ශ්‍රී ල නි ප ගමනක අවසානය ද?
ශ්‍රී ල නි පක්‍ෂය අවසන් ගමන යෑමට සූදානම් වන බවක් පේනවා. මෙරට ජාතිකත්වයේ ප්‍රධාන පක්‍ෂය ලෙස ක්‍රියා කළ ශ්‍රී ල නි පක්‍ෂය 2014 දි මෛත්‍රිපාල සිරිසේනගේ විගමනය සමග අර්බුදයකට මුහුණ දුන්නා. ශ්‍රී ල නි ප ප්‍රධානීන් කිහිප දෙනකු පසුව යහපාලනයට ද එකතු වුණා. එසේ යෑමට හේතු තියෙන්න ඇති. එහෙත් ඔවුන් බටහිරයන්ගේ හා ඉන්දියාවේ උගුලකට හසුවුණා. බටහිරයන්ට එක ගලින් කුරුල්ලන් කිහිප දෙනකු මරා ගැනීමට අවශ්‍ය වී තිබුණේ. මෙරට ජාතිකත්වය අඩපණ කිරීම ඔවුන්ගේ එක් වුවමනාවක් වුණා. එ සමග මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීමේ අවශ්‍යතාව ද, විශේෂයෙන් ම ඉන්දියාවට, තිබුණා.
එහෙත් ශ්‍රී ල නි පක්‍ෂයේ බොහෝ දෙනකුට එ ජා පක්‍ෂයත් සමග සහජීවනයක් තියෙන්න බැහැ. වැඩි කල් නොගොස් යහපාලනයේ හෙවත් ඊනියා ජාතික රජයේ දෙදරීම් හට ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස 2018 ඔක්තෝම්බරයේ රනිල් අගමෑති ධුරයෙන් නිත්‍යානුකූල ව නෙරපනු ලැබුවා. මහින්ද අගමැති කෙරුණා. එහෙත් මහින්දගේ අගමැති කම රැක ගන්න කටයුතු කෙරුණේ නැහැ. අද මුස්ලිම් මන්ත්‍රීවරුන් සමග එක් වී තුනෙන් දෙකේ ඡන්දයකින් විසිවැනි සංශෝධනය සම්මත කරගත් අය එදා මහින්දගේ අගමැති කම රැක ගැනීමට මුස්ලිම් මන්ත්‍රීන් සමග එකතු වූයේ නැහැ.
ඒ හේතුවෙන් මෛත්‍රිපාල සිරිසේන වැරදි උපදෙස් මත පිහිටා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. එය ව්‍යවස්ථා විරෝධී බව අධිකරණයෙන් තීන්දු කෙරුණා. එහෙත් රනිල් නැවත අගමැති වූයේ ව්‍යවස්ථාවෙන් පමණයි. ඔහු ඒ වන විට ජනතා බලයෙන් පිරිහිලා. එම්සීසී ගිවිසුමත් අත්සන් කිරීමට නොහැකි වුණා. ඒ සඳහා ශක්තියක් තිබුණේ නැහැ.
ශ්‍රී ල නි පක්‍ෂය පොදුජන පෙරමුණ සමග ගිවිසුමකට එළඹුණා. එහෙත් ගිවිසුම අනුව වැඩ කෙරෙන්නේ නැති බව පැහැදිලියි. සුපුරුදු පරිදි ශ්‍රී ල නි පක්‍ෂයට කෙණහිලිකම් කෙරෙනවා. එහෙත් ශ්‍රී ල නි පක්‍ෂය උපක්‍රමශීලී ව කටයුතු කරන බවක් පෙනෙන්නේ නැහැ. ඔවුන් දෙවැනි සිරිසේන විගමනයක් කිරීමට සැරසෙන බවක් පේනවා. මෙවර විගමනයක් කළොත් එය ශ්‍රී ල නි පක්‍ෂයේ අවසානය සනිටුහන් කරනු ඇති.
