අර්බුදය ඇති කළ අයකු වූ තිස්ස අත්තනායකටත් විසඳුමක් නැහැ
සර්ව පාක්‍ෂික සම්මේලනය පංච පාක්‍ෂික රැස්වීමක් බවට පත් වීමේ අනතුරක් තියෙනවා. මා හිතනවා මෛත්‍රිපාල හා රනිල් එයට සහභාගි වේය කියා. තිස්ස අත්තනායක නම් කියල තම පක්‍ෂය සහභාගි වෙන්නෙ නැහැ කියල. ඒක හොඳයි. මා ඊයේ කී විධියට ෂෝටිස් සඳහා යන වියදම අඩුවේවි ද? ලංකාවෙ සිරිතක් තියෙනව දානෙකට එහෙම එන්න බැරි වෙන අයට කෑම ටිකක් යවන. තිස්සටත් මොනව හරි අරින්න. ඔහු දක්‍ෂයෙක් වෙන්න ඕන. මහියංගනයට කිට්ටු පළාතකින් ඇවිත් එ ජා පක්‍ෂයෙ ලේකම් වෙන එක පොඩි වැඩක් නො වෙයි. ඔහුට ෂෝටීස් ටිකක් යවන එක මෙළොවට කොහොම වෙතත් එළොවට හොඳයි.
තිස්ස අත්තනායක සම්මේලනයට ගිහින් මොනව කියන්න ද? ඔහුට
විසඳුමක් නැහැ. ඔය යන්නෙ නැති පක්‍ෂවලට විසඳුම් නැහැ. සම්මේලනය ප්‍රෝඩාවක් වගේ
කතාවක් කියල තම බැරි කම වහ ගන්නවා. මුජිබර් රහමන් කියල තිබුණ පාර්ලිමේන්තුව සර්ව
පාක්‍ෂික සම්මේලනයක් කියල. ඒක කියන්න තිබුණෙ ජේ ආර්ට. මුජිබර්ට විසඳුමක් තියෙනව
නම් පාර්ලිමේන්තුවෙ දි කියන්න. අපි තරහ වෙන්නෙ නැහැ. තරහ වෙන්න යාළු වෙලා හිටියෙත්
නැහැ. ඔය කවුරුත් මොන කතා කිවුවත් ප්‍රශ්නයට විසඳුම් නැහැ. ඒත් හැමෝ ම ප්‍රශ්නයට
වග කියන්න ඕන. තිස්සත් එක්ක.
මෛත්‍රිපාල නම් යනවා. ඔහු තමයි සම්මේලන යෝජනාව
ගෙනාවෙ. ඒ ජාතික ආණ්ඩුව කඩා කප්පල් කරන්න කියල මට හිතෙන්නෙ. කොහොමත් මෛත්‍රිපාලට
කියන්න මොනව හරි තියෙනවා. විසඳුම් නො වෙයි. යහපාලන කාලෙ මෙහෙම අර්බුද තිබුණෙ නැහැ
කියාවි. කාදිනල්තුමා සම්මේලනයට එන්නෙ නැති එකත් හොඳයි. රතන හාමුදුරුවො වඩින්නෙ
බයිල කියන්න. තිස්ස විතාරණට ඕවයින් වැඩක් නැහැ. වොයිස්කට් එකක් දී ගත්තොත් ඒ ඇති.
රනිල්ට විතරයි විසඳුමක් කියල තමා හිතන දෙයක් හරි තියෙන්නෙ. ඔහු ජාමූලට යන්න
කියාවි.
ඉතා පැහැදිලි ව මේ කිසිවකුට විසඳුමක් නැහැ. අර
මැති ඇමතිවරුන්ගෙ ආර්ථික උපදේශක මණ්ඩලය පත් කරා ම ජනමාධ්‍යවේදීන් කෑ ගහන්න ගත්ත
උගතුන් විශාරදයන් පත් කරන්න කියල. ජනමාධ්‍යවේදීන් හැම තිස්සෙ ම ඉල්ලන්නෙ ආචාර්ය
මහාචාර්යවරුන් විශේෂඥයන් ව්‍යාපාරිකයන් ආදීන්. තමනුත් උගතුන් නොවැ. ආණ්ඩුව පහුගිය
දා දහසය දෙනකුගෙන් සමන්විත එවැනි කමිටුවක් පත් කළා. ඔවුන් හරි දක්‍ෂයන්. ඊයෙ ම
වාර්තාවක් ඉදිරිපත් කරල. විසඳුමක් දීල. තව තවත් කමිටු හා උපදේශකයන් පත්
කරන්නලු.
