අතීතයට බලපාන පරිදි සංකල්ප නිර්මාණය කිරීම යන්න අප විසින් නිර්මාණය කරන ලද අදහසකි. ඉන්ද්‍රියානුභූතවාදයට ද ඒ අදහස ඉතා ප්‍රයෝජනවත් වෙයි. අපට, එනමි සාමාන්‍ය නිරී’ක්‍ෂකයන්ට අතීතය නිරීක්‍ෂණය කළ හැකි නො වෙි. එහෙත් අතීතයේ සිදු වූ සංසිිද්ධි සඳහා ද අප යොදා ගන්නේ වර්තමානයේ දී යොදාගන්නා අදාළ සංකල්ප, ප්‍රවාද ආදිය ය. අතීතයේ දී පොල්ගස්වලින් පොල් වැටෙනු අපට නිරීක්‍ෂණය කළ නො හැකි ය. එහෙත් අපි අතීතයේ දී ද පොල්ගස්වලින් පොල්වැටුණු බව කියමු. පොල්ගස, පොල්ගෙඩිය ආදී සංකල්ප කවදා භාවිතයට පැමිණිය ද, අප ඒ සංකල්ප එදිනට පෙර සිට වැටුණු පොල්වලට ද යොදන්නෙමු.
පොල්ගස යන සංකල්පය අපේ නිර්මාණයකි. සියළු සංකල්ප අපේ නිර්මාණ වෙයි. මෙයින් අදහස් කරන්නේ අප පොල් ගස නමින් හැඳින්වෙන භෞතික වස්තුව නිර්මාණය කෙළේ ය යන්න නො වෙි. අපේ මනස ද ඇතුළු ෂඩෙින්ද්‍රියට සාපේක්‍ෂව අප විසින් පොල්ගස යනුවෙන් සංකල්පයක් නිර්මාණය කෙරී ඇත යන්න ය. මෙි නිර්මාණය සාපේක්‍ෂ වන්නේ පංචෙින්ද්‍රියට හා මනසට පමණක් නො වෙි. එය සංස්කෘතියට ද සාපේක්‍ෂ ය. අප පොල්ගසට පොල්ගෙඩි ගස යැයි නොකියන්නේත් ඉංගිරිසින් එයට කොකනටි ට්‍රී හෙවත් පොල්ගෙඩි ගස යැයි කියන්නේත් මෙි සංස්කෘතික සාපේක්‍ෂතාව නිසා ය.
සිංහලයන්ට පොල්ගසෙන් ලබාගන්නා මෝල්ගසක් ඇති නමුත් ඉංගිරිසින්ට එවැනි මෝල්ගසක් නැත. එමෙන් ම සිංහලයන්ගේ පොල් යන ප්‍රකෘතිය ඉංගිරිසින්ට කෙසේවත් නැත. සිංහලයෝ පොල්ගෙඩිය, පොල්ගස හා පොල්අත්ත ගැන පමණක් නොව පොල්මල, පොල්මුල හා පොල්කෙක්ක ගැන ද කියති. ඉංගිරිසින්ට ඇටිටි, කුරුමිබා, කුරුමිබාවල ද ඇටිටි වූ කුරුමිබැටිටි, හණසු, ආදිය නැත. ඉංගිරිසිහු කිසිදාක ඇටිටි හැලෙන්නට නො දෙති. ඇටිටි හැලෙන්නට කතාකළ හැක්කේ සිංහලයන්ට ය.
ඒ සියල්ල මදිවාට සිංහලයන්ට කලටි (කලටිපොල්) ද පොල්තෙල් ද පොල්පැණි ද වෙයි. මෙි අතර සිංහලයන්ට තැඹිලි, කුන්දිරා ආදී වූ විවිධ පොල් වර්ග ද වෙයි. ඉංගිරිසිකාරයාට තැඹිලි යැයි කීමට කිං කොකනටි අවශ්‍ය විය. ඔවුන්ට කුන්දිරා මොන කොකනටි දැයි නො දනිමි. පඬියකු එයට ඩිවෝර්ෆ් කොකනටි යැයි කිවහොත් මම මවිත නො වෙමි. මෙි සංස්කෘතික වශයෙන් සංකල්ප නිර්මාණයෙහි දී ඇතිවන වෙනස්කමි ය. එසේ තිබිය දී පොල් යන්නට කොකනටි යන්න ආදේශයක් නොවන බව පැහැදිලි විය යුතු ය.
