දුන්න දුනුගමුවේ හා ඩොලර් මුවා
මට මේ දිනවල දුන්න දුනුගමුවේ මතක් වෙනවා. නාට්‍යය නොවෙයි. සුගතපාල ද සිල්වා කියන්නෙ ව්‍යාජ ප්‍රබුද්ධයන් විසින් පුම්බනු ලැබූ නාට්‍යකරුවකු පමණයි. බල්ලෝ බත් කති. ප්‍රබුද්ධයෝ ඩ්‍රින්ක්ස් ගනිති. මෙරට ඊනියා ප්‍රබුද්ධයෙකු වෙන්න ක්‍රිස්තියානි නූතනත්වයට ආවඩන්න ඕන. හිතින් ජාතිකවාදීන් වෙන කලාකරුවන් ද කටින් ප්‍රබුද්ධයන් වන්නේ තැන රැක ගැනීමට. මා නම් කලාකරුවකුවත් විද්‍යාඥයකුවත් නො වෙයි. මට රැක ගන්න දෙයක් නැහැ. දුන්න දුනුගමුවෙන් මට මතක් වෙන්නෙ අව්‍යාජ ගැමියකුගේ කවිය. ඒ කවිය මතක් වෙන්නෙ ඊනියා ප්‍රබුද්ධයන්ගෙ කතා ඇහෙන කොට. ඊයේ හිටපු මුදල් ඇමතිවරයකු වූ සරත් අමුණුගම දෙරණ වැඩ සටහනකට ඇවිත් කියපු කතා කිහිපයක් දෙරණින් ම අහන්න ලැබුණ. සරත් අමුණුගම සමග සාකච්ඡා කෙළෙත් ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදියෙක් වූ කළිඳු කරුණාරත්න නමැත්තෙක්. මා අමුණුගම දන්නව හඳුනනවා වුණත් කළිඳු හමුවෙලාවත් නැහැ. ඔහු ඉන්නෙ ඉහළ තලයක. ජනමාධ්‍යවේදීන් වේදිනියන් ඉන්නෙ ඉහල තලවල.
සරත් අමුණුගම ආචාර්ය උපාධියක් තියෙන ආර්ථික
විිද්‍යාඥයෙක්. පරිපාලන සේවයේ හිටපු අයෙක්. ඒත් බොහෝ දෙනා දන්නෙ නැතුව ඇති ඔහු
විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුව සිටිය දී ට්‍රොටෙක් බව. ඒ කියන්නෙ ට්‍රොට්ස්කිවාදියෙක්.
මා අහල තියෙන විධියට ඔහු පේරාදෙණියෙ ශිෂ්‍ය සංගමයෙ සභාපති වෙලත් ඉඳල තියෙනවා. ඔහු
අපට වඩා වසර කිහිපයක් ජ්‍යෙෂ්ඨයි. අද ආර්ථික අර්බුදයක් තියෙන බව ආර්ථික විද්‍යාඥයන්
නොවන මා වැන්නන් ද දන්නවා. මා ආර්ථික විද්‍යාව සලකන්නෙ ඒත් අතට මේත් අතට දැනුම්
පද්ධතියක් ලෙස.
අද තියෙන ප්‍රශ්නයට විසඳුමක් අවශ්‍යයි. ඒත් ඒ
සඳහා පළමුව ප්‍රශ්නය දැන ගන්න ඕන. ප්‍රශ්නය ඇති වුණෙ කොහොමද කියල දැන ගන්න ඕන.
එහෙමත් නැත්නම් ආර්ථික අර්බුදයට හේතු දැන ගන්න ඕන. ඒ හේතු අතර සම්බන්ධයක් තියෙන්න
ඕන. දුන්න එක තැනක ඊතල තවත් තැනක රාළ කොහෙවත් සතා වෙනත් කොහෙවත් කතා හරියන්නෙ
නැහැ. අද තියෙන්නෙ ඩොලර් නැතිකම පිළිබඳ ප්‍රශ්නය. එය ආනයන අපනයන ප්‍රේෂණ සංචාරක ව්‍යාපාරය
ආදී දේ හා සම්බන්ධයි. ඩොලර් පිටරට යැවීම සමගත් සම්බන්ධයි. ඩොලර් ගෙන්වා නොගෙනීම
සමගත් සම්බන්ධයි. උන්ඩියල් සමගත් සම්බන්ධයි. රුපියලේ විනිමය අගය සමගත් සම්බන්ධයි.
මේ ආණ්ඩුව බලයට පත් වූ විගස බදු සහන දුන්න.
එයින් සහන ලැබුණු පිිරිස් ඉන්නවා. සමහරුන්ගෙ අර ගෙදර ගෙනියන වැටුපත් වැඩිවිණා. ඒත්
මා හිතන්නෙ ආණ්ඩුව බලාපොරොත්තු වුණෙ ප්‍රධාන වශයෙන් ම ආයෝජකයන් දිරිමත් කිරීම
කියා. එහෙත් එය එසේ සිදු වුණා ද යන්න නම් ප්‍රශ්නයක්. ඒත් අතට මේත් අතට ආර්ථික
විද්‍යාව. ඔය ආයෝජකයන් නිෂ්පාදන ආරම්භ කළා ද කියා මා දන්නෙ නැහැ. ආරම්භ කළත් ඒ
නිෂ්පාදන අපනයන කරාද කියා දන්නෙත් නැහැ. ඒ ගැන දත්ත නැහැ. කොහොමටත් දුන්න
දුනුගමුවෙ.
