Main Logo

Friday 8 January 2021

ට්‍රම්ප් හා අසාද් සාලි

 ට්‍රම්ප් හා අසාද් සාලි


එක්සත් රාජ්‍යවල ප්‍රජාතන්ත්‍රවාදයට මොකද වෙලා තියෙන්නෙ. ට්‍රම්ප් කියන්නෙ එහෙ මැතිවරණය ඇෆ්ගනිසථානයෙ මැතිවරණයටත් අන්තයි කියල. ඒක අපි දන්නෙ නැහැ. ට්‍රම්ප් හා ඔහුගෙ අනුගාමිකයන් පිරිසක් තම රටේ ඡන්ද ෆ්‍රෝඩා වුණු බව කියනවා. අනුගාමිකයන් වොෂිංටන් පරිපාලන ගොඩනැගිලි වටලලා ඒවට කඩාවැදිල. මේවා මේ නෙත් දෙකෙන් දකින්න හිටිය දේවල් ද? ප්‍රජාතන්ත්‍රවාදයෙ දෙවොල මෙහෙම කැත කරයි කියල හිතුවෙ කවුද? ට්‍රම්ප් බලය අත්හරින්නෙ නැද්ද? අපිට නම් හාමුදුරුවො හැමදාම කියන්නෙ අත්හරින්න කියල.  දැන් ඇමරිකාවෙ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න හමුදාවක් යවනවා ද? කවුද යවන්නෙ. ඇෆ්ගනිස්ථානයටවත් කියල බලමු ද? තාම කල් වැඩි ද? තව ටිකක් බලමු ද? අසාද් සාලි මොකද ඒ ගැන කියන්නෙ. එහෙම නැත්නම් අමීර් අලි කියා කෙනෙක් මොානව කියයි ද? අමීර් අලි මුස්ලිමුන්ට විරුද්ධ ගෞතමගෙ දුෂ්ටයන් (Villains of Gauthama) ගැන ලියල තිබුණ. ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ දුෂ්ටයන් ඉන්නවා ද?


අපි ප්‍රජාතන්ත්‍රවාදයේ අවසාන අදියරේ ඉන්නෙ. පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන මොන බයිල කිවුවත් ප්‍රජාතන්ත්‍රවාදයෙ නිරුවත දැන් පේන්න පටන් අරන්. මේ ලෝකයේ බටහිර ක්‍රිස්තියානි ජාත්‍යන්තර සංස්ථාපනය හා එහි විවිධ අංග කඩා වැටෙමින් තියෙන්නෙ. ඒත් ඒකට විකල්ප ක්‍රමයක් තවම නැහැ. කලින් තිබූ සමාජ ක්‍රම හා පාලන තන්ත්‍රවල විකල්පවලටත් ඉඩක් තිබුණ. මේ බටහිර ජාත්‍යන්තර සංස්ථාපනය විකල්පවලට මතුවෙන්න ඉඩ දුන්නෙ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය නීතිය ආදිය ක්‍රියාත්මක කරල ඒ විකල්ප මරල දැම්ම. 


ඒ අතින් අද තරම් ලෝකය අසරණ වෙච්ච වෙලාවක් ඉතිහාසයෙ ම නොතිබෙන්න ඇති. බටහිර දැනුම යොදා ගෙන අනෙක් සියලු දැනුම් ඊනියා මිථ්‍යා බවට පත්කරල සමාජයේ පිළිගැනීමෙන් අයින් කරල. කොවඩ් 19 ට එන්නත් කිහිපයක් ම තියෙනවා. අර සමූහ නැත්නම් රංචූ ප්‍රතිශක්තිකරණයට මොකද වුණෙ? සමහරු කියන විධියට එන්නත සමගින් එක්සත් රාජ්‍යය තව අවුරුදු තුනක් විතර යනව ඔය රංචු වැඩේට.  