සිංහලයන් තරමි පොල් සමිබන්ධයෙන් විවිධ සංකල්ප නිර්මාණය කළ වෙනත් ජාතියක් ඇත්දැයි නො දනිමි. ඇතැමිවිට කේරළයේ මලයාලමි ජනවර්ගය තම බසින් පොල් සමිබන්ධයෙන් විවිධ සංකල්ප නිර්මාණය කර තිබෙන්නට හැකි ය. ඇතැමුන්ගේ මතය අනුව කේරළයට පොල් හඳුන්වා දී ඇත්තේ සිංහලයන් ය. මට එය නිශ්චිතව කිව නො හැකි ය. කෙසේ වුවත් පොල් සමිබන්ධයෙන් සිංහලයන් හා මලයාලමි ජනවර්ගය අතර ඇති සමාන අසමානකමි යමි සංස්කෘතික අධ්‍යයනයක දී විමසා බැලිය හැකි ය.
වී සමිබන්ධයෙන් ද සිංහලයන්ට ඇති වචන ඉංගිරිසින්ට නොමැත. එමෙන් ම ඇස්කිමෝවරුන්ට හිම සමිබන්ධයෙන් ඇති වචන සිංහලයන්ට නැත. විවිධ සංස්කෘතීන් විවිධ සංකල්ප නිර්මාණය කර ඇති බව පැහැදිලි ය. ඒ එසේ වන්නේ ඇයි? ඒ අතර බොහෝ සංස්කෘතීන්වල සුළු සුළු සමානකමි ද තිබිය හැකි ය. එසේ වන්නේ ඇයි? මෙි අතර මිනිසුන් නොවන සත්වයන් අතර ඇති සංකල්ප පිළිබඳ අපේ අවබෝධය කුමක් ද?
මිනිසුන් නොවන සත්වයන්ට මනසක් ඇතැයි සිංහලයන් (සිංහල බෞද්ධයන්) ඉතා ඈත අතීතයේ සිට ම දන්නා නමුත් බටහිරයන් මෑතක් වන තුරුම සිතා සිටියේ අනෙක් සතුන්ට මනසක් නොමැති බව ය. අද ද සතුන්ට මනසක් ඇතැයි සිතන්නේ බටහිර උපන් බටහිර විද්‍යාඥයන්ගෙන් කිහිප දෙනකු පමණ ය. බටහිර උපන් බටහිර විද්‍යාඥයන් නොවන අය පොදුවෙි ගත්කල අනෙක් සතුන්ට මනසක් නැතැයි සිතති. මෙි වෙනසට හේතුව ද සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හා බටහිර යුදෙවි ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ඇති වෙනස්කමි ය.
සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ජීවියා යන්නට අමතරව ප්‍රාණියා යන සංකල්පය ද වෙයි. ගස් ද ජීවීන් නමුත් ප්‍රාණීන් නො වෙි. මෙි ප්‍රාණීහු සත්වයෝ වෙති. ඔවුහු සසර සැරිසරති. කුසල් අකුසල් රැස්කර ගනිති. මෙි භවයේ මිනිසකු ලෙස උත්පත්තියක් ලත් සත්වයකු ඊළඟ භවයෙහි දී බල්ලකු පණුවකු දෙවියකු අමනුෂ්‍යයකු විය හැකි ය. ඒ සියල්ලන්ට මනස් ඇත. එසේ නොමැතිව සංසාරය යන්න අරුත්සුන් සංකල්පයක් වෙයි. සිංහල බෞද්ධයෝ සියළු සත්වයන්ට මෛත්‍රී කරති. ප්‍රාණඝාතයෙන් වැලකීමෙි ශික්‍ෂාපදය සමාදමි වෙති. එහෙත් අද මෙි සියල්ල බටහිර යුදෙවි ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය යටතේ වෙනස් වී ඇත.
බටහිරයන්ට මෙි සමිබන්ධයෙන් ඇති සංකල්ප කවරේ ද? ඔවුන්ට අනුව දෙවියන් වහන්සේ සත්වයන් ද මවා අවසානයේ දී මිනිසාට භාර කර ඇත. ඔවුන්ට කුසල් අකුසල් පිළිබඳ සංකල්ප හෝ සංසාරය පිළිබඳ සංකල්පය නැත. ඔවුන් අනෙක් සතුන් ගැන සිතන්නේ මිනිසුන් වෙනුවෙන් මවන ලද ජීවීන් ලෙස ය. සතුන් මරා මස් අනුභව කිරීම බටහිරයන්ට ප්‍රශ්නයක් නො වෙයි. සතුන්ට මනස් ඇතැයි යන සංකල්පයක් එවැනි සංස්කෘතීන්හි නිර්මාණය කළ හැකි නො වෙි.