අර පොහොර වැඩේ. දැන් හැමෝ ම කියනව ඒක හොඳ වැඩක්
කියල. අවුරුදු දහයකට පහළොවකට ඉස්සර අපි ඒක කියන කොට අපිට හිනහ වුණෙ නාථ දෙවියන්වත්
ඇද ගනිමින්. අදත් හිනා වෙනවා. මේ ළඟදිත් කොළඹ හතේ වැඩ වසන හාමුදුරු නමක් නාථ
දෙවියන්ට හිනහ වුණා. අපි කුඹුරු කෙළෙ කලකට පෙර. ජනමාධ්‍ය අපට පහර දුන්න මිසක්
කිසිම සහායක් දුන්නෙ නැහැ. ඒ කොහොම වුණත් මේ පොහොර වැඩෙන් ඩොලර් අර්බුදය උග්‍ර
වුණෙ මෙහෙමයි කියල කවුරුන්වත් කියන්නෙ නැහැ. ආණ්ඩුවත් අර්බුදය යම් පමණකින් හරි අඩු
වුණු බවක් කියන්නෙත් නැහැ. කවුරු හරි පොහොර ගෙන්වීමට ගිය වියදම පිටින් හාල්
ගෙන්වීමට ගිය වියදම ආදිය එකතු කරල අඩු කරල,
අර කවුද කිවුව වගේ ගණකයක් ළඟ තියාගෙන
ගණිතයෙන් පාඩුව හරි ලාභය හරි කියන්න ඕන. අර ඊනියා අශූචි පොහොර නැවට ගෙවන්න සිදු
වුණ මුදල එයට අයිති නැහැ. ඒ මුදල අපි ගෙවුවෙ ඊනියා විද්‍යාඥයන්ට පින් සිද්ධ වෙන්න.
පොහොර කතාව ඊතල කිතලගමුවෙ වගේ කතාවක්.
මෙතන දි පොඩි කාරණයක් කියන්නත් ඕන. මා එතරම්
ගණිතය දන්නෙ නැහැ. ඒත් මා දන්නවා ගණිතය කියන්නෙ එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම
බෙදීම නොවන බව. ඒ ගණනය කිරීම් වර්ගයක් මිසක් ගණිතය නො වෙයි. සමහරු ඒකට අංක ගණිතය
කියාවි. ගණිතයෙ ඔය කියන ගණනය කිරීම් නැහැ.
වියුක්ත සංකල්ප, ප්‍රමේය,
ඇරිස්ගෙ න්‍යාය (logic), ස්වසිද්ධි (axioms), අනිර්වාචිත
භූතාර්ථ
(undefined entities) ආදිය තමයි ගණිතයෙ තියෙන්නෙ. යමක් උපකල්පනය කරල
ඇරිස් න්‍යායට හා අනුමිති නියම (rules of inference) අනුව තර්ක කරල වෙන එකක්
පෙන්වන එක තමයි බොහෝ විට ගණිතයෙ කෙරෙන්නෙ. අර හාමුදුරුවො ප්‍රකාශ කළා බුදුදහම
ගණිතමය හා විද්‍යානුකූල කියා. එහෙම නැහැ. එහෙම වුණා නම් මා බෞද්ධකම අත්හරිනවා.
මේ කිසිවක් අර ගෑස් පෝලිමේ තෙල් පෝලිමේ ඉන්න
අයට වැඩක් වෙන්නෙ නැතුව ඇති. ඒත් ප්‍රශ්නය විසඳන්නෙත් ඔවුන් නො වෙයි. ඒ කුමක්
වුණත් බැසිල් රාජපක්‍ෂට මෝදි ඩොලර් බිලියනයක් දීල කිසිම කොන්දේසියක් නැතුව. බැසිල්
රාජපක්‍ෂට ඉන්දීය අගමැති මෝදි විදේශ ඇමති ජෙයිශංකර් හමුවෙලා. මට හිතුනෙ බැසිල් ඉන්දියාවෙ
මුදල් ඇමති කියල. කොහොම වුණත් හැංගි හැංගි
වෙස් බැන්දත් නටන්න වෙන්නෙ එලියෙ. රාළ මීගමුවෙ.
මේ ආණ්ඩුව ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් වැරදි
දෙකක් කරල තියෙනවා. එකක් ජනතාව සරල ජීවන රටාවකට හුරු නොකිරීම. සිංහල වෙදකම ගොවිකම
ආදී දැනුමට තැනක් දීමට කටයුතු නොකිරීම. දෙවැන්න උන්ඩියල් ක්‍රමයට රුපියල ඩොලරයට
සාපේක්‍ෂ ව ඉහළ යද්දීත් රුපියල නිශ්චිත අගයක පවත්වාගෙන යෑම. අඩු තරමෙන් රටවිරුවන්ට
හොඳ මිලක් ඩොලර්වලට ගෙවුව නම් වසංගතය නිසා සංචාරක ඩොලර් අහිමි වෙත්දි ඩොලර් ටිකක්
උපයා ගන්න තිබුණා. ජාමූලෙට නොගිය එක වරදක් නො වෙයි. ජාමූලෙ රනිල්ගෙ මහගෙදර. අද
ජාමූලෙටත් ඉන්දියාවටත් යන්න වෙලා. ජේ ආර් ඉන්දියාවටත් ජාමූලෙටත් යට වීම ප්‍රශ්නයෙ
මුලක් පමණයි. අවාසනාවකට අපට ඉන් බැහැර වෙන්න අපහසුයි. ඒත් බැරි නැහැ. මුවා ඉන්නෙ
සබරගමුවෙ. අපි සරල බවට යොමු වෙමු.