ඔළුවෙන් වැඩ කරමින් ඇඹරෙන ජාතිය
මුහුණු පොතේ මෙන් ම වෙනත් තැන්වල ද ඇසෙන කතාබහ ඉතා වැඩි වේගයකින්
ඉංගිරිසිකරණයට ලක්වෙමින් පවතිනවා. භාෂාවක් එක තැන පල්වෙන්නෙ නැහැ කියලා අපට කියලා
දෙන්න වාග්විද්‍යාඥයන් හරි වෙනත් පඬියන් හරි අවශ්‍ය වෙන්නෙ නැහැ. භාෂාවක් වෙනස්
වෙනවා. පාළි සංස්කෘත දෙමළ තෙළිඟු මලයාලම් ආදී නොයෙක් ඉන්දීය සම්භවයක් ඇති
භාෂාවලින් මෙන් ම පෘතුගීසි ලන්දේසි ඉංගිරිසි ආදී බටහිර භාෂාවලින් ද සිංහලයට වචන
එකතු වෙලා තියෙනවා. ඒ වගේ ම ප්‍රස්තා පිරුළු ආදිය ද එකතු වෙලා තියෙනවා.