දැඩි තීන්දු ගත හැකි දේශපාලන නායකත්වයක අවශ්‍යතාව
අපේ ණය ආනයන අපනයන ආදිය පිළිබඳ පහුගිය මාසවල දළ
සටහනක් මෙහි දැක්වෙනවා. මේ මුදල් ඩොලර් මිලියනවලින්. 2022
ජනවාරි වෙළෙඳ ශේෂය -1085 . ඊට පෙර ශේෂය -553.10යි. 2022 ජනවාරි ආනයන 2241. ඊට
පෙර 1754.60යි 2022 ජනවාරි අපනයන 1156. ඊට
පෙර අපනයන 1211.50යි. 2021 සැප්තැම්බර් බාහිර ණය 51117 .43 . ඊට පෙර 50438.48යි. 2021 නොවැම්බර් ප්‍රේෂණ 271.40. ඊට
පෙර 317.40යි. 2021 නොවැම්බර් සංචාරක ආදායම 59.50. ඊට
පෙර 31.60යි.
මෙයින් පෙනී යන කරුණ අවුරුදු හැත්තෑවක් ණයට
කෑමේ ප්‍රතිපත්තිය ඩොලර් අර්බුදය මෙතරම් උග්‍ර ව තිබියදීත් වෙනස් වී නැති බවයි. 2022
ජනවාරියේ අපේ ආනයන ඊට පෙර මාසයට වඩා ඩොලර් මිලියන පන්සීයකින් පමණ වැඩි වෙලා. අපනයන
ඩොලර් මිලියන හැටකින් පමණ අඩු වෙලා. 2021 නොවැම්බර් ප්‍රේෂණ ඊට පෙර මාසයට වඩා
ඩොලර් මිලියන සීයයකින් පමණ අඩු වෙලා.
අප ආනයන අඩු කර අපනයන වැඩි කළ යුතු ව තිබිය දී
ආනයන ඩොලර් මිලියන පන්සීයකින් පමණ වැඩි වෙලා. ප්‍රශ්නය අප අනයනය කර ඇත්තේ මොනවා ද
යන්නයි. අප තෙල් ආනයනයට වියදම් කළ මුදල අඩු වෙන්න ඕන. එසේ තිබිය දී අප ආනයනය කර
ඇත්තේ මොනවා ද? ඒ සඳහා මුදල් වෙන් කර ඇත්තේ කවුද? මහා
බෑංකුව මුදල් වෙන් කිරීමේ දී අනුගමනය කරන ප්‍රතිපත්තිය කුමක් ද?
අද ආණ්ඩුවේ සාමූහිකත්වයක් නැහැ. මෙය යහපාලන
කාලයේදීත් තිබුණා. එපමණක් නොව ඊට බොහෝ කලකට පෙර 1970 ආණ්ඩුව කාලයේත් තිබුණා. බොහෝ දෙනා
අමතක කරන්න උත්සාහ කළත් ඒ ආණ්ඩුවේ ලංකා සමසමාජ පක්‍ෂයත් කොමියුනිස්ට් පක්‍ෂයත්
හිටියා. කොමිුනිස්ට් පක්‍ෂයට හිතවත් හරි ඇඟෑලුම් කමක් පෙන් වූ හරි ලේඛකයන්
විද්වතුන් කොළඹින් ඉඩම් ලබා ගත්තා. සමසමාජ පක්‍ෂය ලේක්හවුස් ජනසතු කිරීමට කටයුතු
කළා. පාන් පෝලිම් හාල් පොලුවලට ඊනියා වාමාංශිකයනුත් දායක වුණා. අද ඇතැම් වමක් නැති
වමාලා පාන් පෝලිම් ශ්‍රී ල නි ප ගිණුමට බැර කරන්න උත්සාහ ගන්නේ තමන් ලේක්හවුසියේ
සේවය කළ බව ද අමතක කරමින්.