මොන කතා (බයිල) කිවුවත් ප්‍රජාතන්ත්‍රවාදය වගේ ම බටහිර විද්‍යාවත් අසමත්. ඒත් අර විකල්ප නැති කරල නිසා, ඒවට තැනක් නැති නිසා අලුතෙන් දෙයක් සකස්කර ගන්න එකත් ප්‍රශ්නයක්. ඔක්කොට ම වඩා විකල්ප දේශපාලන ක්‍රමයක් සකස් කරන්න පුළුවන් දේශපාලනඥයකු නැති කමේ ප්‍රශ්නය තියෙනවා. ට්‍රම්ප්ට විකල්පයක් සකස් කරන්න බැහැ. ඔහු කරන්නෙ ප්‍රජාතන්ත්‍රවාදයෙ සළු පිළි ගලවන එක පමණයි. එකල බටහිර රටවල රාජාණ්ඩු වෙනුවට ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජ ඇති කළ නායකයන් වැනි අය දැන් පේන තෙක් මානෙක නැහැ. බටහිරට ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක ඇදි ඇදී යන්න වෙලා. 


බටහිර ජාත්‍යන්තර සංස්ථාපනයට පුළුවන් වුණා අනෙක් හැම දැනුමක් ම පාහේ බටහිර දැනුම් ආධිපත්‍යය යටතට ගන්න.  අවසානයේ දී මිනුම් දණ්ඩ වුණෙ බටහිර දැනුම. අරක විද්‍යාත්මක ද මේක විද්‍යාත්මක ද තාර්කික ද බුද්ධිවාදී ද ආදී වශයෙන් ප්‍රශ්න කෙරුණා. පැනියට වෙලා තියෙන දේ බලන්න. සමහරු බුදුදහමත් විද්‍යාත්මක කළා. තාර්කික කළා. බුද්ධිවාදයට යට කළා. කාලාම සූත්‍රය කාලම දැම්ම. 


ඒත් මේ සියල්ල අතර මුස්ලිම් සංස්කෘතිය අනෙක් සංස්කෘතීන්ට වඩා තම ස්වාධීනත්වය රැකගත්ත. ඔවුන් අනෙක් බොහෝ දෙනා වගේ ම බටහිර විද්‍යාවේ දැනුම තමන් සතුව තියෙනව කියන එක නම් කිවුව. ඒත් කුරාණය බුද්ධිවාදී කරන්න ගියෙ නැහැ කියලයි මා හිතන්නෙ. කුරාණය සම්පූර්ණයෙන් ම දෙවියන්ගෙන් ලැබුණු දැනුම. කතෝලික බයිබලයත් එහෙමයි. මේ ආගම් දෙකෙන් ක්‍රිස්තියානි ආගම් (මාටින් ලූතර්ගේ සිට සාම්ප්‍රදායික ක්‍රිස්තියානි ආගම් දක්වා)  වෙනස් වුණු එක් විධියකට අනුව ඔවුන් ඊනියා බුද්ධිවාදයට හා අනුභූතිවාදයට අනුගත වුණා. බුද්ධිවාදය (rationalism) හා අනුභූතිවාදය (empiricism) පරස්පර විරෝධීයි. එහෙත් බටහිරයන් සමත් වුණා ඒ දෙක ම තමන්ට අවශ්‍ය පරිදි යොදා ගන්න. මා හිතන්නෙ බටහිර විද්‍යාඥයන් කළ ප්‍රධාන ම දෙයක් වුණෙ එයයි.  ඇරිස්ටෝටල් කාන්තාවන්ට දත් හතළිහක් තියෙනවා කිවුවා. ඒත් කට ඇරලා දත් ගණන් කෙළේ නැහැ. ලූතර්ගෙන් පස්සෙ ක්‍රිස්තියානි සංස්කෘතිය ඒක කරන බවක් අඩු තරමෙන් පෙන්නනවා. ඒත් ඔවුන් දැන් අනෙක් අයගෙ කටවල් වහලා.