බටහිර විද්‍යාවෙි සතුන් ගැන අධ්‍යයනය කෙරෙන්නේ මෙි පසුබිමෙහි ය. සිංහල බෞද්ධ විද්‍යාවක සතුන්් ගැන අධ්‍යයනය කෙරෙන්නේ වෙනත් පසුබිමක ය. එහෙත් අද අපේ පාසල්වල ද බටහිර අනුකාරකයන්ගේ පාරාදීසය වූ විශ්වවිද්‍යාලවල ද ඉගැන්වෙන්නේ බටහිර සත්වවිද්‍යාව ය. ඒ අප බටහිර සංස්කෘතික ආධිපත්‍යයට යට වී සිටින බැවින් ය. එසේ වූ පමණින් සංසාරය පසුබිමි කරගත් සිංහල බෞද්ධ විද්‍යාව නැතිවන්නේ නො වෙි.
එකම දෙමවිපියන්ගේ දරුවන් එකිනෙකාගෙන් වෙනස්වන බව නොදන්නෝ වෙත් ද? එය නිරීක්‍ෂණයකි. දරුවන් හා දෙමවිපියන් යන සංකල්ප මොනයමි ආකාරයකින් වුවත් ඇතිකර ගැනීමෙන් පසු එකම පවුලේ වෙනස් ගති පැවතුමි ඇති දරුවන් ඇති බව බොහෝ සංස්කෘතිවල තේරුමි ගත හැකි ය. එහෙත් ඒ එසේ වන්නේ ඇයි? එයට දෙන පිළිතුර සංස්කෘතියට සාපේක්‍ෂ ය. සිංහල බෞද්ධයන්ට එහි දී කර්මය ද වැදගත් හේතුවක් වෙයි. එහෙත් එය එක ම හේතුව නොවන බව ද ඔවුහු දනිති. සිංහල බෞද්ධයෝ ඒක හේතුවාදී නො වෙති.
බටහිරයෝ එකම පවුලක දරුවන් වෙනස්වන්නේ ඇයි ද යන ප්‍රශ්නයට පිළිතුරු දීමෙි දී කර්මය යොදා නො ගනිති. ඔවුන් ඇතැමිවිට තමන් හොඳින් නොදන්නා ජාන මත යැපෙනවා විය හැකි ය. ජාන තාක්‍ෂණයෙන් සියළු දරුවන් එකම ආකාරයේ දරුවන් බවට පත්කර ගත හැකි යැයි කිසිවකු සිතන්නේ ද? පසුගිය වකවානුවෙහි ඩොලී නමි බැටළුදෙනගෙන් ඇරඹි ක්ලෝනීකරණය යනුවෙන් හැඳින්වෙන ප්‍රජනනය සඳහා වූ පිටපත්කිරීම (වෙනත් ක්ලෝනීකරණ ද ඇති බව අමතක නොකළ යුතු ය) මගින් එකම සත්වයකුගෙන් සත්වයන් දෙදෙනකු ඇතිකරගතහොත් ඒ සතුන් දෙදෙනා එකම ආකාරයෙන් වන්නේ යැයි බටහිර ජීව විද්‍යාව කියන්නේ ද?
පැහැදිලිව ම ඔවුන් දෙදෙනා වෙන වෙන ම ගතිපැවතුමි ඇති සතුන් දෙදෙනකු වනවා පමණක් නොව ඔවුන් මුල් සත්වයාගෙන් ද වෙනස් වනු ඇත. ඩොලී ද ඩොලීගේ මවගෙන් (පියාගෙන්?)වෙනස්වන්නට ඇත. ඒ පැත්තකින් තබන්න. එකම ෙසෙලය දෙකට බෙදීමෙන් බිහිවන නිවුන් දරුවන් වෙනස්වන්නේ ඇයි දැයි බටහිර ජීවවිද්‍යාවට තේරුමි කළ හැකි ද? හැකිනමි එසේ තේරුමි කරන ලෙස අපි අභියෝග කරමු. ජීවය යනු හුදෙක් ජීවයෙන් (ජානවලින් ආදියෙන්) පමණක් තේරුමි ගත හැකි නො වෙි. එහි දී වෙනත් හේතු ද බලපායි.
