ජාතිකත්වයේ විශ්වාසභංගය
රනිල්ට විරුද්ධ ව විශ්වාසභංග යෝජනාවක් කතානායකට භාරදීලා. මුහුණු පොතේ
බොහෝ පඬියන් තමන් මෙතෙක් කී දේ අමතක කරලා විශ්වාසභංගය තමන්ගෙ වැඩක් වගේ කතා කරනවා.
දේශපාලනඥයන් උදේට එකක් කියලා හවසට තවත් එකක් කියනවා. පෙබරවාරි මැතිවරණය දවස්වල
රනිල් සිරිසේන නාට්‍යයක් රංගනයක් ගැන කතා කළ අයට ඒ බව අද මතක නැහැ. දේශපාලනඥයන්ට
අවශ්‍ය ප්‍රසිද්ධිය. ඔවුන් ප්‍රසිද්ධිය සඳහා, අවස්ථාවාදීව ජනතාව ආකර්ශණය කිරීමට විවිධ කතා කියනවා. එවිට ඔවුන්ගෙ
ඇම්බැට්ටයන් වෙච්ච පඬියන් ද ඒ අනුව තම ස්ථාවර වෙනස් කර ගන්නවා. ඒ ඇම්බැට්ටයන් සමහරු
හිටපු චීවරධාරින්. ඔවුන්ට හිටපු භික්‍ෂූන් වහන්සේ කියන්න බැහැ. ඔවුන් සිවුර කරේ
දාගෙන ඉඳල දැන් ඒක විසි කරලා. එලෙස ජීවිතයේ වැදගත් ම ස්ථාවරය වෙනස් කළ අයට තම ගිහි
ස්වාමීන් අනුව යමින් දේශපාලන ස්ථාවර වෙනස් කර ගැනීම ඉතා පහසු දෙයක්.
මේ අතර එහෙම දේශපාලන ස්වාමීන් නැති පඬිවරුත් තම ස්ථාවර වෙනස් කර
ගන්නවා. දැන් අර රංගනය ඉවර ඇති. මා නම් එය කිසි දිනෙක රංගනයක් ලෙස සැලකුවෙ නැහැ.
මා ඒ ගැන ආඩම්බර වෙනවා නො වෙයි. රනිල් මෛත්‍රිපාල විරසකයට තරමක කල්. ඇතැම්
දේශපාලනඥයන් දැන් තවත් බොරු කතාවක් කියනවා. පෙබරවාරි 10 වැනි දා මැතිවරණයෙන් පස්සෙ ආණ්ඩුව අස්ථාවර වුණා කියලා. පෙබරවාරි
මැතිවරණයෙන් පොහොට්ටුවට ස්වාධීන කණ්ඩායම් එකතු කළත් ඡන්ද 46%කට වඩා ලැබුණෙ නැහැ. රනිල් මෛත්‍රිපාල එකට
ගත්තොත් (අර රංගන කතාව අනුව එහෙම ගන්න පුළුවන්) එයට වඩා ඡන්ද ලැබුණා. එවිට කාට හරි
කියන්න පුළුවන් පෙබරවාරි 10 වැනි දා ජනතාව ආණ්ඩුව කෙරෙහි විශ්වාසය
පළ කළා කියලා.
ආණ්ඩුව අස්ථාවර වෙලා කියන එකෙන් අදහස් කරන්නෙ කුමක් ද? රනිල් මෛත්‍රිපාල 2015 ජනවාරියේ දී ඊනියා දින සියයේ ආණ්ඩුව හැදුවා. පස්සෙ අගෝස්තුවෙ ඊනියා
ජාතික ආණ්ඩුව පිහිටෙව්වා. ඒ බටහිරයන්ගෙ සැලැස්මක් අනුව. මහින්දගෙ ජාතිකත්වයට එරෙහි
ව. ජනවාරියෙත් අගෝස්තුවෙත් ආණ්ඩු බලය ගත්තෙ එ ජා ප ඡන්දවලින්. සංධාන ඡන්දවලින් නො
වෙයි. එහෙත් 2015 අගෝස්තුවෙ ඊනියා ජාතික ආණ්ඩුව හැදුවෙ
(එ ජා පෙ බලය ලබා ගැනීමෙන් පසු) සංධානයෙ ඡන්ද ලැබූ අයගෙන් කොටසක් එ ජා පෙරමුණු
ඡන්ද ලැබූ අය සමග එක්වීමෙන්.
සංධාන ඡන්ද බහුතරය ජාතිකත්වය ඡන්ද. අද දවසෙ ජාතිකත්වය කියන්නෙ වෙන
මොනවක්වත් නොවෙයි ඊනියා ජාත්‍යන්තර සුපිිරිව්‍යුහයෙ සංස්ථාපනයට විරුද්ධ වීම. එහි
විවිධ ප්‍රභේද තියෙනවා. ට්‍රම්ප් පවා එක්තරා ආකාරයකට ජාතිකවාදියෙක්. ඒ බවත් අප
කියන්නෙ අද ඊයෙ නොවෙයි. පුටිනුත් ජාතිකවාදියෙක්. මහින්දත් ජාතිකවාදියෙක්.
පිලිපීනයෙ ඩුටර්ටෙත් ජාතිකවාදියෙක්. ඔවුන් අතර සමානකම් මෙන් ම සමානකම් ද තියෙනවා. 2016 අග මගේ ලෝකයට තිස්වසරයි සම්මන්ත්‍රණයේ දී මා
ඔවුන් සැසඳුවා. එතැන මහින්දත් හිටියා.
සංධානයෙන් ආණ්ඩුවට ගිය අය නියෝජනය කෙළෙ ජාතිකත්වය. ඔවුනුත් සජාතීය නැහැ.