දැන් ජනමාධ්‍යවේදීන් පසු බහින්නෙ නැහැ. ඔවුන්
කියන්නෙ කමිටු ඉක්මනින් පත් කරන්න කියල. ඒ කමිටුවල තීරණ එන්න පමා වෙයි කියල බයක්
ජනමාධ්‍යවේදීන්ට තියෙනවා. ඒ කමිටුවලට තියෙන්නෙ තවත් කමිටු පත් කරන්න නිර්දේශ
කරන්න. අනේ ඇත්තට මෙහෙම උගත්තු. මේ අධ්‍යාපනයෙ ප්‍රතිඵල. නරක ද කවුරු හරි පහුගිය
අවුරුදු පනහ ඇතුළත ලංකාවෙ විශ්වවිිද්‍යාලවලින් බිහිවුණු ආර්ථිකවිද්‍යා උපාධිධාරීන්
සංඛ්‍යාව හොයල බලනව නම්. ඒ වැඩේට ලොකු මුදලක් යාවි ද?
ඩොලර් ප්‍රශ්නයට විසඳුම් දෙන්න බැහැ ඩොලර්
අර්බුදයට හේතු දන්නෙ නැතුව. සාමාන්‍ය ජනතාව බොහෝ වෙලාවට අහනව පාලකයන්ට මේ දුක
පේන්නෙ නැද්ද කියල. ජනමාධ්‍යවේදිියොත් ඒක අහනව. මේ ප්‍රශ්නය දැන ගන්න පෝලිමක ඉන්න
ඕන නැහැ. දේශපාලනඥයන් විතරක් නොවෙයි ව්‍යාපාරිකයනුත් පෝලිම්වල ඉන්නෙ නැහැ. ජනමාධ්‍යවේදීන්
පෝලිමට යවන්නෙ කාව ද? මාත් පෝලිමට යන්නෙ නැහැ. මට තෙල් අවශ්‍ය
නැහැ. කිරිපිටි අවශ්‍ය නැහැ. මා ළඟ කොහොමටත් ගෑස් තියෙනවා. ජනමාධ්‍යවේදීන් ජෙප්පන්
හා සෙප්පන ඒ බව දන්නවා.
මා මාර්තු 5 වැනි දා ලිපියේ මෙසේ සඳහන් කළා. “අපේ ණය ආනයන අපනයන ආදිය පිළිබඳ පහුගිය මාසවල දළ සටහනක් මෙහි
දැක්වෙනවා. මේ මුදල් ඩොලර් මිලියනවලින්. 2022 ජනවාරි වෙළෙඳ ශේෂය -1085 . ඊට පෙර ශේෂය -553.10යි.
2022 ජනවාරි ආනයන 2241. ඊට පෙර 1754.60යි 2022
ජනවාරි අපනයන 1156. ඊට පෙර අපනයන 1211.50යි.
2021 සැප්තැම්බර් බාහිර ණය 51117 .43 . ඊට පෙර 50438.48යි. 2021 නොවැම්බර් ප්‍රේෂණ 271.40. ඊට
පෙර 317.40යි. 2021 නොවැම්බර් සංචාරක ආදායම 59.50. ඊට
පෙර 31.60යි.
මෙයින් පෙනී යන කරුණ අවුරුදු හැත්තෑවක් ණයට
කෑමේ ප්‍රතිපත්තිය ඩොලර් අර්බුදය මෙතරම් උග්‍ර ව තිබියදීත් වෙනස් වී නැති බවයි. 2022
ජනවාරියේ අපේ ආනයන ඊට පෙර මාසයට වඩා ඩොලර් මිලියන පන්සීයකින් පමණ වැඩි වෙලා. අපනයන
ඩොලර් මිලියන හැටකින් පමණ අඩු වෙලා. 2021 නොවැම්බර් ප්‍රේෂණ ඊට පෙර මාසයට වඩා
ඩොලර් මිලියන සීයයකින් පමණ අඩු වෙලා.
අප ආනයන අඩු කර අපනයන වැඩි කළ යුතු ව තිබිය දී
ආනයන ඩොලර් මිලියන පන්සීයකින් පමණ වැඩි වෙලා. ප්‍රශ්නය අප අනයනය කර ඇත්තේ මොනවා ද
යන්නයි. අප තෙල් ආනයනයට වියදම් කළ මුදල අඩු වෙන්න ඕන. එසේ තිබිය දී අප ආනයනය කර
ඇත්තේ මොනවා ද? ඒ සඳහා මුදල් වෙන් කර ඇත්තේ කවුද? මහා
බැංකුව මුදල් වෙන් කිරීමේ දී අනුගමනය කරන ප්‍රතිපත්තිය කුමක් ද?”
