිනෙක තම දෙමවිපියන්ගෙන් කිසිවක් ඉගෙන ගැන නැත. ඔවුන් කෙළේ තම දෙමවිපියන්ගේ නමි ගසා කා දේශපාලන බලය අත්පත් කරගැනීමට කටයුතු කිරීම ය. ඔවුන් ඉගෙනගත්තේ සිංහල බෞද්ධ විරෝධීන් වූ රූපසිංහලා, කුමාරතුංගලා, සරවනමුත්තුලා ආදීන්ගෙනි.

ජ වි පෙ ගැන තවදුරටත් කතාකිරීමෙන් වැඩක් නැත. අද ජාතිකත්වයට පිටුපා කටයුතු කරන එය ෆෙඩරල්වාදී තවත් ත්‍රිරෝද පක්‍ෂයක් පමණකි. එයට අද යමිතමින් වුවත් පැවැත්මක් ඇත්තේ සජිත් ප්‍රේමදාස හෝ වෙනත් අයකු හෝ සමගින් එ ජා ප හා සන්ධානයක් ඇතිකර ගැනීමෙනි. විශ්වවිද්‍යාල ක්‍ෂෙත්‍රයෙහි දැනටමත් ඒ කාර්යය කෙරෙමින් පවතියි. ඔවුන් ඉතාමත් මුග්ධ නමි නුදුරු අනාගතයේ දී ආණ්ඩුවට විරුද්ධව ෆෙඩරල්වාදීන්ගේ රැල්ලක් මතුකර ගැනීමට ගොස් විශ්වවිද්‍යාලවලට දැනට තිබෙන සීමිත ස්වාධීනත්වය ද නැතිකර ගනු ඇත. ජ වි පෙ කලක් කැඳ කෝප්ප සටන් යැයි කියමින් වෘත්තීය සමිති ක්‍රියා හෙළා දැක්කේ අපේ පෝෂ්‍යජනක ආහාරයක් වූ කැඳවලට ද නිගා කරමිනි. ඔවුන් අද ඇතිකිරීමට යන්නේ සුප් කෝප්ප සටන් දැයි නො දනිමි. එ ජා පක්‍ෂයේ යමි ජාතිකත්වයක් වෙනුවෙන් ඉදිරිපත් වුව ද ඒ සඳහා කැපවීමක් කළ නොහැකි සජිත් ප්‍රේමදාස පක්‍ෂයේ නියෝජ්‍ය නායක පදවියක් ලබා රනිල් වික්‍රමසිංහගේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ව්‍යාපෘතියට යටවිය. සජිත් ප්‍රේමදාසගේ දේශපාලන අනාගතය ඒ සමග අවසානයකට එළඹිනි. ඔහු ද කරු ජයසූරිය ද එ ජා පක්‍ෂයේ ව්‍යාජ ජාතිකත්වයක් නියෝජනය කරමින් ජීවිතාන්තය තෙක් නියෝජ්‍ය නායකයන් පමණක් වනු ඇත. උතුරේ හා නැගෙනහිර ප්‍රතිඵලවලින් ද යමි සාධනීය අංග මතුවිණි. එකල චෙල්වනායගමි නමි ක්‍රිස්තියානි ගාන්ධිවාදියා ගාන්ධි අනුව ගොස් ඊනියා අහිංසා ක්‍රියාදාමයක් මගින් දෙමළ කතාකරන අහිංසක දෙමළ හින්දු ජනයා සිංහල බෞද්ධයනට විරුද්ධව උඩින් මෙහෙයවීම ඇරඹී ය. එතෙක් සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරයෙහි යෙදී සිටියේ ඉංගිරිසි කතාකරන වෙල්ලාලයන් ය. ඔවුහු ආගමෙන් කෙසේ වෙතත් සංස්කෘතියෙන් ක්‍රිස්තියානි වූහ. චෙල්වනායගමි හතළිස් ගණන්වල ආරමිභ කළ ක්‍රියා මාර්ගය අවුරුදු තිහකින් (පරමිපරාවකින්) පසුව හැත්තෑවෙි දශකයේ ඵල දැරී ය. ප්‍රභාකරන් හා උමා මහේස්වරන් එහි ප්‍රතිඵල විය. වෙල්ලාල නොවන හින්දු ජනයා සිංහල බෞද්ධයනට මෙන් ම වෙල්ලායන්ට ද විරුද්ධව ප්‍රභාකරන් යටතේ සටන් කළහ. වෙල්ලාල වූ උමා මහේස්වරන් බොරු වමක් නියෝජනය කළේ ය. ප්‍රභාකරන් ජයගත්තේ සිංහල බෞද්ධයනට මෙන් ම වෙල්ලාලයනට ද විරුද්ධ වෙමිනි. ප්‍රභාකරන් පැරදවීමට තවත් වසර තිහක් ගතවිය. ඒ අවුරුදු හැටෙි තම ආකල්ප සකස්කර ගත්තෝ දෙමළ රාජ්‍ය පක්‍ෂයට තවමත් ඡන්දය දෙති. එසේ වුවත් සංධානයට ඡන්දය දීමට දෙමළ ජනයා ඉදිරිපත්වීම සාධනීය වෙි. අද කළ යුත්තේ මීළඟ දෙමළ පරමිපරාව තව තවත් ජාතිකත්වයට දිනා ගැනීම ය.