1975 දී මගේ භාර්යාව ඕස්ත්‍රේලියාවේ මොනෑෂ්
විශ්වවිද්‍යාලයට එකී විශ්වවිිද්‍යාලයේ ශිෂ්‍යත්වයක් මත එවකට ළදරුවකු වූ ලොකු පුතා
සමග ගියා. ඉන් මසකට පමණ පසුව මා ද එහි ගියා. එවකට මුදල් ඇමති එන් එම් සහෝදරයා. මට
විදේශ විනිමය ලෙස ලැබුණේ ස්ටර්ලිං පවුම් දෙකක් හෝ තුනක් හෝ පමණයි. එකලත් ඩොලර් (විනිමය) හිඟයකට අප මුහුණ දුන්නා. එකල පාන් පෝලිම්වලට
අමතර ව වගා සංග්‍රාමයකුත් තිබුණා. එහෙත් බොහෝ දෙනා එයට සහභාගි වූයේ කැමැත්තකින් නො
වෙයි. අප ඒ ප්‍රතිපත්තිවලට විරුද්ධ වී 1977 දී විශාල වැඩි ඡන්දයකින් ජේ ආර් බලයට
පත් කළා. එදා ඉඳන් අපි ජමුලෙට (IMF) ගිහින්
තව තවත් අර්බුදයට ගියා.
එයටත් පෙර 1969-70 කාලයේ දී මා සසෙක්ස් විශ්වවිිද්‍යාලයේ
සිටිය දී විදේශ විනිමය හිඟයකට රට මුහුණ දුන්නා. මේ පිළිබඳ ව ජී එල් පීරිස් හොඳින් දන්නවා. ක්‍රීඩාවෙහි දක්‍ෂයන්ට
පිරිනමන ශිෂ්‍යත්වයක් මත ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ගිය ඔහුට ශිෂ්‍යත්වයෙන්
පිරිනමන මුදල වියදම් සඳහා මදිවුණා. එවකට තිබූ ඩඩ්ලි සේනානායක ආණ්ඩුව විදේශ විනිමය යැවීමට බාධා ඇති කළා.
ඔවුන් විදේශ විනිමය ඉපයීමේ සහතික ක්‍රමයක් (FEEC) හඳුන්වා දුන්නා. ජී එල්ට අවශ්‍ය අමතර මුදල්
යැවුණේ ඒ ක්‍රමය ආධාර කරගෙන. ජී එල් පීරිස් කළ ක්‍රීඩා මොනවාදැයි මගෙන් අහන්න එපා.
එදත් ඔහු ගේම් කාරයෙක්.
විදෙශ විනිිමය ප්‍රශ්නය හැට ගණන්වල සිට
තියෙනවා. අප කර ඇත්තේ පැලැස්තර විසඳුම් මගින් තාවකාලික ව හුස්ම ගැණීමේ අවස්ථා සපයා
ගැනීම පමණයි. අද එය හුස්ම හිරවෙන තත්වයකට පත් වී තියෙනවා. අද පැලැස්තර නැත්නම කෙටි
කාලීන විසඳුම් අවශ්‍ය නැහැ කියනවා නො වෙයි. අප එයට අමතර ව දීර්ඝකාලීන විසඳුම් ද
සෙවිය යුතුයි. එහෙත් අප පැලැස්තර විසඳුම්වලටවත් තැනක් දෙන්නේ නැහැ. අප ආනයන වැඩි
කරන්නේ මොන ප්‍රතිපත්තියක් මත කටයුතු කරමින් ද?
අද ආණ්ඩුවට නායකයකු නැති බවක් පේනවා. ඒ ඒ අය තමන්ට වුවමනා විධියට වැඩ කරනවා. මේ තත්වය ඉතා භයානකයි. මේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න ඊනියා ආර්ථික විිද්‍යාඥයන් අවශ්‍ය නැහැ. ඔවුන්ට දිය හැකි විසඳුමකුත් නැහැ.අද අවශ්‍ය දැඩි දේශපාලන
තීන්දු ගත හැකි නායකත්වයක්.