Main Logo

Thursday 13 October 2016

නැගෙනහිර මුස්ලිම් ජනයා

නැගෙනහිර මුස්ලිම් ජනයා

මරික්කර් යන්න අරාබියෙන් චේර දේශයට  හා පාණ්ඩ්‍ය දේශයට ලී ඔරුවලින් පැමිණි නායකයන් හැඳින්වීමට යෙදුණත් පසුව සියල්ලන්ට මරික්කාර් යන නම යෙදී ඇති බව මගේ පළමු ලිපිවලින් පැහැදිලි වන්නට ඇති. මරික්කර් හෙවත් මරෙයික්කර් යන්න මරික්කල වීමේ දී බල පෑ ර හා ල අකුරු මාරුවෙීමේ සිංහල සම්ප්‍රදායත් මා කියා ඇති. මේ ර හා ල මාරුවීම අද උතුරු ඉන්දියාවේ කතාකරන සමහර භාෂාවලත් පොදු ලක්‍ෂණයක්. මුස්ලිමුන් මෙරට දී මරක්කල වූයේ එසේයි. ඇතැමුන් මගේ අදාළ ලිපි සියල්ල නොකියවා තමන්ට කැමති ලිපියකින් පමණක් කරුණු ගන්නවා. මෙය කිසිසේත්ම යහපත් සම්ප්‍රදායක් නොවෙයි. ඒ ලිපි මෙසේයි.

https://m.facebook.com/story.php...

https://m.facebook.com/story.php...
https://www.facebook.com/permalink.php?story_fbid=313018402410892&id=188511888194878


මේ ලිපිවල අරමුණ මෙරට මුස්ලිමුන්ගේ කතාව කීමයි. මුස්ලිමුන් පමණක් නොව දෙමළ ජනයා ද මෙරටට පැමිණ ඇත්තේ මෑතකදීයි. ඉන්ද්‍රපාලගේ ආචාර්ය උපාධිය ගැන අප අවුරුදු විසිපහක් පමණ කතාකර තිබෙනවා. ඒත් තවමත් සිංහලයන් බොහෝ දෙනකු ඒ ගැන දන්නේ නැහැ. ඇතැමුන් කියන පරිදි නම් මා අදහස් වෙළෙදාම් කරන්න දන්නේ නැහැ. අලෙවිකරණය මා දන්නා දෙයක් නොවෙයි. අනෙක් අතට සිංහලයන් සංකල්පීය ව හිතන්නේ නැහැ. බුදුදහම සංකල්පවලට වැදගත්කමක් නොදීම  එයට හේතුවක් වෙන්න පුළුවන්.

කලින් දිනක සඳහන් කළ ජනමාධ්‍යවේදිනිය මුස්ලිමුන්ගේ ඉතිහාසය ගැන දැනගන්න උනන්දු වුනේ නැහැ. ඇතැමුන් කියන්නේ ඉතිහාසය වැඩක් නැහැ. අපි තියෙන තැනින් පටන් ගනිමු කියලා ඒ අය පඬි කතාවක් කියනවා. අප රටට ස්විට්සර්ලන්තයෙන් හරි සිංගප්පූරුවෙන් හරි විසඳුම් හරියන්නේ නැහැ. ඒ රටවලට දිර්ඝ ඉතිහාසයක් නැහැ. අපට මෙන් දීර්ඝ ඉතිහාසයක් ඇත්තේ චීනයට පමණයි. අප රටේ තබා කිසිම රටක සංස්කෘතීන් සමාන නැහැ. අද ලෝකයේම අධිපතිවාදී සංස්කෘතිය යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය. ඉනුත් ඇංග්ලිකන් සංස්කෘතිය. බොහෝ උගතුන් එය පිළිගන්නවා. මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියේ විශේෂත්වයක් තිබෙන බව ඔවුන් පිළිගන්නේ නැහැ. මෙරට ජාතිය සිංහල. මුස්ලිම් හා දෙමළ ජනවර්ග. අප ඉතිහාසය නොදැන ඒ බව දැනගන්නේ කෙසේ ද? අද ප්‍රශ්නය දෙමළ හා මුස්ලිම් ජනවර්ග ජාතියට ඇතුළත් කරගන්නේ කෙසේ ද යන්න මිස ඊනියා ජාතියක් අළුතෙන් ම ගොඩනැගීම නො වෙයි. 

ලංකාවට පැමිණි මුස්ලිමුන් පදිංචි වී ඇත්තේ බස්නාහිර වෙරළ තීරුවේ හා ආශ්‍රිත ප්‍රදේශවල. මා කලින් කී පරිදි එය සිදුවූයේ දහහතරවැනි සියවසේ දී. පෘතුගීසින් හා ස්පාඤ්ඤයන් මුස්ලිමුන් සමග වෛරයකින් පසු වූවා යැයි කියන්න පුළුවන්. මුස්ලිමුන් ක්‍රි ව 711 සිට 1492 දක්වා ඉබේරියනු අර්ධද්වීපය (ස්පාඤ්ඤය) මුළුමනින් ම නොවූවත් පාලනය කර තිබෙනවා. එය සෑමවිට ම එකම ශක්තියකින් පැවතුණේ නැහැ. 1506 දි පෘතුගීසීන් ලංකාවට පැමිණියාට පසුව ඔවුන් බස්නාහිර පදිංචි වෙලා සිටි මුස්ලිමුන්ට හිරිහැර කළා, පීඩනයට පත්කළා. ඒ වන විට මුස්ලිමුන් ඇවිල්ල අවුරුදු එකසිය පනහක් පමණ වෙන්න ඇති. මුස්ලිමුන් සිංහල සංස්කෘතියට අවශෝෂණය වුනේ නැහැ. ඉන් පෙර ලංකාවට පැමිණි සියළු ජනකොටස් සිංහල සංස්කෘතියට අවශා්ණය වුනා. මුස්ලිම් සංස්කෘතිය එසේ අවශෝෂණය වීමට ඉඩ දෙන්නේ නැහැ. එක්තරා ආකාරයකින් ගතහොත් දෙමළ හා මුස්ලිම් ජාතිවාදයේ ආරම්භය එතැනයි.