ජනාධිපතිතුමා වාහන ආනයනය නතර කරල තියෙද්දි ආනයන
වියදම වැඩි වුණෙ කොහොම ද? අප ආනයනය කෙළෙ මොනවා ද? මහා
බැංකුව විස්තර ඉදිරිපත් කරනව නම් හොඳයි. පෙබරවාරි මාසයට වඩා මාර්තු මාසයෙ තෙල්
ආනයනය කරල තියෙනවා. අපට මාසිකව අවශ්‍ය තෙල් ප්‍රමාණයට වඩා ආනයනය කරල තියෙනව
කියනවා. ඒත් තෙල් හිඟයක් තියෙනවා. පාරෙ වාහන දුවනවා. බූලිවල තෙල් තියෙනවා.
අද තියෙන ප්‍රශ්නය විශාල ප්‍රශ්නයක් නො වෙයි.
ආණ්ඩුවේ කළමනාකාරිත්වය වෙන ආණ්ඩුවල කළමනාකාරිත්වයට වඩා වෙනස් නැහැ. අර හිටපු
නියෝජ්‍ය බැංකු ලොක්කා ඩොලර් ගැන කියන කතා ඩොලරයක් වටින්නෙ නැහැ. ඔහු එ ජා ප
ගැත්තෙක්. ආර්ථික විිද්‍යාව ඒත් අතට මේත් අතට. උපාධිය ලත් විගස මට එක් ආචාර්යවරයකු
උපදෙස් දුන්නා ආචාර්ය උපාධිය සඳහා ආර්ථික විද්‍යාමිතික (econometrics) හදාරන්න කියා. මා ඔහුට කිවුවා මටත්
මනෝමයෙන් යම් යම් වැඩි කිරීම් ආදිය කරන්න පුළුවන් නමුත් ඔය ගණනය කිරීම්වලට මා
කැමති නැහැ කියල. අවුරුදු පහළොවේ පමණ කාලයේ සිට මට අවශ්‍ය වුණෙ සංකල්ප ප්‍රවාද
(කතන්දර) ආදිය සමග සෙල්ලම් කරන්න. පඬියන් සමග ගේම් ගහන්න. දැන් මට ඇරිස් එක්ක
ඇරියස් තියෙනවා.
ක්‍රිස්තු වර්ෂ 980 උපන් පර්සියන් බුද්ධිමතකු වූ
අවිසෙන්නා දාර්ශනිකයෙක් වෛද්‍යවරයෙක්. කාලෝ ඔහු ගැන දැන සිටියා ද කියා දන්නේ නැහැ.
සමහරවිට අවිසෙන්නා කාලෝ ගැන දැන සිටින්න ඇති. අවිසෙන්නා ඇරිස්ගේ ආභාසය
ලද්දෙක්. අවිසෙන්නා චතුස්කෝටිකය ගැන කියා
ඇත්තේ නිරවිසංවාදී නියමය (law of non-contradiction) ප්‍රතික්‍ෂෙප කරන්නන් ඒ පිළිගන්නා තුරු
පුලුස්සන්න ඕන කියා. එය තරමක විසංවාදයක්. ඒ කෙසේ වෙතත් තවමත් අවිසෙන්නාලා ඉන්නවා.
ඩොලර් අර්බුදයත් සමග ඔවුන්ට පිනුම් ගහන්න අවස්ථාවක් ලැබිල.
දුක දුකට හේතුව දුක නැති කිරීම දන්නා බෞද්ධයනට
ඩොලර් හිඟය, හිඟයට හේතුව හිඟය නැති කිරීම ප්‍රශ්නයක් නො
වෙයි. එහෙත් ඇරිස්ගේ ගෝලයන්ට එයට පිළිතුරු නැහැ. ඔය මොන කොමිටි දැම්මත් නිෂ්පාදනය
(කෘෂිකාර්මික ද ඇතුළුව) වැඩි නොකර සරල ජීවිතයකට පුරුදු නොවී ප්‍රශ්නය විසඳන්න
බැහැ. මෙය චක්‍රීය කතාවක්. ඇරිස්ට අවිසෙන්නාට පිළිතුරු නැහැ. ජනතාව ආණ්ඩුව එක්ක
තරහෙන් ඉන්නෙ. ඒත් ජනතාව දන්නවා යස් වී කැන් (yes, we can) කිවුවට
සජිත්ටත් අනෙක් අයටත් විසඳුම් නැති බව. අර්බුදයට ඒ හැමෝමත් මධ්‍යම පංතියත් වග
කියන්න ඕන. ලිබරල්වාදය මෙන් ම ඊනියා සමාජවාදයත් වග කියන්න ඕන.