ඩොලී බිහිවීමෙන් පසුව ඇතැමි ඊනියා සිංහල බෞද්ධයෝ ද කලබලයට පත්වූහ. මොවුන් සිංහල බෞද්ධයන් නොවෙිය යන්න මගේ පිළිගැනීම ය. මොවුන් සිතුවෙි ඩොලී හා ඇගේ පියා හෝ මව හෝ එකම සත්වයා ය කියා ය. මෙි පිළිබඳ ව අපි ඒ දිනවල ම කරුණු පැහැදිලි කෙළෙමු. නාමයට බොහෝ විට රූපයක් (ශරීර කූඩුවක්) අවශ්‍ය වෙයි. ඒ රූපය ප්‍රජනනය සඳහා වූ පිටපත් කිරීමෙන් ඇතිවන්නේ ද, ලිංගික හෝ අලිංගික හෝ ක්‍රියාවලියක් නිසා ඇතිවන්නේ ද ආදිය සිංහල බෞද්ධයනට ප්‍රශ්න නො වෙි. නාමය රූපයට ඇතුල්වීමෙන් පසුව රූපය ද යමි පමණකට වුවත් තමන්ට අවශ්‍ය අන්දමින් ද හැඩගස්සවා ගනියි. ඒ ගෙයක් මිල දී ගන්නා තැනැත්තකු තමන්ට අවශ්‍ය ආකාරයට ගෙහි සුළු සුළු වෙනස්කමි ඇතිකරනවා මෙනි.
රූපය කෙසේ ඇති වුවත් එයට ඇතුල්වන නාමය, මනස (මෙය වෙනස් නොවන්නක් ලෙස නොසිතිය යුතු ය. එසේ වෙනස් නොවන්නේ යැයි සිතන්නා ආත්මවාදියෙක් මෙන් ම නිත්‍යවාදියෙක් ද වෙයි. එහි දී වෙනස් නොවන සුළු මොහොතක්, ක්‍ෂණයක් තිබිය නො හැකි ය) වෙනත් ම සත්වයෙකි. බටහිර ජීවවිද්‍යාඥයන් අපට මෙි ප්‍රජනනය සඳහා වූ පිටපත් කිරීමිවලින් බිහි වූ සතුන්ගේ ගති පැවතුමි ශාරීරික ලක්‍ෂණ ආදිය ඔවුන්ගේ මවගේ හෝ පියාගේ හෝ ගති පැවතුමි ශාරීරික ලක්‍ෂණ ආදිය සමග සංසන්දනය කරන වාර්තා ඉදිරිපත් කරන්නේ ද? මෙරට සිටින බටහිර ජීවවිද්‍යාඥයන්ට මෙහි දී තම ස්වාමීන්ගෙන් මෙි විස්තර ලබාගෙන අපට ආධාර කළ හැකි ය.
ඉතා පැහැදිලිවම එවැනි සතකු හා ඔවුන්ගේ මව හෝ පියා හෝ අතර යමි වෙනස්කමි තිබිය යුතු ය. උදාහරණයක් ලෙස කොර නොවූ බැටළුවකුගෙන් ප්‍රජනනය සඳහා වූ පිටපත් කිරීමිවලින් කොර බැටළුවකු බිහිවීමෙි සමිභාවිතාවක් ඇත. එයට හේතුව ඒ සත්වයන් දෙදෙනකු වීමත් ඔවුන්ගේ කර්ම ශක්තීන් වෙනස්වීමත් නිසා ය. සිංහල බෞද්ධයෝ මෙි වෙනස්කමි තම විද්‍යාවෙහි කමිම නියාමය ආධාරයෙන් තේරුමි ගනිති. කොරවීමට තරමි අකුසල් ශක්තියක් ඇති බැටළුවකුගේ නාමය (මනස), පිටපත් කිරීමෙන් නිර්මාණය කරන ලද ශරීර කූඩුවකට ඇතුල්වීමෙන් පසු ශරීර කූඩුව කර්මානුරූපව වෙනස්වනු ඇත. එහි අනෙක් පැත්ත ද සිදුවීමට ඉඩ ඇත. ඊනියා පිටපත් කිරීමෙන් වුව ද කොර බැටළුවකුගෙන් කොර නොවූ බැටළුවකු කමිම නියාමය අනුව බිහිවිය හැකි ය. එහෙත් කමිම නියාමය යනු එක් නියමයක් පමණක් බවත් බීජ නියාමය ආදී වශයෙන් තවත් නියාම හතරක් ඇති බවත් සිංහල බෞද්ධයෝ දනිති. නැවතත් කිවයුත්තේ සිංහල බෞද්ධයන් බටහිර විද්‍යාඥයන් මෙන් එක් හේතුවකට සියල්ල ඌනනය කරන ඌනිතවාදීන් නොවන බව ය.