ඒත් දැන් මේ සියල්ල කඩා වැටෙනවා. 1960න් පමණ පසුව එක්සත් රාජ්‍යයේ ඇරඹුණු බෝන් අගේන් වැනි ක්‍රිස්තියානි ආගම් මේ කඩා වැටීම් කලින් ම තේරුම් ගත් අය වෙන්න පුළුවන්. ඔවුන් හා වෙනත් ක්‍රිස්තියානි ආගම් අතර ඇත්තේ බෞතීස්මය පිළිබඳ වූ මතභේදවලට වැඩි යමක්. ට්‍රම්ප් දේශපාලනික ව මේ ප්‍රවණතාව නියෝජනය කරනවා. එහෙත් එයට පැහැදිලි ඉදිරිමගක් නැහැ. 


බටහිර ක්‍රිස්තියානිකරණයට මුහුණ දුන් මුස්ලිම් සංස්කෘතිය තමන්ට අවශ්‍ය ආකාරයට මෙහෙයවීමට ඉංගිරිසින් වෙනත් මගක් හදා ගත්තා. වහාබ්වාදය යෙදා ගැනීමට ඉංගිරිසින් සමත් වෙලා. මුස්ලිම් සංස්කෘතියේ ආක්‍රමණශීලී බව බටහිරයන් යොදා ගන්නවා. එහෙත් අප සියලු මුස්ලිමුන් එක ගොඩකට දාන්න හොඳ නැහැ. වහාබ්වාදයට විරුද්ධ මුස්ලිමුන් ඉන්නවා. අපට ඔවුන් අවශ්‍යයි. එමෙන් ම ඔවුන්ට අපත් අවශ්‍යයයි. එහෙත් ඒ අවශ්‍යතාව දේශපාලනික ව සංවිධානය කරලා නැහැ. 


අසාද් සාලි, අමීර් අලි වැන්නවුන් බෞද්ධයනට නහි වෙරෙන වෙරානි උගන්නාවි. එහෙත් ඔවුන් පිළිපදින්නේ වෙනත් දෙයක්. අප ඔවුන් පසුපස හඹා ගොස් ඔවුන්ට හා බටහිරයන්ට අවශ්‍ය අන්දමට සිංහලයන්ට විරුද්ධ ජාත්‍යන්තර මතයක් ඇති කිරීමට ඉඩ දිය යුතු නැහැ. අසාද් සාලි කතා කරන්නේ ද්වේෂයෙන්. වෛරයෙන්. ඔහු කියන්නේ මෘතදේහ පුච්චන විට දේහය අයිතිකරුට රිදෙන බවයි. ඔහුට මෙය තවදුරටත් පැහැදිලි කරන්න පුළුවන් නම් හොඳයි. රිදෙන්නෙ කාට ද ? ආත්මයට ද? ආත්මය සිරුර තුළ ම හිරවෙලා ඉන්නවා ද? භූමදානය කළ අයකුගේ සිරුර සම්පූර්ණයෙන් ම පසට එකතු වූ පසු ආත්මය සිරුර තුළ තියෙන්න විධියක් නැහැ. එවිට ආත්මය හරි අර රිදෙන මොකක් හරි තියෙන්නෙ කොහෙ ද? 


අසාද් සාලි පොඩි පරීක්‍ෂණයකට එකඟ වෙයි ද දන්නෙ නැහැ. එකඟ නොවෙනවා නම් හොඳයි. ඒත් අර පඬියන් කියනව පරීක්‍ෂා කරන්න ඕන කියල. අපි ඔවුන්ට යට වෙනවා නො වෙයි. ඒත් ඔය ආදාහනය කරන දේහවලට රිදෙනව ද කියල බලන්න පරීක්‍ෂණයක් පවත්වමු ද? ඒකට ඔය කොහොමත් ආදාහනය කරන බෞද්ධයන්ගෙ මෘතදේහ යොදා ගන්න පුළුවන්.අපි අසාද් සාලිට රිද්දන්නෙ නැහැ.