සංස්කෘතික ආක්‍රමණ හා සංහිඳියාව
තෙල්දෙණිය දැන් ඉතිහාසයට එකතු වෙලා. ඒත් ප්‍රශ්නය විසඳිලා නැහැ. ප්‍රශ්නය
මොකක් ද කියලා කියන්නෙ නැතිව ප්‍රශ්නය විසඳන්නෙ කුමක් ද? මේ රට පුදුම රටක්. බෞද්ධ තර්ක ශාස්ත්‍රය (න්‍යාය) ගැන කතා කරන්න
පුළුවන් න්‍යාය (ලොජික්) කියන්නෙ මොකක් ද
බෞද්ධ න්‍යාය කියන්නෙ මොකක් ද කියලා කියන්නෙ නැතිව. තර්කය කියන්නෙ එකක් න්‍යාය
කියන්නෙ තවත් එකක් යන්නවත් නොදන්න සමාජයක තර්ක කරන එකත් මෝඩකමක්.
ප්‍රශ්නය අන් කිසිවක් නොව මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන
අහිමි කිරීම. එය විවිධ සංස්කෘතික ආක්‍රමණවල ප්‍රතිඵලයක් ලෙස ක්‍රියාත්මක වෙනවා.
එහෙත් සිංහල බෞද්ධයන් ප්‍රශ්නයක මුලට යන්නේ නැහැ. ඔවුන් අද දළ වශයෙන් දෙපිළකට
බෙදිලා. ඒ දේශපාලනික ව. රජපක්‍ෂවාදින් හා රාජපක්‍ෂ විරෝධීන් වශයෙන්. මේ බෙදීමේ
විවිධ ප්‍රභේද තියෙනවා. අපට ඒ ප්‍රභේද මෙහි දී අදාළ නැහැ.
සිංහල බෞද්ධ සංස්කෘතිය නැත්නම් සිංහල බුද්ධාගම අද අසරණ තත්වයක
පවතින්නෙ. එයට එක් හේතුවක් නම් සිංහල බෞද්ධ සංස්කෘතියෙහි කියන්න තරම් බුද්ධිමය
සම්ප්‍රදායක් නොමැති වීම. අප සිංහල ථෙරවාද බුද්ධාගම ආරක්‍ෂා කළ බව ඇත්ත. එහෙත්
ශාස්ත්‍රීය වශයෙන් අප එතරම් එකතු කර ඇති දෙයක් නැහැ. අද අපට සිංහල බෞද්ධ සංස්කෘතිය
ආරක්‍ෂා කිරීමට නොහැකි තත්වයකට පත්වෙලා. අද සිංහල බෞද්ධ සංස්කෘතියේ ගැලවුම් කාරයන්
වී ඇත්තේ කතෝලික පවුල්වල උපත ලත් අය. බෞදධ විශ්වකෝෂ කාර්යාලයට ගොස් බලන්න. විවිධ
අසපුවලට ගොස් බලන්න.
සිංහල බෞද්ධ සංස්කෘතියට චෝලයන්ගේ කාලයේ සිට ම ප්‍රහාර එල්ල වුණා.
පෘතුගීසි ලන්දේසි ඉංගිරිසි කාල වල එය තදින් ක්‍රියාත්මක වුණා. ඉංගිරිසින් ඉතා
සියුම් ව සැලසුම් සහගත ව ක්‍රිස්තියානි සංස්කෘතික ආක්‍රමණයක යෙදුණා. ඔවුන්ගේ ක්‍රිස්තියානි
අධ්‍යාපනය අද අපේ අධ්‍යාපනය බවට පත් වෙලා. අද බොහෝ දෙනා කතා කරන්නේ නවීන ලෝකයට
හැඩගැහෙන අන්දම ගැන. අප වෙනස් විය යුතු බව ඇත්ත. වෙනස් නොවන සතුන් වඳවන බව කිව්වෙ
මාර්ටින් වික්‍රමසිංහ නොවෙයි. ඔහු එය ඉංගිරිසි පොතකින් අහුල ගත්තක්. අප වෙනස් වන්න
ඕන අපට අවශ්‍ය අන්දමට ද බටහිරයන්ට අවශ්‍ය අන්දමට ද?
සිංහල බෞද්ධයන් නවීන ලෝකයට හැඩ ගැහෙන්න නම් පළමුව අපේ දැනුම එකතු
කරන්න, අප අපේ ප්‍රවාද නිර්මාණය කරන්න ඉගෙන ගත
යුතුයි. මා එය විදුසර පුවත්පත මගින් කරන්න උත්සාහ කළා. එහෙත් සිංහල බෞද්ධ යැයි
කියන දොස්තරලා හා තවත් අය එකතු වී මා එතැනින් පැන්නුවා. ඔවුන්ට නාථ දෙවියන් ගැන
කතා කිරීම මිථ්‍යාවක් වුණා. ඔවුන් ප්‍රසිද්ධියේ ජ්‍යොතිෂයට, සෙත්කවිවලට, පුනරුත්පත්තියට විරුද්ධ වුණාට පෞද්ගලික ව ඒ සියල්ල විශ්වාස කරනවා.
ඔවුන් ව්‍යාජ යථාර්ථවදීන් විද්‍යාඥයන්. එහෙත් අඩුම තරමින් බටහිර විද්‍යාවට ඔවුන්
කිසිවක් එකතු කර නැහැ. මා කීියන්නේ ආචාර්ය උපාධි දර්ශනපති (M.Phil.) උපාධි නිබන්ධන
ඉදිරිපත් කිරීම නො වෙයි. මාත් එවැනි නිබන්ධනයක් ඉදිරිපත් කර තිබෙනවා පමණක් නොව
එවැනි උපාධි නිබන්ධන අධීක්‍ෂණය කර තියෙනවා.
