Main Logo

Showing posts with label 20A. Show all posts
Showing posts with label 20A. Show all posts

Tuesday, 5 March 2019

ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට හුළං


ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට හුළං



ජ වි පෙ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන ම පක්‍ෂය බවට පත්වෙලා. මොන තරම් දෙයක් ද? විධායක ජනාධිපති ක්‍රමය තරම් ප්‍රජාතන්ත්‍ර විරෝධී දෙයක් මෙරට ඇති වී නැත වගේ හැඟීමක් ජ වි පෙ නායක සහෝදරවරු කතා කරන කොට හිතෙනව. ජ වි පෙ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට දිවි හිමියෙන් කැප වී වැඩ කරනවා. ඔවුන් විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයක් කියල එකක් ගෙනාවෙ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමටයි.

Wednesday, 10 October 2018

විස්ස කුණු කූඩයට විසි කරමු


විස්ස කුණු කූඩයට විසි කරමු



විස්ස ගැන ශ්‍රෙෂ්ඨාධිකරණය දුන් තීන්දුව ප්‍රකාශ වෙලා. එහි වගන්ති හයක් හැරෙන්න අනෙක් වගන්ති සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි කියල තීන්දුවෙ තියන බවට ආරංචියි. මා තවම තීන්දුව කියෙව්වෙ නැහැ. ඒත් ඒ කතාව විශ්වාස කරන්න පුළුවන්. විස්ස කියවන කොට එහි බොහෝ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව මටත් තේරුණා. 

Sunday, 27 May 2018

විස්ස පිටුපස ගෝඨා භයත්


විස්ස පිටුපස ගෝඨා භයත්



විස්ස ගෙනැත් තිබෙන්නේ කුමකට ද? ජ වි පෙ තමයි එය කතානායකට බාර දීල තියෙන්නෙ. ඒකෙ පිටිපස්සෙ එ ජා ප ඉන්නවා. සම්ම ජාතියෙ ඡන්දයකින් ජනාධිපතිවරණයක් දිනන්න බැරි රනිල් අඩුම තරමෙන් ජනාධිපති පාර්ලිමේන්තුවෙන් පත්කරන එකට පක්‍ෂයි. මෙරට උඩ දේශපාලනය කෙරෙන්නෙ ප්‍රධාන වශයෙන් ම පෞද්ගලිකත්වය පදනම් කරගෙන. ජේ ආර් විධායක ජනාධිපති ක්‍රමය පිහිටෙව්වෙත් ඔහුගෙ පෞද්ගලික සුභ සිද්ධියට. අද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යන්නෙත් පෞද්ගලික කරුණු නිසා මිසක් රට ගැන කල්පනා කරලා නො වෙයි. 

Saturday, 26 May 2018

දහනවයට පෙර විස්ස


දහනවයට පෙර විස්ස



ඊයේ විසිවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනැල්ලා. එ ජා ප වෙනුවෙන් ජ වි පෙ එය කතානායකට බාර දීලා. ජ වි පෙ සමග මාක්ස්වාදය ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. ඔවුන් ඒ මළඉලවු මාක්ස්වාදය රටට ගලප්පන්න හැදුව කාලෙකට උඩ දි. ඔවුන් වරද්ද ගත්තට මාක්ස්වාදය සමතික්‍රමණය කරන්නන් ගැන කතාකරන අද ඉන්න ව්‍යාජ පඬියන්ට (මේ පඬියන්ට හා පඬි පෝතකයන්ට ඊනියා සමතික්‍රමණයක් ගැන හිතන්නවත් බැහැ. ඔවුන් කිසිම නිර්මාණශීලිත්වයක් නැති අනුකාරකයන් අහිනක්. ඔවුන්ට පුළුවන් බටහිරයන් කියන දෙයක් තමන්ට තේරෙන ආකාරයට අනෙක් අයට සිංහලෙන් කියන එක.  බැරිවෙලාවත් ඉංගිරිසියෙන් කිව්වොත් ඔවුන් විහිළුකාරයන් බව නොදන්න ඉංගිරිසියෙන් කියවන අයට මහා ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා.) වඩා අඩු තරමෙන් රටට ගලප්පන්න හිතුවා.