පක්‍ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර පසුගිය දා පළාත් සභා සම්බන්ධයෙන් අහිතකර ප්‍රකාශයක් කර තිබුණා. ඒ අතර මෛත්‍රිපාල මුස්ලිම් කොවිඩ් රෝගීන් ගැන තවත් අනවශ්‍ය කතාවක් විදේශ ප්‍රවෘත්ති සේවාවකට කියා තිබුණා. එය මුස්ලිම් ඡන්ද ගැනීමට හිතා ගෙන කළ එකක් නම් එය කිසිසේත් සාර්ථක වන්නේ නැහැ. මුස්ලිමුන් ශ්‍රී ල නි පක්‍ෂයටවත් පොදුජන පෙරමුණටවත් ඡන්දය දෙන්නේ නැහැ. දෙමළ ජනයා නම් ඡන්දය දේවි. එහෙත් මැලේ නොවන මුස්ලිමුන් ඒ පක්‍ෂ දෙකෙන් එකකටවත් පොදුවේ ගත්කල ඡන්දය දෙන්නෙ නැහැ.
පළාත් සභා ගැන දයාසිරි ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදයට පිටු පා ඇති කළ පළාත් සභාවල ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කිරීම විහිළුවක්. දයාසිරිගේ තර්කය පළාත් සභාවල ප්‍රජාතන්ත්‍රවාදය සඳහා තිබූ පළාත් සභා ක්‍රියාත්මක කළ යුතු බවයි. ඔහු කියන්නේ දැන් පළාත් සභාවල මහජන නියෝජනයක් නැති බවත් නිලධාරීන් අදාළ තීරණ ගන්නා බවත්.
පළාත් සභාවලට ගත හැකි තීරණ නිලධාරීන්ට ගත හැකි යැයි මා විශ්වාස කරන්නේ නැහැ. නිලධාරීන්ට කළ හැක්කේ එදිනෙදා වැඩ කිරීම පමණයි. පළාත් සභාවල මහජන නියෝජනයක් නැතැයි කියා හිටපු මන්ත්‍රීන් නැවත ස්ථාපනය කිරීමට කීම පළාත් සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට රැකියා ලබා දීමක් පමණයි. ඒ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ශ්‍රී ල නි පක්‍ෂයට එකතු වේ යැයි දයාසිරි ප්‍රසිද්ධියේ හිතන්නේ නැති බව මා දන්නවා.
පළාත් සභා අක්‍රීය වී තිබියදීත් නිලධාරීන්ට එදිනෙදා කටයුතු කර ගෙන යෑමට හැකි වීමෙන් පෙන්නුම් කරන්නේ ඒ නිලධාරීන් සෘජු ව ම කැබිනට්ටුවට වගකීමට සැලැස්වීමෙනුත් ඒ කටයුතු කරගෙන යා හැකි බවයි. පළාත් සභා අනවශ්‍ය බවයි. කළ යුත්තේ පළාත් සභා විසුරුවා හැර නිලධාරීන් ප්‍රධාන අමාත්‍යාංශවලට අනුයුක්ත කිරීමයි. එවිට වඩාත් හොඳින් ප්‍රජාතන්ත්‍රවාදය ඒ කුමක් වුවත් ක්‍රියාත්මක වේවි. එසේ කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නම් කළ යුත්තේ නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීම් දී පළාත් සභා නැති ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමයි.
නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ප්‍රායෝගික නොවන කටයුත්තක් බවට පත් වීමට ඉඩ තියෙනවා. ආණ්ඩුවට තවමත් තුනෙන් දෙකේ බලයක් නැහැ. රතන හිමියන්ගේ ඡන්දය ලැබුණත් දෙමළ මුස්ලිම් මන්ත්‍රී ඡන්ද නැතිව තුනෙන් දෙක ලබා ගැනීම ප්‍රශ්නයක්. ඔවුන්ගේ ඡන්ද ලබා ගැනීමට ගණුදෙනු (ඩීල්) අවශ්‍ය වේවි. එය 13+ දක්වා යෑමටත් ඉඩ තියෙනවා. මේ පාර්ලිමේන්තුවට ව්‍යවස්ථා සම්පාදනයක් කිරීමට ජනතාව පැහැදිලි බලයක් දී නැහැ.
එවිට අපැහැදිලි බලය කුමක් ද කියා ප්‍රශ්න කරන්න වෙනවා. අද කළ යුත්තේ පළාත් සභා විසුරුවා හැරීමට නොහැකි නම් පළාත් සභා නිලධාරීන් සඳහා යම්කිසි පරිපාලන යාන්ත්‍රණයක් සකස් කිරීමයි. ශ්‍රී ල නි පක්‍ෂයේ යෝජනා මන්ත්‍රීන් කිහිප දෙනකුට පමණක් වැඩක් වේවි. එහෙත් රටට අවැඩක් වේවි. ශ්‍රී ල නි පක්‍ෂයේ ගමනක අවසානය වේවි.