ඔවුන්ට ඡන්දය දුන් අයත් සජාතීය නැහැ. රනිල් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ. මේ
සංස්කෘතික ගැටුම 2015 අගෝස්තුවෙ ඉඳල ම තිබුණා. මුල දී එය
පෙනුණෙ නැහැ. මෛත්‍රිපාල එතරම් ශක්තිමත් අයකු නො වෙයි. ඔහු බොහෝ විට චන්ද්‍රිකාට
ජාත්‍යන්තරයට යට වුණා. එසේ තිබිය දීත් ගැටුම ක්‍රමයෙන් තීව්‍ර වුණා. බැඳුම්කරය එය
ඉහළ තලයකට ගෙනාවා. මේ පසුබිමේ තමයි පෙබරවාරියෙ රනිල් මෛත්‍රිපාල වෙන ම තරග කෙළේ.
පෙබරවාරියෙ දි බුලත් කොළයට හරි අතට හරි ඡන්දෙ දුන්නෙ වරප්‍රසාද තනතුරු බලාගෙන
කියලා පඬියකු කියා තිබුණා. මා ඔහු ගැන අනුකම්පා කරනවා. මා හිතන්නෙ 2019 තනතුරු බලන් ඉන්න අය වැඩි හරියක් අද ඉන්නෙ
මහින්ද එක්ක කියලා. ඔවුන් තමයි රනිල් ඉවත් කිරීමට අකමැති. ඔවුන් හිතනවා 2019 දී රනිල් දුර්වල අපේක්‍ෂකයකු වේවි කියා. රනිල්
හිිටියොත් 2019ක් තියේවි ද කියා ඔවුන් හිතන්නෙ නැහැ. ඔවුන්ගෙන්
මහින්ද ආරක්‍ෂා කරන්න වේවි.
රනිල් ඉවත් කරන්න මෛත්‍රිපාලට ශක්තිය දෙන්න කිව්ව ම මට පඬියන් පහර
දුන්නා. මා කොන්ත්‍රාත්කාරයකු කියා හැඳින්නුවා. තවත් නම් පට බැන්දා. 43(3) යටතේ රනිල් ඉවත් කිරීමට ඔවුන් කැමති වුණෙ නැහැ.
එහෙත් දැන් 48(2) යටතේ රනිල් ඉවත් කිරීමට විශ්වාසභංග
යෝජනාවක් ගෙනැල්ල. ජාතිකත්වයෙ කැමැත්ත ඉටු වෙලා. ඒකාබද්ධ විපක්‍ෂෙ අද රනිල් ඉවත්
කිරීමට මෛත්‍රිපාලට ශක්තිය ලබා දෙනවා. එය හොඳයි. ඒත් පඬියන්ට මා තවමත් කොන්ත්‍රාත්කාරයෙක්.
මුහුණු පොතේ එක් පඬියකු කියා තිබුණෙ තමන්ගෙන් ඇතැමකු මගේ ගැටයට අහුවෙලා කියලා! ගැට
කපන්නකු හොයා ගන්න බැරි ද?
විශ්වාසභංගය භාරදුන් පමණින් අපට සැනසෙන්න බැහැ. තව කඩුළු රාශියක්
පනින්න තියෙනවා. මේ ඩීල් දේශයේ බොහෝ දේ වෙන්න පුළුවන්. අප කල්පනාවෙන් ඉන්න ඕන. අප
නොහිතන පැතිවලින් සමස්ත ක්‍රියාවලිය කඩා වැටෙන්න පුළුවන්. කීකරු ජයසූරිය කාට කීකරු
වේවි ද? මහින්දවත් මෛත්‍රිපාලගෙ ඇමතිවරුන්වත්
විශ්වාසභංගයට අත්සන් නොකිරීම ප්‍රශ්නයක් නො වෙයි. විශ්වාසභංගය ආණ්ඩුවට විරුද්ධවත්
ගෙන එන්නක් බව අමතක නොකළ යුතුයි. එයට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් අත්සන් කිරීමේ දී ප්‍රශ්න
ඇති වෙනවා. මුලදි අත්සන් නොකළාට අවසානයේ දී ඡන්දය දෙන්න පුළුවන්. ඒකාබද්ධ විපක්‍ෂෙ විශ්වාසභංග යෝජනාව ගෙනාවෙ ආණ්ඩුවෙ මැති
ඇමතිවරුන් යම් පිරිසක් ගැන විශ්වාසයකින් වෙන්න ඕන.
අද කළ යුත්තෙ විශ්වාසභංග යෝජනාව දිනා ගැනීමට මහන්සි වීමයි. මේ ඩීල්
දේශය බව අමතක නොකළ යුතුයි. විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වෙන්නෙ
ඡන්දය විමසන අවස්ථාවෙ සභා ගැබේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙ බහුතරය. පඬියකු කියා තිබුණා
තුනෙන් දෙකක් අවශ්‍ය කියලා. ඒ පඬි මතයක් පමණයි. එ ජා ප මන්ත්‍රීන් යම් පිරිසක් සභා
ගැබේ නොසිටීමත් විශ්වාසභංගයට හොඳයි. එහෙත් පුළුවන් තරම් ඔවුන් රනිල්ට විරුද්ධ ව
ඡන්දය දීමට එකඟ කර ගත යුතුයි. ඔවුන් මතක තබා ගත යුත්ත නම් විශ්වාසභංග යෝජනාව දිනූ
විගස රනිල්ගෙ ආණ්ඩුව අහෝසි කිරීමට මෛත්‍රිපාලට බලය (ශක්තිය) ලැබෙන බව.