ඒ උපාධි නිබන්ධන ඉදිරිපත් කළ අයගෙන් පස්දෙනකු අද මෙරට විශ්වවිද්‍යාලවල ජ්‍යෙෂ්ඨ
කථිකාචාර්ය ධුර දරනවා. ඔවුන් මෙරට සංස්කෘතියට අදාළව යම් යම් දේ කියා තියෙනවා.
එහෙත් පිළිගැනීමක් නැහැ. එක්තරා බෞද්ධ යැයි කියන විශ්වවිද්‍යාලයක සිංහල
මහාචාර්යවරයකු මගේ ලෝකය මිළ දී ගැනීමට පොත්හළකට ගිය අයකුට කියා ඇත්තේ ඒ එයාගෙ ලෝකය
කියායි.
අද නවීන ලෝකයට හැඩ ගැසීම යනු මූලික ව යුදෙව් ක්‍රිස්තියානි
සංස්කෘතියේ ඇංග්ලිකන් ප්‍රභේදයට අනුගත වීමක්. එසේ කිරීමෙන් අපට අත්වන සුගතියක්
නැහැ. තෙල්දෙණියේ සිද්ධිය අහඹු සිද්ධියක්. එයින් දේශපාලන වාසි ලබා ගැනීමට රාජපක්‍ෂවාදීන්
මෙන් ම රාජපක්‍ෂ විරෝධීන් ද උත්සාහ ගන්නවා. එය අහඹු සිද්ධියක් වුවත් එවැනි සිද්ධි
ඇතිවන්නේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව වෙනත් සංස්කෘතික ආක්‍රමණ තිබෙන
නිසා. ඒවා අළුයට ගිනි පුපුරු මෙන් තියෙනවා. සිංහල බෞද්ධයන් ශාස්ත්‍රීය වශයෙන් නැති
වුවත් ඒ බව ඉවෙන් දන්නවා. එය ඉස්ලාම් භීතියක් හෝ ක්‍රිස්තියානි භීතියක්
(භීතිකාවක්) හෝ නො වෙයි. අද නැවත උපන් ක්‍රිස්තියානි සංස්කෘතික ආක්‍රමණයක් ඇති බව
කාදිනල්වරයා ද දන්නවා. එතුමන් බෞද්ධාගම රැකුණොත් අද කතෝලික ආගම ද රැකෙන බව දන්නවා.
පෘතුගීසි යුගයේ කතෝලික ආක්‍රමණයක් තිබූ බව අප අමතක කරන්න සූදානම්. අද ඇතැම්
පෙදෙස්වල ක්‍රිස්තියානි ආගමික උපදේශකවරුන්ට (පේස්ටර්ලාට) විරුද්ධව සිංහල බෞද්ධයන්
ක්‍රියාත්මක වන්නේ මේ සංස්කෘතික ආක්‍රමණය නිසයි. අද මෙරට බෞද්ධයනට ඇති ඊනියා
ඉස්ලාම් භීතියක් ගැන කියන්නේ ජාතිකවාදීන් යැයි කීියා ගන්නා කතෝලික සම්භවයක් ඇති
පුද්ගලයන්.
ප්‍රශ්නයට විසඳුම සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව ක්‍රියාත්මක වන
විවිධ සංස්කෘතික ආක්‍රමණ පරාජය කිරීමයි. එහෙත් සිංහල බෞද්ධයන් ඒ සඳහා සැලසුම් සහගත
ව ක්‍රියාත්මක වන්නේ නැහැ. එයට ප්‍රධාන ම හේතුව සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව
ඇති යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආක්‍රමණය ඔවුන්ට නොතේරීමයි. අද අධ්‍යාපනයෙන් ද
ජනමාධ්‍යයෙන් ද කෙරෙන්නේ මේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ඇංග්ලිකන් ප්‍රභේදය
තහවුරු කිරීම හා ප්‍රචාරය කිරීම. සිංහල බෞද්ධයන් තමන් ඒ සංස්කෘතික ආක්‍රමණයේ
ගොදුරු බව තේරුම් නොගෙන වෙනත් සංස්කෘතික ආක්‍රමණයකට මුහුණ දෙන්නේ කෙසේ ද?
සංහිඳියාව (Reconciliation) කියන බොරු වචනය යොදා ගන්නේ සිංහල බෞද්ධ
සංස්කෘතියට මෙරට හිමි තැන නැති කිරීමටය. මෙය පළමු වරට යොදා ගන්නේ මේ රජයෙන්
නොවෙයි. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ ඊනියා උගත් පාඩම් කොමිසමත් සංහිඳියා කොමිසමත් ඒ
කොමිසම ඉංගිරිසියෙන් හැඳින්වුණේ Lessons
Learnt and Reconciliation Commission . මා
ඒ කොමිසම ඉදිරිියට සාක්‍ෂි දීමට ගොස් දෙමළ ජාතිවාදයේ ඉතිහාසය ගැන කිව්වා. සාක්‍ෂිය
අවසානයේ දී කොමිසමේ සාමාජිකයකු කීවේ ඒ කොහොම වුණත් අප දෙමළ ජනයාට යමක් දිය යුතු ය
කියා! ඔහු මා මෙන් නොව වැදගත් සිංහල බෞද්ධ
මහත්මයෙක්!