පෘතුගීසීන් මුස්ලිමුන්ට තාඩන පීඩන කරන විට මුස්ලිමුන්ගේ ආධාරයට පැමිණියේ සිංහල රජවරුන්. විශේෂයෙන් ම සෙනරත් රජු. සෙනරත් රජු මුස්ලිමුන් යම් පිරිසක් උඩරට පෙදෙස්වල පදිංචි කළා. හාරිස්පත්තුව ගම්පෛාළ ආදී ප්‍රදේශ ඒ සම්බන්ධයෙන් විශේෂයි. ගම්පොළ සිංහල මුස්ලිම් ගැටුම ගැන පස්සෙ කතාකරමු. සෙනරත් රජු මුස්ලිමුන් පදිංචි කෙළේ උඩරට ප්‍රදේශවල පමණක් නො වෙයි. අද නැගෙනහිර පළාත නමින් කියැවෙන එකල රුහුණේ ප්‍රදේශවලත් මුස්ලිමුන් පදිංචි කළා. විග්නේස්වරන් කියන විධියට නැගෙනහිර පළාතේ දෙමළ ජනගහනයක්වත් රාජ්‍යයක්වත් තිබුණේ නැහැ. මුළු ලංකාව ම පෘතුගීසීන්ගේ පාලයට යටත් ප්‍රදේශ හැරෙන්නට පාලනය කෙළේ සිංහල රජවරු. එසේ නොවී නම් සිංහල රජවරුන් රුහුුණේ ප්‍රදේශවල මුස්ලිමුන් පදිංචි කෙළේ කෙසේ ද?

අප තේරුම් ගතයුතු කරුණක් තිබෙනවා. මුළු ලංකාව ම සිංහලයන්ගේ නිජභුමිය. සිංහලයන්ගේ ආරම්භය විජයට ලඝු කරන්න බැහැ. මහාවංසයේ ඇති කරුණු අප පිළිගන්නේ සාධක සමගයි. ගැමුණු රජු ගැන කියන බොහෝ දේ අප පිළිගන්නේ ඒ සඳහා තතු (ඉංගිරිසි ෆැක්ට්ස්) ඇති නිසයි. රුවන්වැලි සෑය මිරිසවැටිය ගැමුණු රජු ගැන ඇති තතු. ඒත් එතුමාගේ බිසව ගැන වැඩි සඳහනක් මහාවංසයේ නැහැ. එවිට අපට ඒ තතු සොයන්න වෙනවා. අපට සංගත කතා අවශ්‍ය වෙනවා. අප කරන්නේ මහාවංසයට ඌණ පූරණයක්. සිංහලයාගේ ආරම්භය විජයගෙන් බොහෝ ඈතට යනවා. සිංහ වාංශිකයන් කිහිප අවස්ථාවක දී ම මෙරටට පැමිණ ඇති බව පැහැදිලියි. ඔවුන් එකල මෙරට සිටි හෙළයන් (අපි ඔවුන්ට මූල-ප්‍රොටෝ- සිංහලයන් යැයි කියමු.) සමග ගැටුම්, විවාහ ආදිය මගින් මිශ්‍ර වී සිංහල ජාතිය ගොඩනැගුවා. අප  මුල සිංහලයන් කියන සංකල්පය කලිනුත් යොදාගෙන තිබෙනවා.

මෙරට මූල දෙමළ හෝ මූල මුස්ලිම් හෝ මූල බර්ගර් හෝ ආදී වශයෙන් පිරිස් නැහැ. එවැනි සංකල්ප ගොඩනගන්නත් බැහැ. මුස්ලිම් ජනකොටස දහහතරවැනි සියවසේ පැමිණ සිංහලයන් සමග මිශ්‍ර නොවී මලයාලම් වචන සහිත දෙමළ බසක් කතාකරමින් ජීවත්වී ඇති බව පැහැදිලියි. සිංහලයන් ඔවුන් සිංහල බෞද්ධ කිරීමට ගියේ නැහැ. සිංහල රජවරුන් උඩරට පෙදෙස්වල හා රුහුණේ් ඔවුන් පදිංචි කිරීමේ දී සිංහල බෞද්ධ විය යුතු ය කියා කොන්දේසියක් දැම්මේ නැහැ. ඒ එක ප්‍රදේශයක්වත් මුස්ලිම් නිජභූමියක් නො වෙයි. ඊනියා දෙමළ නිජභුමි ගැන කියන්න තියෙන්නෙත් එපමණයි. දෙමළ ජනයා වත්මන් උතුරු හා නැගෙනහිර පළාත්වල පදිංචි කර ඇත්තේ ලන්දේසීන් හා ඉංගිරිසින්. යාපනයේ වෙල්ලාලයන් පදිංචි කෙරුවේ ලන්දේසීන්. ලන්දේසීන් වෙල්ලාලයන් දකුණු අප්‍රිකාවේ නැටෝල් ප්‍රදේශයේත් පදිංචි කෙරුවා. එපමණකින් නැටෝල් ප්‍රදේශය දෙමල නිජභුමියක් වන්නේ නැහැ.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද/ කාලය වෙබ් අඩවියෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/
https://www1.kalaya.org
නලින් ද සිල්වා
2016 ඔක්තෝම්බර් 13